Anonymous Reporter

යහපාලනයෙන් වැලි ජාවාරමට අපමණ අගයක්

පරිසර අමාත්‍යංශය යටතේ අනුදැනුම සහ දේශපාලන ආශීර්වාදය ඇතිව වැලි ජාවාරම ඉතා ජයටම කරගෙන යන බව වාර්තා වෙනවා.මෙයින් ප‍්‍රධානම වැලි ගොඩදැමීම පොලොන්නරුව, කදුරුවෙල, මනම්පිටිය ආශිතව සිදුවන අතර එය සම්පුර්ණයෙන්ම මෛත‍්‍රිපාල සිරිසේනගේ දේශපාලන අධාරකරුවන් විසින් මෙහෙයවනු ලබයි.මින් පෙර අප වෙබ් අඩවියෙන් වත්මන් ඇමැති කට්ටෙකු වන හරින් ප්‍රනාන්දු ද වැලි ගොඩ දැමීමට අවසර පත් ස්වකීය අත්සනින්ම ලබාදී ඇති අයුරු හෙළිකළා මතක ඇති. රටට හෙණ ගැහුවද උන්ගේ එවුන්ට හරිහම්බ කර ගැනීමට ඉඩදී බලා සිටීම පාදඩ දේශපාළුවන්ට සාමාන්‍ය දෙයකී.

අනියම් ඇසුරක් හේතුවේන් පොරෝ පහරක් කා මියගිය මෛත‍්‍රිපාල සිරිසේනගේ සහෝදරයකු මින් පෙර පවත්වාගෙන ගිය වැලි ගොඩ දැමීමේ ඒකාධිකාරිය දැන් මෛත‍්‍රිපාල ජනාධිපතිට හිතවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනු විසින් බෙදාගෙන යහපාලනය යටතේ අපමණ අගයක් ලබාදී ඇති බව ඔබට පහත විඩියෝවෙන් දැකගත හැකිය. දිනකට මෙවන් වැලි ලොරි දහස් ගණනක් පොලොන්නරුව සිට ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලට වැලි ප‍්‍රවාහනය කරයි. (ලංකා නිවුස් )

Top