Featured

මෛත්‍රී සමග රහස් සාකච්ඡාවකින් පසු රනිල්,කොප් කමිටුවේ සභාපති හමුවෙලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍ර සම්බන්ධයෙන් කොප් කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නැති බවත් ඉතා ඉක්මනින්ම අදාළ තින්දුව කොප් කමිටුව විසින් ලබාදෙනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ අනිකුත් කුමන්ත්‍රණකාරී කල්ලි කණ්ඩායම් වලින් අර්ජුන් මහේන්ද්‍ර ආරක්ෂා කර ගැනිමට වහාම කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ශ්‍රීලනීපයේ මෛත්‍රී පිළේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරණය කර තිබේ.

පසුගිය සඳුදා රාත්‍රියේදී මෛත්‍රිගේ නිල නිවෙස්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වි විනාඩි කිහිපයික් යන්නට මත්තේන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මුණගැසිමට පැමිණ ඇති අතර රැස්විම අතරතුර “අගමැතිතුමා මාව හමුවෙන්න හදිසියේම ඇවිල්ලා මම එතුමාව හමුවෙලා එන්නම් හිටං… ” යනුවෙන් පවසා නැගිට ගොස් ඇති අතර මෛත්‍රී හා රනිල් අතර විනාඩි 15ක පමණ හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඔහුන් දෙදෙනාට අමතරව මලික් සමරවික්‍රමද එම අවස්ථාවට සහභාගි වි තිබේ.

පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීගේ බත් බැලයන් මේ සම්බන්ධයෙන් ජනපතිගෙන් විමසිමක් කර ඇති නමුත් ඒ පිළිබඳව කිසිවක් තමන්ට පැවසිමට නොහැකි බව ජනපති මෛත්‍රී පවසා තිබේ.

නමුත් අදාල සාකච්ඡාවෙන් පසුව අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් ඇමතිවරයා මුණගැසී ඇති අතර එහිදි අදාල සාකච්ඡාව පිළිබඳව අනාවරණය කර තිබේ.

තමන් කොප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කලබවත් එම සාකච්ඡා සම්බන්ධයෙන් වු එකඟතාවන් පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කල බවද අර්ජුන් මහේන්ද්‍ර සම්බන්ධයෙන් කොප් කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නැති බවත් ඉතා ඉක්මනින්ම අදාළ තින්දුව කොප් කමිටුව විසින් ලබාදෙනු ඇති බව දැනුම් දුන් බවද අනාවරණය කර තිබේ.මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනෙන විශේෂ කෝප් කමිටු රැස්වීමක් ලබන බදාදා (29වැනිදා ) සවස 2.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

කොප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කලේ මොනවාද යන්න මෙතෙක් අනාවරණය වි නොමැති නමුත් අදාළ සාකච්ඡා සිදුවිමට පෙර සිටම දෙදෙනා අතරයම් එකගතාවයක් තිබි එති බවත් එ අනුව කොප් කමිටුව හදිසියේම රනිල්ගේ කේවට්ටයා අන රන්ජන් සමග විවිධ තැන් වැටලිමට යෑම සිදුවු බවත් අප වාර්තාකරු අනාවරණය කළා.

මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති බැදුම්කර ගනුදෙනු සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව මෙම මස තිස් වෙනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම වාර්තාව හරහා යලිත් ඔහුගේ ධුර කාලය දිර්ඝ කිරිමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ සිරිසේන ජනාධිපතිවරයා එකඟත්වයකට පැමිණ තිබේන බව අප මිට පෙර අනාවරණය කළා.

http://www.lankanewsweb.today/archives/11403

Top