Featured

යන එනමං නැති වෙබ් හා පත්තර කාරයන්ට මහෙන්ද්‍රන්ගෙන් රජ සැප

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ විශ්වාස භංගය සිරිසේනලා දිනා දිමත් සමගම් තවදුරටත් මහා බැංකු අධිපති වරයා ලෙස තමන් යලිත් පත්වෙන බව ඉරහද වගේ විශ්වාස බවත් ඉදිරි දින කිහිපය තුලදි තමන් සම්බන්ධයෙන් රටේ ජනතාව ගැන විස්වාසය ඇතිවන අකාරයේ පුවත් පලකර දෙන ලෙස මහා බැංකු ගිල්ල් රටේ ආර්ථිකය විනාශ කල අරුජුන් මහෙන්ද්‍රන් වෙබ් කාරයන් කිහිප දෙනෙකු සහ නමට පමණක් පත්තර කඩමලු පවත්වාගෙන යන කිහිප දෙනෙකු කොළඹ තරු පහේ හෝටලයකට ගෙන්වා ඇතිවෙන්න බොන්න දි ඉල්ලිමක් කර තිබේ.

ඒ වෙනුවෙන් තමන් යලිත් මහා බැංකු අධිපති වරයා වු පසුව දිගින් දිගටම වෙළද දැන්විම ලබාදිමටද එකගත්වය පලකර ඇති අතර ඒ අනුව ඔහු සම්බන්ධයෙන් වු වර්ණාත්මක ලිපි පුවත්පත් වල පළකිරිමෙ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර යන එන මං නැති පුවත් පත් හා යහපාලනය උදාකිරිමට මඩ ගසා දැන් යන එන මං නැති කසඩ වෙබ් කිහිපයද පලකිරිමට නියමිතයි.

මේ අතර රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මකවු වෙබි අඩවි සඳහා මුදල් ලබා දුන් අය මුදල් ලබා නොදිමෙන් එම වෙඩි අඩවි වලින් බොහොමයක් වැසි ගොස් තිබේ.රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මකවු වෙබි අඩවි සඳහා එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්යේ මන්ත්‍රිවරුන් මෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ සිටි මැති ඇමති වරුන් ද මුදල් ලබාදි ඇති අතර ඇතැමි මැති ඇමතිවරුන් සිය හිතවත් ව්‍යපාරිකයින්ලවා ද වෙබි අඩවි සඳහා මුදල් ලබා දීමට කටයුතු කර තිබේ.

එහෙත් 2015 ජනවාරි8 වෙනිදින පැවති ජණාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්විමෙන් පසු පෙබරවාරි මාසයේ සිට වෙබි අඩවි සඳහා මුදල් ලබාදීම නතර කර ඇත.

ඇතමි මැති ඇමතිවරුන් හා ඔවුන්ට හිතවත් ව්‍යපාරිකයින් රුපියල් ලක්ෂ 5සිට 10 දක්වා මුදලක් මාසයට එක් වෙබිඅඩවියකට රුපියල් පනස් දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මුදලක් ලබාදී තිබේ.

මේ ආකාරයෙන් එවකට විපක්ෂයේ සිටි කරු ජයසුරිය මහතා දයා ගමගේ මහතා ද සිය හිතවත් ව්‍යපාරිකයින් හරහා තිස්ස අතිතනායක මහතා රවී කරුණානායක මහතා ද මුදල් ලබා දුන් අය අතර වේ.

මිට අමතරව ආණ්ඩුපක්ෂයේ සිටි රාජිත සේනාරත්න , මර්වින් සිල්වා යන ඇමතිවරුන් ද තමන් නියෝජනය කරනආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන වෙබි අඩවි සඳහා මුදල් ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වනවා.මේ ලැබාදුන් මුදල් වලින් පවත්වාගෙන ගිය ලංකා ඬේලි වෙබි අඩවිය මුලින්ම වැසි ගිය අතර ඊට අමතරව ලංකා ඉන්ෆෝ ,ම්රර් ගර්ල් ආදි වෙබි අඩවි රාසියක් මෙි වනවිට වැසි ගොස් ඇති අතර අවසානයට වැසිගොස් ඇත්තේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ලේකම් සේනක ද සිල්වා මහතාගේ මුල්‍ය ආධාරයෙන් පවත්වා ගෙන ගිය ද ඉන්ඩිපෙන්ඩියන් වෙබි අඩවියි.

Top