Featured

මොණරාගල ගම් කබරයා නුගේගොඩ ඉඩම් කොල්ලයක

නුගේගොඩ, කන්දවත්ත ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශයක ඇති ඉඩම උපක්‍රමශීලීව එක්සත් ජාතික පක්ෂ මොණරාගල දිස්ත්‍රික් පා.ම. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර කටයුතු කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. නුගේගොඩ, කන්දවත්ත ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශයක ඇති ඉඩමකට මාස කිහිපයක සිට කැළිකසළ බැහැර කරමින් පසුව එම ප්‍රදේශ ගොඩ කිරිම හරහා මෙම ඉඩම් කොල්ලය ක්‍රියාත්මක වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ වනවිටත් බලහත්කාරයෙන් ගොඩකර අත්පත් කරගත් ඉඩම් කැබලි කිහිපයක මද්දුම බන්ඩාරගේ නිවස සහ ඇයගේ සහොදරියකට නිවසක් සහ තවත් ඥාතිවරයෙකු සදහා නිවසක් තනමින් සිටින අතර වසරක පමණ කාලයක් කුණු මුවාවෙන් මේම ඉදිකිරිම් සියල්ලම සිදුකර තිබේන බවයි තහවුරු වි ඇත්තේ.

මේ පිළිබඳව 519 – බී නුගේගොඩ බටහිර ප්‍රදේශයේ සංවර්ධන නිලධාරීන් විසින් පසුගිය දෙසැම්බර් මාසයේ සිට කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම්වලදීද මේ පිළිබඳව දැනුවත්කර තිබේන නමුත් ඇමතිවරයාගේ බලපෑම මත ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනිමට නිළධාරිටද හැකියාවක් නැති බවයි වාර්තා වන්නේ.

මේ බිම් කොටස කෝට්ටේ මහනගර සභාවේ ඉඩම් ලේඛනවලට ඇතුළත්වී නොමැති බවද කිසිදු ඉඩම් අංකයක් හෝ වරිපණම් අංකයක් නොමැති වුවත් මේ වනවිට මේ ඉඩම පිහිටි පහත්බිම් ප්‍රදේශයට ඇතුල්වීම තහනම් නමින් පුවරුවක් එහි අංකය 112/9F යනුවෙන්ද සවිකර තිබේ.නමුත් . මෙවැනි අංකයක් නගර සභාවේ ඉඩම් අංශයට අයත් නැති බවද වාර්තාවේ.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම්වලට යැවු තොරතුරු 

0123 258

කුණු පුරවමින් ඉඩම් කොල්ල කන අයුරු 

GODA_01 GODA_02 GODA_03

ඇතුල්වීම තහනම් නමින් පුවරුවක් එහි අංකය 112/9F යනුවෙන්ද සවිකර ඇති හැටි 

GODA_04

මද්දුම බන්ධාරගේ එක නිවසක් 

GODA_05

බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති ඉඩමක ඉදිවන නව නිවස 

GODA_06

Top