Breaking
25 Feb 2025, Tue

මෛතී‍්‍ර – චන්ද්‍රිකා ශී‍්‍ර.ල.නි.ප. යෙන් වහා පන්නනු!සැබෑ ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ සමුඵව ලගදීම

ලබන 04 වෙනිදා කුරුණෑගලදී පවත්වන්නේ සැබෑ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සමුඵව නොවන බවත්, එ.ජා.ප. යට මුක්කු ගැසූ නිල් අලි පැටවුන්ගේ සමුඵව බවත්, සැබෑ ශී‍්‍ර.ල.නි.ප. සමුඵව ඉදිරියේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, ගම්පහ පලාත් පාලන මන්තී‍්‍ර සංසදය අවධාරණය කරයි.

අද(24)උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයන් අවධාරණය කලේ ශී‍්‍ර.ල.නි.ප. ය උදුරා ගත් හොරුන්ගේ සමු`ඵවකට සැබෑ ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන් සහභාගී නොවන බවයි. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සිය`ඵම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ඊට සහභාගී නොවන්නැයි ඉල්ලා සිටින බව එම මන්තී‍්‍ර සංසදය පවසයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට හානිකල වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, හිටපු ජනාධිපතිනිය චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය එම පක්‍ෂයෙන් ඉවත් කල යුතු බවද මන්තී‍්‍ර සංසද නියෝජිතයෝ මෙහිදී කියා සිටියහ.

මෙහිදී පලාත් පාලන මන්තී‍්‍ර සංසදයේ නියෝජිතයන් දැක්වූ අදහස් මෙසේයි.

ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා.

අද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මෛතී‍්‍රපාල සිරිසේනගේ පාවා දෙන කණ්ඩායම තැන් තැන් වල මාධ්‍ය හමු තියෙනවා. අපේ නායකයන් වන මහින්ද මහත්තයව ප‍්‍රසන්න මහත්තයව, විවේචනය කරනවා. මේ මාධ්‍ය හමුවල ඉන්න අයව දැක්කහම හිරිකිතයි. ඊයේ ,පෙරේදා, ගම්පහත් මේ පාවා දෙන්නෝ මාධ්‍ය හමු පැවැත්වුවා. පක්‍ෂ මාරු කර කර එහාට මෙහාට පැනපු අය අද අපේ පක්‍ෂයේ විනය ගැන කතා කරනවා. මේවා ඇත්තටම ලැජ්ජයි. ඔය තනතුරුවලට කහින උදවියට කිසිම ජන පදනමක් නෑ. අද දවසින් දවස අපේ පැත්තට ජනතාව එකතු වෙනවා. අපි මේ මන්තී‍්‍රවරුන්ට කියනවා වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා.

අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පි‍්‍රයන්ත පුෂ්ප කුමාර මහතා,

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පලාත් පාලන ආයතන 19ක් තියෙනවා. ඉන් එක්කෙනෙක් හැර අනික් සිය`ඵම සභාපතිවරු ඉන්නේ මහින්ද මහත්තයත් එක්ක. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා අද කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක තියෙන දීගය රැුක ගන්න. මෛතී‍්‍රපාල මහත්තය ජනාධිපති වුණේ යූ.එන්.පී. ඡුන්ද වලින් එයා අද යූ.එන්.පී. රකින ශී‍්‍ර ලංකා සභාපති. ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරවන්නයි ඔහු මේ කුමන්ත‍්‍රණය කරන්නේ. අපේ නායකයෝ විවිධ කරුණු මත ඉතිහාස ගතවෙලා තියෙනවා. බණ්ඩාරනායක මහත්තය 56 විප්ලවයෙන් ඉතිහාස ගතවුණා. මහින්ද මහත්තය රටේ යුද්ධය අවසන් කරලා ඉතිහාස ගතවුණා. මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉතිහාසගත වන්නේ රටත්, පක්‍ෂයත් , විනාශ කල නායකයෙකු ලෙසයි. බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති රැුකෙන නව බලවේගයක් බිහිකරන්න කාලය ඇවිත්.

මීරිගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා.

බණ්ඩාරනායක මහත්තයා ඉපදුනේ 1899. ජනවාරි 08 . 2015 ජනවාරි 08 එතුමාගේ 116 වන ජන්ම දිනය එදා තමයි මෛතී‍්‍රපාල සිරිසේන මහත්තය අපේ පක්‍ෂය වල පල්ලට යැව්වේ. බණ්ඩාරනායක මහත්තයාගේ පංච මහා බලවේගය අද ඉන්නේ මෛතී‍්‍රපාල මහත්තය ගාව නෙමේ. අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තය ගාව. මහින්ද මහත්තයව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ව අයින් කරන්න ඉස්සෙල්ලා පක්‍ෂය පැහැරගත් පක්‍ෂය පාවා දීපු මෛතී‍්‍ර මහත්තයත්, හිටපු ජනාධිපිතනිය චන්ද්‍රිකා මහත්මියත් මේ පක්‍ෂයෙන් ඉවත් කල යුතුයි. සැප්තැම්බර් 04 වෙනිදා ඔය පවත්වන නිල් අලි පැටවුන්ගේ සමු`ඵවට අපි සහභාගී වන්නේ නෑ.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර දර්ශිකා ගුණසේකර මහත්මිය.

ජනවාරි 08 වෙනිදා මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පාවලා දීලා එක්සත් ජාතික පක්‍ෂයේ හොර නඩයත් එක්ක එකතු වුනා. තනියම නෙමෙයි. අපේ පක්‍ෂයේ හිටපු තවත් පාවා දෙන්නන් එක්ක . අද මේ අය රෙදි නැතුව එක්සත් ජාතික පක්‍ෂයට කඬේ යනවා. ඒ යන ගමන් කියනවා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය දිනවනවලූ. අපේ පක්‍ෂෙ සභාපති වුනත් සිරිසේන මහත්තය කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය දිනවන්නයි. කුරුණෑගලදී 04 වෙනිදා තියෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සමු`ඵව අපේ නියම පාක්‍ෂිකයන්ගේ සමු`ඵව නෙමෙයි. අපේ පක්‍ෂය උදුර ගත්තු අපේ ආණ්ඩුව උදුර ගත්තු හොරුන්ගේ සමු`ඵවක්. මේකට යන්නේ නිල් අලි පැටව්. නියම ශී‍්‍ර ලංකා කාරයින්ගේ සහභාගීත්වයෙන් අපි ඉක්මනින්ම මහින්ද මහත්තයාගේ ප‍්‍රධානත්වයෙන් අපි සමු`ඵව පවත්වනවා.

කටාන ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති නන්ද විජේරත්න මහතා.

පහුගිය දවසක කටානේ යහ පාලන ගැටුමක් හටගත්තා. කටාන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකතුමිය පහුගිය දවසක බලමණ්ඩලයක් තියලා කිව්වා එතුමිය ආණ්ඩුවට එකතුවුණේ එක්සත් ජාතික පක්‍ෂයේ කටු කන්න නෙමෙයි කියලා . 2001 සිද්ධ වුනා වගේ අපේ පාක්‍ෂිකයන්ට ගහන එක නවත්වන්නැයි තමන් ආණ්ඩුවට එකතු වුණේ කියලා කිව්වා. එහෙම කියලා පැය 48ක් යන්නත් කලින් කටානේ එක්සත් ජාතික පක්‍ෂ සංවිධායකවරිය අපේ හිටපු මන්තී‍්‍ර කෙනෙකුගේ කණ පලනවා. අපේ සංවිධායක රාජ්‍ය ඇමතිතුමියගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක්ගේ ඔ`ඵව පලනවා. ආණ්ඩුවට කඬේ ගියාට පාක්‍ෂිකයෝ රැකගන්න බෑ. පාක්‍ෂිකයෝ වෙනුවෙන් කිය කියා මේ නිල් අලි පැටව් ආණ්ඩුවට මුක්කු ගැහුවේ තමන්ගේ තනතුරු වරප‍්‍රසාද රැකගන්න. අද මේ නිල් අලි පැටව් අපේ පක්‍ෂය , පාක්‍ෂකයෝ නන්නත්තාර කරනවා.

මහර ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර සුදීමා චාන්දනී මහත්මිය.

අපේ නායකයා මහින්ද මහත්තයා. අපි ඔය පක්‍ෂෙ පාවා දීපු අයව අපේ පක්‍ෂෙ සභාපති විදියට පිලි ගන්නේ නෑ. කිසිම හේතුවක් නිසා අපි යූ.එන්.පී එකට මුක්කු ගහන ශී‍්‍ර ලංකා ඇමතිවරුන්ට සහාය දෙන්නේ නෑ. අපි නියම ශී‍්‍ර ලංකා කාරයින්ගේ සමුඵවක් ලගදීම තියනවා. ඒකේ නායකත්වය ගන්නේ නියම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සභාපතිවරයා ලෙස සැලකෙන මහින්ද මහත්තයාගේ ප‍්‍රධානත්වයෙන්.
දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතාද මෙහිදී කතා කලේය.

ප‍්‍රදීප් අනුර කුමාර.

CBK_SLFP (1) CBK_SLFP (2)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.