Breaking
24 Feb 2025, Mon

මෛත්‍රී රනිල් සභාග ආණ්ඩුව කුඩු වෙලා ඉවරයි….ලෝකය ජය ගත්තා කිව්වට ගිවිසුම් ගහන්නේ ටජිකිස්ථානේ එක්ක …අනේ රනිල්…

ජනතාවගේ ඉල්ලීම් සහ අපේක්ෂා නොසළකා හරිමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන ආණ්ඩුව එම ක්‍රියාවන්ට එරෙහිව සාධාරණ විරෝධය දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද ජනතාවගෙන් උදුරා ගෙන ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට එරෙහිව පාරට බසින ජනතාවට මෙන්ම එම අවස්ථා රටට හෙළි කිරීමට සහභාගී වන මාධ්‍යවේදීන්ට ද ආණ්ඩුව සළකන්නේ එකම හැන්දෙන් බව පැවසූ ප්‍රසන්න රණතුංග මහතා ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් නොකළ අන්දමේ මර්දනයක් ජනතාව වෙත මුදාහරින මෛත්‍රී රනිල් ආණ්ඩුව ජනතාව විසින් ගෙදර යවන දිනය වැඩි ඈතක නොවන බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ජනතාව දැනුවත් කිරීම සඳහා මිනුවන්ගොඩ ආසනයේ දී ඊයේ (14) පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

අවුරුදු දෙකක් ගෙවෙන්නත් ඉස්සෙල්ලා මේ ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් වෙලා ඉවරයි. දවසින් දවස ජනතාව ආණ්ඩුවට එරෙහිව පාරට බහින එක වැඩි වෙලා තිබෙනවා. ආණ්ඩුවේ වැරැදි හින්දා පාරට බහින ජනතාවට ආණ්ඩුව සලකන්නේ කඳුළු ගෑස්, වෙඩි උණ්ඩවලින්. ඒවා කරලා ජනතා සටන් මර්දනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් ආණ්ඩුවට වැරැදිලා.

අද ආණ්ඩුවේ ඉන්න අය එදා කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකාධිපතියෙක් කියලා. ඒ බොරුවලට ජනතාව රැවටිලා රටක් වටින නායකයා ගෙදර යැව්වා. ජනතාවට අද ඒකාධිපතියෝ කවුද කියන එක වැටහිලා තිබෙනවා. මෛත්‍රී රනිල් ආණ්ඩුව තරම් ඒකාධිපති ආණ්ඩුවක් ලෝකයේ කොහෙවත් නැහැ. තමන්ට විරුද්ධ හැම කෙනෙක්ම තරාතිරම නොබලා මර්දනය කරමින් යන මේ ආණ්ඩුවේ ඒකාධිපතිවාදය පරද්දන්න ඒකාධිපතියෙක් ලෝකයේ නැහැ.

ආණ්ඩුවේ පරම සතුරන් වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයයි ඒ වටා දිනෙන් දින රොක්වන ජනතාවයි. රටට වෙන්න යන මහා වින්නැහිය දකින සෑම දේශප්‍රේමියෙක්ම අද ඇවිත් නතර වෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ළඟයි. හංසයාට කතිරය ගහපු දහස් ගණන් ජනතාව අද අපි වෙත ඇවිත් තමන්ගේ වරද ගැන කියමින් පසුතැවෙනවා. ඔවුන් දැන් බලා ඉන්නේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න අවස්ථාවක් එනකම්.

බටහිර රටවල් අපට සතුරුකම් කරන විට අප ළඟ හිටියේ චීන රජය. ඔවුන් අපට ‍විශාල වශයෙන් ආධාර උපකාර කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ වරාය නගරය හදලා අක්කර 200ක් චීනයට දෙන්න යනවා කියලා මහ හඬින් කෑගහපු අයම අද හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට දෙන්න හදනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා චීනයේ කොළණියක් කරන්න යනවා කිව්ව රට මේ අය අද සම්පූර්ණයෙන්ම විකුණල දාන්න හදනවා.

ජාතික ආණ්ඩුවක් යැයි කියා ගන්නා මේ මෛත්‍රී රනිල් සභාග ආණ්ඩුව අද දෙ‍ද‍රලා ඉවරයි. ඔවුන් දෙගොල්ලෝ එකට ඉන්නේ මහින්ද මහත්තයා බලයට එයි කියන බයට මිසක් වෙන දේකට නොවෙයි. රනිල් පාර්ශවය කරන හැමදේකටම මෛත්‍රී පාර්ශවය විරුද්ධයි. මෛත්‍රී පාර්ශවය කරන හැමදේකටම රනිල් පාර්ශවය විරුද්ධයි. හැබයි මේ රටේ ජනතාව මේ පාර්ශව දෙකටම විරුද්ධයි. ජනතාවට ඕනෑ රටට ආදරය කරන ආණ්ඩුවක්.

ජනවාරි අට වෙනිදට ඉස්සර මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරපු අය අද හිරිකිතයක් නැතුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව හැසිරෙනවා. පළාත් පාලන ඡන්දය කල්දමමින් ජනතාව‍ගේ ඡන්ද අයිතිය උදුරාගෙන තිබෙනවා මදිවට එම අයිතිය ඉල්ලා සිටින පළාත් පාලන නියෝජිතයන්ට කඳුළු ගෑස් ගහනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජල ප්‍රහාර එල්ල කරනවා. මේකද දෙනවා කිව්ව සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය? මේකද ජනතාවට දෙනවා කිව්ව වෙනස?

රටට හෙණ ගැහුවත් කමක් නෑ කියලා ආණ්ඩුවේ ලොකු ලොක්කෝ තමන්ට ඕනෑ විදියට වැඩකරමින් යනවා. මාසයෙන් මාසයට රට සවාරිවල යනවා. එක්කෙනෙක් එනකොට එක්කෙනෙක් යනවා. එයා එනකොට අනික් එක්කෙනා යනවා. ලෝකය ජය ගත්තා කිව්වට දැන් ගිවිසුම් ගහන්නේ ටජිකිස්ථානේ එක්ක. කෝ අර අපට උපකාර කරනවා කිව්ව ලොකු ලොකු රටවල්? ඒ රටවල්වලටත් ඕනෑ වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා එලවගෙන රූකඩ ආණ්ඩුවක් පත් කරන්න මිසක් වෙන දෙයක් නොවෙයි.

සමහර ඇමැතිවරුන් දැන් ඉඳන්ම 2020 ජනාධිපති වෙන්න සිහින දකිනවලු. තවත් සමහරු අගමැති වෙන්න සිහින දකිනවලු. හීන දැක දැක හිටියට කමක් නැහැ ජනතාව අතරට යන්න නම් එපා කියලා මම ඒ අයගෙන් ඉල්ලා හිටිනවා. එහෙම  ගියොත් ඒ ඇමැතිවරුන්ට ලැබෙන්නේ ඉලපත් පාර තමයි. ඒ කාටත් කියන්න තියෙන්නේ මේ රටේ ආයෙත් ආණ්ඩුවක් හැදෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එන ආණ්ඩුවක් පමණයි. ඒ ජනතාවාදී ආණ්ඩුව තමයි අද ජනතාවගේ හීනය.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.