Breaking
24 Feb 2025, Mon

යටත් විජිත ගැති බව තහවුරැ කරන බ්‍රිතාන්‍ය මෙහෙයුම හදුනාගැනීමට ලංකාව සමත්වෙයිද?

පෘතුග්‍රීසීන් ගෙන් පසු ලංදේසීන්ද ඉන්පසු ඉංග්‍රීසීන් විසින්ද ලංකාව යටත් කරගනු ලැබීය. ලංදේසීන් විසින් ලාංකිකයන් (එවකට සිලෝන්/ CEYLON) පාලනය කිරීම සදහා රෝම ලන්දේසි නීතිය හදුන්වා දුන් අතර ස්වදේශිකයන්ට ආගන්තුක වූ එම නීති ක්‍රමය බලහත්කාරයෙන් බයිනෙත්තුවල බලය පෙන්වා ස්වදේශිකයන් මත පටවනු ලැබීය. වර්ෂ 1815 දී කන්ද උඩරට ගිවිසුවෙන් පසු උඩරට පහතරට මුළු රටම බ්‍රිතාන්‍යයේ කිරීටයට යටත් කරදීමට ජෝන් ඩොයිලි නම් විද්වත් ඔත්තුකරැට හැකි විය. ලංදේසීන්ගේ රෝම ලන්දේසි නීතිය සමග ඉංග්‍රීසි නීතියද යොදා ගනිමින් බ්‍රිතාන්‍යන් 1972 වර්ෂය දක්වාම ලංකාව පාලනය කරන ලදී.

බටහිර චින්තනය මිස පෙරදිග චින්තනය ලාංකිකයන්ගේ මනස්වල දලුලා ලියලීමට රෝම ලන්දේසි නීතිය සමග ඉංග්‍රීසි නීතිය යොදා රට පාලනය කරන ප්‍රධාන නීතී කණ්ඩායම් විසින් අවස්ථාව දෙනු නො ලැබීය. මෙහි ප්‍රතිඵලය වූයේ ලංකාව දේශපාලනික සමාජමය සංස්කෘතිකමය,ආර්ථිකමය සහ අධ්‍යාපනමයවශයෙන් පරාධීන රටක් බවට පත් වීමයි.

නීතියේ හස්තයට යම් රටක් හසු කරගත් විට ඒ රට ට කිසිදා නිදහස (Freedom) අත් නොවේ. වර්ෂ 1948 දී බ්‍රිතාන්‍යයන් ලංකාවට නිදහස ලබා දුන්නද, වර්ෂ 1972 දී ලංකාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම මිදුණද බ්‍රිතාන්‍යයන් හදුන්වාදුන් නීතිය රටට සහ ජනතාවට ගැලපෙන ආකාරයට යොදා ගැනීම මේ දක්වා සිදචු නොවීය.එහි ප්‍රතිඵලය වූයේ ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම) කථාවේ එන සිලිදුලා, බබුන් ලා, පුංචි මැණිකෙලා, පුංචිරාළලා, හින්නිහාමිලා, ප්‍රනාන්දුලා, බබෝහාමිලා,මහේස්ත්‍රාත්ලා, අරච්චිලා,පෙරකදෝරැවන්ලා, රටේ මහත්තයාලා වර්තමානයේද අඩු නැතිව රටේ විසිරී සිටීමය.

ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම) ලියන සමය සහ වර්තමානයේ දක්නට ඇති එක් වෙනසක් ඇත. එනම් ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම)  ලියන සමයේ ලංකාව සෘජුවම බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කිරීමත් අද බ්‍රිතාන්‍යයේ නියෝජිතයන් ලෙස සිංහල සහ දෙමළ පුරවැසියන් විසින් ලංකාව පාලනය කිරීමත්ය.

වර්ෂ 1948 දී සහ වර්ෂ 1972 දී ලංකාව යටත්විජිත භාවයෙන් නිදහස්  කරගත් බවට පාරම්බෑවත් වර්තමානයේ දී පාවා අධිකරණ කටයුතු , පරිපාලන කටයුතු සිදුකරන්නේ ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම) ලියන සමයේ පැවති ක්‍රමයටමය. එනම් ලංකාවේ ඉහළම අධිකරණ නඩු විභාග කරන ආකාරය නඩුවේ පාර්ශව නො දනිති. වර්තමානයේ පවා ලංකාවේ ඉහළම අධිකරණ වන වාණිජ මහාධිකරණය, පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාග කරන්නේ එදා ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම) ලියන සමයේ පැවති අධිකරණ ක්‍රමයටම ය. මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය සහ මහාධිකරණය පමණක් එදා ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම) ලියන සමයේ පැවති අධිකරණ ක්‍රමයට වෙනස්ව ස්වදේශිකයන්ට වැටහෙන ආකාර යුක්තිය පසිදලයි.

විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන පාලන ආයතන ත්‍රිත්වය හසුරැවනු ලබන පුද්ගලයන්ගේ නිදහස් සිතුවිලි එම රටේ නිදහසට උපරිම ශක්තියක් ඇති කරයි. ප්‍රංශය, ජර්මනිය, ජපානය, ඉතාලිය වැනි සංවර්ධිත රටවල පුරවැසියන් තමන්ගේ රටේ නිදහසේ මුදුන් මූලය අධිකරණ සහ නීති ක්‍රමය බව දනිති. එම රටවල පුරවැසියන් විදේශීය රටවල නෛතික ප්‍රහාරවලින් ආරක්ෂා වී සිටින්නේ නිවහල් නීති ක්‍රමයන් හදුනාගෙන ඒවා නිසි පරිදි රටේ ආරක්ෂාවට උපයෝගී කරගන්නා හෙයිනි. එම රටවල් තමන්ගේ විදේශීය රටවල නෛතික ප්‍රහාරයෙන් රටේ ජනතාව නෛතිකව ආරක්ෂා කරගනු ලැබුවද ලංකාවේ එසේ නො වේ.

ලංකාවේ නීති සහ අධිකරණ පද්ධතිය මෙහෙයවන්නේ බ්‍රිතාන්‍ය (ලංන්ඩන්) නීතිවේදීන්ය. බ්‍රිතාන්‍ය (ලංන්ඩන්)  එල් එල් එම් LLM සහ ආචාර්ය PHDඋපාධි ගත් නීතීඥවරැ විසින්. ඔවුන් ලංකාවේ අධිකරණවල ඒකාධිකාරය දරයි. විධායකයේ ධූර දැරෑ ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද යන ජනාධිපතිවරැන්ට නිදහස් අධිකරණ ක්‍රමයක් ලංකාවේ ස්ථාපනය කිරීමට අවස්ථාව නොලැබු‍ණේ ඉහත බ්‍රිතාන්‍ය (ලංන්ඩන්) නීතිවේදීන්ගේ පවතින නීති ඒකාධිකාරයයි. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය රදා පවතිනු ඇත්තේ ද බ්‍රිතාන්‍ය (ලංන්ඩන්) නීතිවේදීන් විසින් මෙරට අධිකරණය පාලනය කරන ඒකාධිපති ක්‍රියාන්විතය හදුනාගෙන එය පාලනය කිරීමට දක්වන එඩිතරභාවය මතය.

බ්‍රිතාන්‍ය (ලංන්ඩන්) නීතිවේදීන්ගේ ගහණය වැඩි කිරීමේ මෙහෙයුම සිදු කරන්නේ කවුද යන්න විමසීම මෙහිදී වැදගත් වෙයි. විදේශීය නීති අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන නීතීඥවරැ මෙහිදී කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කරයි. තමාගේ නීතී අධ්‍යාපන ආයතනය හරහා සමාජයේ ඉහළ තරාතිරම්වල පවුල්වල දරැවන් බ්‍රිතාන්‍ය (ලංන්ඩන්) නීතිවේදීන් බවට සුදුසුකම් ලබා දීම මේ මෙහෙයුමයි. ලංකාවේ අධිකරණවල විනිසුරැන්ගේ සහ නීතීඥවරැන්ගේ සහ දේශපාලකයන්ගේ දරැවන්ට ඉතා පහසුවෙන් බ්‍රිතාන්‍ය (ලංන්ඩන්) නීතිවේදියකු බවට පත් විය හැකිය. අනාගතයේ රට පාලනය කිරීමට අවස්ථාව ඇතැයි කියන දේශපාලකයන්ගේ දරැවන් බ්‍රිතාන්‍ය (ලංන්ඩන්) නීතිවේදියකු කරනු ලැබන්නේ මේ මෙහෙයුමේ ප්‍රතිඵලයකිනි. මෙහි අවසන් ඉලක්කය ලංකාව සහ එහි පුරවැසියන් දිගුකාලීනව යටත් විජිත වහල්භාවයේ ම තබා ගැනීමයි.

ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම) ලියන සමයේ පැවති අධිකරණ ක්‍රමයට හසුවූ සිලිදුලා, බබුන් ලා, පුංචි මැණිකෙලා, පුංචිරාළලා, හින්නිහාමිලා, ප්‍රනාන්දුලා, බබෝහාමිලා,මහේස්ත්‍රාත්ලා, අරච්චිලා,පෙරකදෝරැවන්ලා, රටේ මහත්තයාලාගෙන් තොර සංවර්ධනය වූ නිවහල් ලංකාවක් වෙනුවෙන් සිහින දකින පුරවැසියන් වහා ක්‍රියාකාරී වී නෛතික නිදහස ලබා ගැනීම සදහා සදහා වූ අරලගලයක නියලිය යුත්තේ රටේ නිදහස අධිකරණයේ සහ නීතියේ නිදහස බැවිනි. මහාවංශය ඉංග්‍රීසියට පරිවර්ථනය කිරීමට උත්සාහ කරන දේශපාලකයන් රටේ පවතින නීති සිංහලට පරිවර්ථනය නො කරයි.ලංකාවේ පවතින නීති සිංහලට පරිවර්ථනය කළ යුතු බව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 ව්‍යවස්ථාව මේ දක්වා ක්‍රියාත්මක කර නොතිබීම සම්බන්ධව පුරවැසියන් අවධානය යෙමු කළ යුතු ය.නොඑසේ නම් ජාත්‍යන්තර නීතිය නම් ආයුධයෙන් ලංකාවත්, රණවිරැවන්ද තවතවත් සිරවෙනු ඇත.

දෙවන ලෝක යුද්ධයේ නියමුවන් වූ ජර්මනියත් ජපානයත් යළි පන්නරය වූයේ තමන්ගේ නිවහල් නීති පද්ධතිය හේතුවෙනි. ජර්මනියත් ජපානයේත් බ්‍රිතාන්‍ය (ලංන්ඩන්) නීතිවේදීන් ක්‍රියාත්මක වූයේ නම් එම රටවල් දෙකට වන විපත්තිය පුදුමවනු ඇත. නමුත් වාසනාවට ජර්මනියේ සහ ජපානයේ බ්‍රිතාන්‍ය (ලංන්ඩන්) නීතිවේදීන් ක්‍රියාත්මක නොවූ හෙයින් එම රටවල් අදත් අදීනව නැගී සිටී. ලංකාවද එය වහා තේරැම් ගත යුතුය. බ්‍රිතාන්‍ය (ලංන්ඩන්) නීතිවේදීන්ගෙන් ලංකාවේ අධිකරණ පද්ධතිය බේරා නො ගතහොත් යුධ විරැවන්ට නිදහස් නොලැබෙනු ඇතිවා මෙන්ම දීර්ඝ කාලීන අනතුරකටද ලංකාව පත් වනු ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.