Breaking
25 Feb 2025, Tue

“යහපාලනයෙන් අහෝසි කල කැළුම් ප්‍රියංකර ගේ ඡන්දය”-රෙද්ද පල්ලෙන් බේරෙන සිරිසේනගේ මාධ්‍ය නිදහස

“ඔබ විසින් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ සේවයෙහි යෙදෙමින් සිටියදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති තුමාට, රජයට හා මැති ඇමතිවරුන්ට අපහාස වන පරිදි සමාජ ජාල වෙබ් අඩවි තුළ තොරතුරු ඇතුළත් කිරීම, අදහස් දැක්වීම සහ රජයේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධයෙන්… ඔබ වැඩ තහනමට ලක් කරනු ලබන බව මෙයින් දන්වමි.”

ඉහත දැක්වුයේ අපගේ සමාජ ජාල ක්‍රියාකාරිකයකු මෙන්ම රාජපක්ෂ හිතවාදියකු වූ කැළුම් ප්‍රියංකර ගේ වැඩ තහනම් කොට එවූ ලිපියෙන් උපුටාගත් කොටසකි. ඔහුගේ වැඩ තහනම පිලිබඳ ෆෙස්බුක් හි පළවූ පෝස්ටුවක් දැක මා ඔහුව ඇමතීමි. ඒ ඔහුට එවූ ලිපිය කියවාගන්නට මට ද උවමනා වූ නිසා ය. එම අවස්ථාවේ මා ඔහුට දැඩිව අවධාරණය කලේ යහපාලන රජයට එරෙහිව “මානව හිමිකම් නඩුවක්” දමන ලෙස ය.

ඡන්දය සහ ඡන්ද හිමි නාමලේඛණය යනුවෙන් දෙකක් ඇත. මින් ඡන්දය දැමීමේ හැකියාව ලැබෙන්නේ ඡන්ද හිමි නාමලේඛනයේ නම තිබුණහොත් පමණි. ඒ අනුව ලංකාවේ කොහේ හෝ ලිපිනයක ඡන්දහිමි නාමලේඛනයක නම තිබෙන ඕනෑම පුද්ගලයෙකුට ඡන්ද අයිතිය ලැබේ. ඡන්ද අයිතිය යනු තමනට කැමති අයෙක් වෙත පක්ෂපාතී වීම මිස රජයට(පාලන බලයට) පක්ෂපාතී වීම නොවේ. රජය(පාලන බලය) පාර්ශවයෙන් කැළුම් ප්‍රියංකර ට එවූ ලිපියට අනුව සියලුම රාජ්‍ය සේවකයින් රජයට(පාලන බලයට) ඡන්දය දිය යුතුය. ඒ “පක්ෂපාතී වීම සහ ඡන්දය” යනු දෙකක් නොවන බැවිනි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක මුග්ධ අර්ථ දැක්වීමකට අනුව රාජ්‍ය සේවකයා පවතින රජයට(පාලන බලයට) පක්ෂපාතී විය යුතු බවට සඳහනක් තිබේ නම් ඔහුගේ ඡන්දයත් රජයට(පාලන බලයට) ලැබිය යුතු බවට නීතියක් ද තිබිය යුතු ය. නොඑසේ නම් තත්වය පරස්පර ය. ඒ අනුව රාජ්‍ය සේවකයාට පවතින රජයට(පාලන බලයට) පක්ෂපාත වී විපක්ෂයට ඡන්දය දිය නොහැක. එහෙත් මෙවැනි සම්ප්‍රදායක් ලංකාවේ නැත. ඒ අනුව කැලුම් ප්‍රියංකරට පමණක් බල පැවැත්වෙන මේ කාරණය ප්‍රශ්නකාරී ය.

කැළුම් ප්‍රියංකර ගේ වැඩතහනමට හේතුව වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ “ගුවන්තොටුපලේ සේවයෙහි යෙදෙමින් සිටියදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති තුමාට, රජයට හා මැති ඇමතිවරුන්ට අපහාස වන පරිදි සමාජ ජාල වෙබ් අඩවි තුළ තොරතුරු ඇතුළත් කිරීම, අදහස් දැක්වීම සහ රජයේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් තොරතුරු ඇතුළත් කිරීම” ය.

ශ්‍රී ලංකාවේ මේ වන විටත් “සාපරාධී අපහාස නීතිය” ඉවත්කොට තිබේ. ඒ අනුව කැලුම් ප්‍රියංකර ගුවන්තොටුපලේ සිට නොව සිරිසේනගේ ජනාධිපති මන්දීරයේ හිඳිමින් වුව තමන්ට කැමති මාධ්‍ය භාවිතාවක යෙදීමට නීතියෙන් බාධාවක් නැත.

ඊළඟ වැදගත්ම කරුණ නම් කැළුම් ප්‍රියංකර කළා යැයි කියන අපහාස කර ඇත්තේ “රාජ්‍ය සේවය පිණිසයි” යනුවෙන් ලේබල් ඇලවූ ෆේස්බුක් පිටුවක සිට නොව ඔහුගේ අතිශය පෞද්ගලික ෆේස්බුක් පිටුවක සිට වීමයි. ඒ අනුව ඔහු අපහාස කොට ඇත්තේ ගුවන් තොටුපළේ සේවය කරමින් නොව “ගෙදර නාන කාමරයේ හිඳිමින්” යැයි පවසා ඔහුට චෝදනා වලින් ගැලවීමට කිසිදු බාධාවක් නැත.

ෆේස්බුක් යනු අතිශය පෞද්ගලික සන්නිවේදන මාධ්‍යයකි. එය ජාතික පුවත්පත් මෙන් “රජයේ ලියාපදිංචි ” ජනමාධ්‍යයක් නොවේ. අන්තර්ජාලයේ නිර්නාමික ෆේස්බුක් ගිණුම් අනන්තවත් ඇත. නිරුවත් චායාරුප වලින් පිරුණු අසභ්‍ය පිටු මිලියන ගණනාවක් ඒ අතර ඇත. ඒ එකක් වත් රජයේ ලියාපදිංචි කර නැත. ශ්‍රී ලංකාවේ පොලිස්පතිට පවා ෆේස්බුක් ගිණුමක් ඇති අතර ඔහුගේ ගිණුම ද රජයේ ලියාපදිංචි කර නැත. එසේ නම් මේ කුමන විහිළුවක් ද?

අතිශය පෞද්ගලික ෆේස්බුක් පිටුවක අන්තර්ගතය කෙසේ විය යුතු දැයි නිර්දේශ කිරීමට මතුවට හෝ රජයකට කිසිදු අයිතියක් නැත. අපි පෙම්වතුන්ව සිටි කාලයේ පෙම්වතියට කොතෙකුත් ලියුම් ලියා ඇත. එහි අන්තර්ගත විය යුත්තේ කුමක් දැයි අපි අපේ දෙමාපියන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් අසා නැත. එය එතරම් පෞද්ගලික කාරණාවක් වන බැවිනි. පෙම්වතියට ලියු ලිපියේ ජනාධිපති සිරිසේනගේ අම්මා මතක් කොට තිබුණත් එය රජයට අදාළ කාරණයක් නොව අපගේ ආදරයට අදාළ කාරණාවක් සේ සැලකිය යුතුය. මක් නිසාද යත් පෙම්පත් යනු “පුවත්පත්” නොවන බැවිනි. එබැවින් ෆේස්බුක් නම් අතිශය පෞද්ගලික සන්නිවේදන මාධ්‍ය හරහා කිනම් කරුණක් සාකච්චා කලද එය රජයට අදාළ නොවේ.

එය රජයට අදාළ කරුණක් වන්නේ නම් රජය විසින් ෆේස්බුක් ගිණුම් සෑදීම සඳහා ඉල්ලුම්පත් සකස් කොට තිබිය යුතුය. දේශපාලන පිටු, නිරුවත් පිටු, සාහිත්‍ය පිටු වශයෙන් දෙපාර්තමේන්තු සකස් කොට රජය විසින් ෆේස්බුක් අමාත්‍යංශයක් ස්ථාපිත කොට තිබිය යුතු ය. ෆේස්බූක් වෙනුවෙන් වෙනම ඇමතිවරයෙක් ද පත්කොට තිබිමද යහපාලනයට ඉතා වැදගත් වේ. ඒ සිරිසේනගේ ඇමති මණ්ඩලය ඒ හරහා තවත් පුළුල් කරගත හැකි බැවිනි.

– අරුණ වාසලමුදලි විසිනි-

K.L.K.-Piyankara-a-project-coordinator-attached-to-the-Mattala-Rajaaksha-International-Airport

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.