Featured

යහපාලනයෙන් මත්වු පරයෝ- හමුදාව ලවා උතුරේ කානු සුද්ද කරමු ,විග්නේෂ්වරන්

“කිසිඳු රාජකාරියක් නොමැතිව උතුරු පළාතේ සිටින හමුදාව යොදවා ඇල මාර්ග සහ කානු පද්ධති පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකිය. මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුය” යනුවෙන් උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් සභාවේදී උතුරු පළාත් ප්‍රධාන ආමාත්‍යවරයාගේ අමාත්‍යංශය පිළිබඳ විවාදය 2015.12.16 වන දින පවත්වා ඇත. එහිදී කතා කළ උතුරු පළාත් සභා මන්ත්‍රී කේ.වින්දන්, “පසුගිය කාලයේදී යාපනය නගරය හමුදාව විසින් වටලා කඳවුරු ඉදිකරන ලදි.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයින් ඇල මාර්ග හරහා පැමිණ ප්‍රහාර එල්ල කරනු ඇතැයි යන බිය හේතුවෙන් හමුදාව විසින් ඇල මාර්ග වසා දමන ලදි. ඒ හේතුවෙන් යාපනය නගරයේ අපවිත්‍ර ජලය පිටාර ගලන අතර, ගංවතුර ගැලීමේ තත්වයක්ද උද්ගත වී ඇත” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

ඉන් පසු, එයට පිළිතුරු ලබාදුන් ප්‍රධාන අමාත්‍යවරයා, “හමුදාව විසින් වසා දැමූ ඇල මාර්ග යලි පිලිසකර කිරීමට හමුදාව යොදවාගත හැකිය. ඔවුන් මේ වන විට රාජකාරීයක් නොමැතිව සිටියි.

මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුය. හමුදාව අඛණ්ඩව මෙහි ස්ථාන ගතවී සිටීම හේතුවෙන් මෙහි පදිංචිකිරීම් සිදුවෙමින් තිබෙ‍න බව පෙන්වා දීමට කැමැත්තෙමි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සඳහා වන කැනඩා තානාපතිය හමුවූ අවස්ථාවේදී පැහැදිලි ක‍ළෙමි.ශ්‍රී ලංකා රජය සමඟ ඒකාබද්ධ වී කටයුතු කිරීමට හැකි නොවේද? යනුවෙන් කැනඩා තානාපතිනිය මාගෙන් ප්‍රශ්ණ විමසන ලදි. බොහෝ විදෙස් රටවල් අපගේ අඩුපාඩුකම් කෙරෙහි අවධානය යොමුකරන්නේ නොමැත.

ඔවුන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කතා කරමින් සිටියි” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

Top