Breaking
3 Mar 2025, Mon

” මොකට මේ ගමයා ව ජාන අදිපති කළා ද ? “…අපලයක් නම්,ශාන්ති කර්මයක් කිරීමට දෙහි ටිකක් කප්පවා දීමට පමණක් නොව අවැසිනම් විසිවන සන්නිය වුවද නැටීමට අප සූදානම් ය.

Published on: Jun 7, 2018- මේ වෙනකොට ජන ආදී පති සොරිසේන මහතා අපට හිතන්නට බොහෝ දේවල් අප ඉදිරියේ තබා ඇත. ” මොකට මේ ගමයා ව ජාන අදිපති කළා ද ? ” මේක බොහෝ දෙනෙකුගේ පළමු ප්‍රශ්නය වූ වත්, මේකට උත්තර අපි කාටවත් තියා අඩුම ගානේ ගමයා ඒ උත්තරය දන්නේත් නැහැ.දින 100 ගැන නොදන්න එහෙත් ඒ ගැන සියයක් කතා ඇද බාපු මෙයාට දැන් වෙලා තියෙන්නේ,තම ආත්ම ගෞරවය සීග්‍රයෙන් වඳවීගෙන යන ලෙඩෙට මුහුණ පෑමේ අභියෝගයට මුහුණ පෑමටය .එහෙත් මුහුණු පොතත් එක්ක පැටලී ටී එන් එන් එල් එක්ක පැටලුන පටැලවිල්ලෙන් ලෙඩේ උග්‍ර අතට හැරී ඇත.

ජනාධිපති ට පමනක් නොව මෙරට වෙසෙන ඕනෑම පුරවැසියෙකුට තම සිතැඟි වචන බවට පත් කිරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය හා අවස්තාව තිබේ.නමුත්,ඒ වචන ක්‍රියා බවට පත් වීමේ දී ඒ වා කෙතරම් දුරට අනෙකාගේ නිදහස හා සාමය පිළිබඳව බලපානු ඇත්දැයි යන්න විමසා බැලිය යුත්තකි.මේ ක්‍රියාදාමය වඩා බරපතල වන්නේ,රටක එහි පාලකයා ගේ සීතීමේ හා ඒවා වචන බවට පෙරළී නැවත ඒවා ක්‍රියා බවට පත් වීමේදීය. ඒ එය කිසි විටෙක එක් පුද්ගලයෙකුගේ හෝ දෙදෙනෙකුගේ ඉරණම තීන්දු කරන දෙයක් නොවන නිසාය.එය  සමස්ත සමාජයම බලපෑමකට ලක්කෙරෙන්නා වූ ක්‍රයාවලියකි.

භාවනා නොකරන්නේ යැයි කියා අනෙකාගේ කණ පලන රජයේ නිල සුනඛයන් විසින් දෙනු ලබන , ඊනියා වාර්තා අනුසාරයෙන්තම දෛනික කතා තිර රචනය ලියව ගන්නා හේතුව නිසාත්,ඒවාට අඩුම කුඩුම සපයා දෙනු ලබන තක්කඩි උපදේශකයන් නිසත් තමා ඉමහත් ආශාවෙන් රස විදින සිහින රාජ්‍ය තව නොබෝ දිනකින් අහිමි වේදෝයි යන භීතිය කරනකොට ගෙන, අමන ඒකාධිපති චරිතයට පණ පොවමින් සිටී.එහෙත් අපට ඔහුව දිස්වන්නේ,කඩුව අතට ගත් මෝඩ රිලවකු මෙන්ය.කේක් එක කපන්න දුන්නු පිහියෙන් බෙල්ල කපාගන්න යන සිහි මද වූවෙකු සේය.

දැන් සොරිසේනගේ සිතුවිලි වචන බවටත්, වචන ක්‍රියා බවටත් පත්ව ඇත.දැන් එය පුරුදු බවට පත්වෙමින් තිබේ.මතු දිනෙක සමස්ත සමාජයම ඔබට එරෙහි වනු ඇත.

කණගාටුවට කරුණනම්, ඔබ වීරයෙකු වන්නට ඕනැ තැන නිවටයෙකු වීමත්,සිංහයෙකු මෙන් වන්නට ඕනෑ තැන හිවලෙකු වීමත්ය. නිවහල් චින්තනයකට උරුම කම් කීමට නොහැකි ඔබ දැන් ගමන් කරනු ඇත්තේ, මහින්ද චින්තන මගය.එකී චින්තනය ජනතාව එපාකළ නිසාම ඔබ ජනාධිපති කෙනෙක් වූවාමිස වෙන කිසිවක් එදා සිදුනොවුණි.මේ ගැන නොදන්න ඔබ ගැන අප කණගාටු වෙමු.ඔබව හසුරුවනු ලබන සංවිධාන , පුද්ගලයන් සහ බලවේග ගැන අපි අව්දියෙන් සිටිමු ඒ ඔබ සුවසේ නිදාගන්නා අතරතුරදීය. එහෙත් ඔබ ළඟ සිටින ඊනියා මාධ්‍ය උපදේශකයන් ගෙන්නම් ඒ උපකාරය කිසි දිනෙක නොලැබෙනු ඇත. ඒ ඔවුන් ගතින් ඔතැන සිටියත් සිතින් අරලිය මල් ගස් අතරේ කාලය ගත කරන බැවිණි.

රාජපක්ෂලාට බයේ සටන් කරන්න හරිහමන් මිනිහෙක් නැති වෙලාවේ ඔබේ ඉදිරිපත් වීම හැර,වෙනත් වීර ක්‍රියාවක් අප ඔබෙන් තවමත් නොදුටුවෙමු. ඒ කාගේ අවාසනාවක්ද?ඔබගේ සිතුවිලි හරි අතට මෙහෙය වන්නේනම් ඔබ හැර වෙන කවුරුන්ද? එහෙත් ඔබගේ හෝ අපගේ කරුමයට ඔබ තවම ඔබ කවුරුන් දැයි හඳුනා ගෙන නැත.ප්‍රශ්නය වී ඇත්තේ, අප විසින් සාදවා ගනු ලැබූ ජනපති මොඩලය කේන්ද්‍රයේ පමනක් භ්‍රමණය වීමය.ඔබට පරිධියේ භ්‍රමණය අවුලක් නම්, අපලයක් නම්,ශාන්ති කර්මයක් කිරීමට දෙහි ටිකක් කප්පවා දීමට පමණක් නොව අවැසිනම් විසිවන සන්නිය වුවද නැටීමට අප සූදානම් ය.

විශේෂ ලියුම්කරු

මාධ්‍යවේදී අසේල ගුණරත්න

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.