Breaking
23 Feb 2025, Sun

මෛත්‍රී කෙරුවාවට කෙලවෙයි – විපක්ෂ බලය මහින්ද වාදින් අතට

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හවුල්කාර පක්‍ෂ හා ජාතික ආණ්‌ඩුවට සම්බන්ධ නොවන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එක්‌වී අලුත් පක්‍ෂයක්‌ පිහිටුවා ගැනීමට සියල්ල සුදානම් බව වාර්තා වේ.ඒ සදහා සන්ධාන මෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 60 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සුදානමින් සිටින අතර එම කණ්ඩායමේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

නව පක්‍ෂය පාර්ලිමේන්තු විපක්‍ෂයේ කාර්යභාරය ඉටුකිරීමේදී මුලදී එජනිසය තීන්දු කර තිබූ පරිදි විපක්‍ෂ නායක ලෙස කුමාර වෙල්ගම මහතාගේ නම නව පාර්ලිමේන්තුවේ කථානායක වෙත භාර දීමට කටයුතු කරන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ, මේ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් සහ සන්ධානයේසෙසු පක්ෂ සමග එක්ව විකල්ප ජාතික පෙරමුණක් ලෙස කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ, ජනවරමට පටහැනිව කටයුතු කරන හවුල් ආණ්ඩුවට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙවර පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ලංකා සමසමාජ පක්ෂයද ජාතික ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව එහි නායක තිස්ස විතාරණ මහතා අවධාරණය කළා.ඔහු පෙන්වා දෙන්නේ, මේ වනවිටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊට අදාළ මූලික සාකච්ඡා සිදුකර ඇති බවයි. මේ අතර, දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණද විපක්ෂය වෙනුවෙන් පෙනී සිටීමට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන්.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.