Featured

මෛත්‍රීට දෙන්න ගිහින් නිමල් ඇනගෙන

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීම ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ආ හැකි වරදක් බවත් මෙම කුමන්ත්‍රණය පසුපස එක්සත් ජාතික පක්ෂ නායකයා සහ රනිල් පිළේ කණ්ඩායමක් සිටින බව තමන් පෙන්වා දුන්නද ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සිටි බව  නිමල් සිරිපාල අමාත්‍යවරයා අනාවරණය කර තිබේ.

නිල ජාතික ගීයක් තිබියදී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් බැවින් එය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි තරමේ බරපතළ වරදක් බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ‍ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා පෙන්වා දුන්නා.

“ජාතික ගීය බිහිවූදා සිට ශ්‍රී ලංකා තායි නමින් දෙමළ අනුවාදයක් තිබෙන බව සත්‍යයක්. එය ජාතික ගීයක් බවට පත්වෙන්න නම් 83 වැනි වගන්තියේ දැක්වෙන ආකාරයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනතා අනුමැතිය අනුව හත්වැනි වගන්තිය සංශෝධනය කර තුන්වැනි උප ‍ලේඛනයත් මෙම ගීතයත් ඇතුළත් කළ යුතු වෙනවා. එහෙම කළේ කවදාද? මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978දී සම්මත කරන විටත් මේ දෙමළ අනුවාද තිබුණා. 1952 සිට මෙම දෙමළ අනුවාදය තිබෙනවා. හැබැයි එය අපේ රටේ නිල ජාතික ගීය නොවෙයි.”

“අපේ නිල ජාතික ගීය වෙනුවට වෙනත් යමක් ගායනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි වගන්තිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක්. එය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි මට්ටමේ බරපතළ වරදක්.”

 සිරිපාල දෙන්න ගිහින් ඇනගනී 

මේ අතර නිමල් සිරිපාල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය ආරම්භ වීමත් සමග ප්‍රකාශයක් කරමින් FCID ආයතනය විසුරුවා හරින මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ගොස් පිචං වු පුවත්ක්ද වාර්තා වේ.

එම ප්‍රකාශය ජනාධිපතිවරයා මැදිහත් වී අතරමග නැවැත්වූ අතර “කාටවත් FCID විසුරුවා හරින්න කියන්න අයිතියක් නෑ එම ආයතනය කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී පිහිටවපු එකක්. යෝෂිතව අත්අඩංගුවට ගැනීමේ කිසිම පලි ගැනීමක් නෑ. අවුරුද්දකට වැඩිය පරික්ෂණ කරලා බොහොම පැහැදිලි සාක්ෂි ඇතිව තමයි ඒක කරලා තියෙන්නේ. අනික ශිරන්තිවත් අත්අඩංගුවට ගන්න ඕනාවටත් වැඩියෙන් සාක්ෂි තියන විත්තිය ඔය කොයි කවුරුත් දන්නවනේ. ගෑනු කෙනෙක් නිසා තමයි මම ඒකට ඉඩ නොදී ඉන්නේ. මීට පස්සේ ඔය කථා කොහෙවත් කියන්න ලෑස්ති වෙන්න එපා. එහෙම උනොත් මටවත් කරන්න දෙයක් නැති වෙයි” යනුවෙන් ජනාධිපතිවරයා උස් ස්වරයෙන් පවසා ඇත.

මේ ප්‍රකාශයත් සමග නිමල් සිරිපාල මහතා සහ කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර ඔහු සමග කසුකුසු ගගා සිටි සියළුදෙනා නිහඩවී ඇත.

Top