Breaking
25 Feb 2025, Tue

යහපලන මාධ්‍ය නිදහස දොරේ ගලයි …. ඇමැති දයාසිරි මාධ්‍යවේදීන්ට පුප්පයි

බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් පානවැව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන බැටරි උණු කරන කර්මාන්තශාලාවකින් සිදුවන පරිසර හානිය සම්බන්ධව අදාළ නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමකදී එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට අමාත්‍යවරයා විසින් අවසර නොදීම නිසා උණුසුම් වාතාවරණයක්‌ ඇති විය.

මාධ්‍යවේදීන්ට කවුද එන්න කිව්වෙ, මේක අධිකරණයේ විභාග වෙමින් පවතින කාරණයක්‌. කාගේ අවශ්‍යතාවය මතද මේ අය ආවේ. මෙවැනි දේ පවසමින් මාධ්‍යවේදීන් එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණි මාධ්‍යවේදීහු දැඩි නොසතුට පළ කළහ.

daya
අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට සහ කර්තෘවරුන්ට තර්ජනය කරමින් කල කතාවන්ට විරෝධය දක්වමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ වයබ පළාත් සැසි වාරයේදී විරෝධතාවයක යෙදුන අකාරය.

මෙම වැඩසටහන බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ඊයේ (17 දා) සවස 2.30 ට පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ වන විට මාධ්‍යවේදීන් පැමිණ ඒ සඳහා ඔවුන්ගේ විද්යුත් මාධ්‍ය ආයතනවල ලාංඡන සහිත ලෝගෝ ප්‍රධාන ආරාධිතයන් අසුන් ගන්නා මේසය මත තබා තිබියදී ඒවා ඉවත් කර ගන්නා ලෙසත් රැස්‌වීම් ශාලාවේ රැඳී නොසිටින ලෙසත් අමාත්‍යවරයා ආවේගශීලීව කියා සිටියේය. ඒ සමගම අමාත්‍යවරයාගේ ආරක්‍ෂකයන් විසින් මාධ්‍යවේදීන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. අනතුරුව ආරක්‍ෂක නිලධාරීන් විසින් රැස්‌වීම් ශාලාවේ ඇතුල්වන දොර ද අඟුළු දමා වසා දමන ලදී.

ඒ සමගම ප්‍රදේශවාසීන් ද රැස්‌වීම් ශාලාවෙන් පිටතට යැමට උත්සාහ කළ අතර අමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම මත ඔවුහු රැඳී සිටියහ.

බිංගිරිය පානවැව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන බැටරිවල ඊයම් උණු කිරීමේ කර්මාන්තශාලාව මීට වසර ගණනාවකට පෙර ආරම්භ කොට තිබේ. මේ වන විට පරිසර අමාත්‍යාංශයේ නීති රීති උල්ලංඝනය කරමින් එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. පරිසරවේදීන් ද මේ සම්බන්ධව අදාළ ආයතනවලට ලිතව දන්වා තිබේ. මෙම කර්මාන්තශාලාවේ නිකුත් වන අපද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ දැඩි පරිසර හානියක්‌ සිදුවේ.

අමරනන්ද විඡේසේකර – මහවැව

http://www.lankanewsweb.today/archives/13605

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.