Featured

මොරගහකන්දේ නිදන් තැන්පත් කල නැකැතින් සිරිසේනට කෙලවේ -නිදන් හාරා යලී වලදමයි

Published on: Jul 30, 2016- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකිරිම් අවසන් කරමින් සිටි දවැන්තම ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළු ගග සංවර්ධන ව්‍යාපෘතිය තමන්ගේ නම ලියා ගැනිම සදහා පසුගියදා හදිසියේම මාධ්‍ය මෙහෙයුමක් දියත් කල රටේ නිකමා නමින් විරුදාවලී ලත් සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කලද පසුගිය 25 වැනිදා සිදුකල නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපතිවරයාට බරපතල ලෙස භූමී දෝෂ ගෙන දෙන නැකැතක් බව අනාවරණය විමත් සමග ඊයේ අදාළ නිදන් ගොඩ දමා වෙනම ස්ථානයක පස්වලට කිරිමට කටයුතු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පසුගිය 25 වැනිදා උදැසන 10.59 ට අදාළ නැකැත යෙදි තිබුණු අතර අදාළ නැකැත් පත්‍රය සෑදිමේ කටයුත්ත සදහා සිරිසේන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය වන බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වගකී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායක සම්බන්ධ කරගෙන නැති අතර මොරගහකන්ද- කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක කමිටුව අදාළ නැකැත් සාදා තිබේ.

පසුව නිලුකා ඒකනායක අදාළ නැකැත සම්බන්ධයෙන් පුලුල් විශ්ලේෂණයක් කර ඇති අතර ඈය සදහන් කර ඇත්තේ එම නැකැත ජනාධිපතිවරයාට අන්තිම අසුභ බවත් ඒ අනුව භූමියට අධිපති භූතයන් ජනාධිපතිවරයාට හානී කිරිමට කටයුතු කරනු ඇති බවත්‍ ය. ඒ අනුව අදාළ නිදන් ගලවා ආපසු පස්වලට යටකිරිමට කටයුතු කර අදාළ නැකැත් වෙලාව මගහැරිමට කටයුතු කල යුතු බවටද ඇය නියෝග කර තිබේ.

පසුව පසුගිය 28 වැනිදා රාත්‍රීයේම අදාළ නිදන් හාරා ගලවා එම නිදන් ඊට නුදුරෙන්  වෙනත් ස්ථානයක වලදමා තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයටද වාර්තා ලැබි ඇති අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු එම ස්ථානයට ගොස් ඇති අතර ලග්ගල පොලිසියේ පොලිස් නිළධාරි කිහිප දෙනෙකුද එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහුන්ට දැන ගැනිමට ලැබි ඇත්තේ නිදහන් වස්තු මංජුසාව සොරා ගැනීමට කිසියම් පිරිසක් උත්සහ දරා ඇති බවට එහී සේවකයෙකු දැනුම් දුන් බවයි.

පසුව මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අදාළ ස්ථානයට පැමිණ ඇති අතර පොලිසියේ සහය ඇතිව එම ස්ථානය පරික්ෂා කිරිමට යෑමට උත්සහ දැරිමේදි පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ එය වලක්වා ඇති අතර වේල්ල තැලීම සිදු කරද්දී චීන ජාතිකයෙකු අතින් බැකෝ යන්ත්‍රයේ කුල්ල නිධන් මංජුසාවේ වැදිලා අත්වැරදීමකින් හානි වි ඇති බවත් දැන් එම නිදන් නිසී පරිදි පස් දමා යලි වසා දමා ඇති බවද එම පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දි සියලු දෙනාව ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

Top