Breaking
10 May 2025, Sat

යහපාලනයෙන් හිරිවැටුණු විපක්ෂ නායකවරයාට වගේ වගක් නැති ආබාධිත සෙබලුන්ගේ වේදනාව

තමන්ට හිමි විශ්‍රාම වැටුප මෙතෙක් ලබා නොදුන් බව කියමින් සඳුදා(31) විරෝධයක් ඇරඹූ ආබාධිත සෙබලු අදත් (7) වෙනි දිනටත් මහවැසි නොතකා කූඩාරම් යට සිට කොටව දුම්රියපල ඉදිරියේ ප්‍රධාන පාරේ විරෝධතාව පළ කරති.

විරෝධතාවයට එක්ව සිටි ආබාධිත සෙබලුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

වර්ෂ 1815 ඉංග්‍රීසීන්ට රට යටත් කරදීමෙන් පසු නිදහස් චින්තනය මෙරට පුරවැසියන් වෙතින් බැහැර වූ බව විදහා දක්වන ප්‍රබල සාක්ෂි මේ වන විට අප ඉදිරියේ දර්ශනයවෙයි.

අතුරුදහන් තැනැත්තන්ගේ ඥාතීන්ගේ සහාය සදහා පාර්ලිමේන්තුව නීති සම්මත කර දෙයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ 27(iii) වගන්තියේ දැක්වෙන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” පාර්ලිමේන්තුවට හෝ ජනතාවට ඉදිරිපත් නොකර උපායශීලී ලෙස නීති ගත කර දෙයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පත 2016.08.11 වැනි දින පාර්ලිමේන්තුවේ දී සම්මත වී ඇති අතර එහෙත් එකී පනත් කෙටුම්පතට අදාල 27.(iii) වගන්තියේ දැක්වෙන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” ගැසට් පත්‍රයේ පළකිරීමක් හෝ පනත් කෙටුම්පතේ උපලේඛනයක් ලෙස ඇතුළත් කිරීමක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සිදු කර නැති වුවද, එකී පනත් කෙටුම්පතට කථානායකවරයා විසින් සිය අත්සන තැබීමෙන් පසු “ජාත්‍යන්තර සම්මුතියේ”ප්‍රතිපාදනරටේ වලංගු නීතියක් බවටද 2016.08.23 දින සිට පත් කරගෙන ඇත. ඒ අනුව 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත රටේ නීතියක් වී ඇත.

2009 මැයි මස 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී එතෙක් රටේ පැවති ඝාතන සංස්කෘතිය නිමා විය. එහිදී වීරෝධාර සෙබළුන් රාශියක් දිවි පිදූ අතර, සෙබළුන් විශාල ප්‍රමාණයක් ආබාධිත විය.

තම දරුවන් හදා වඩා ලොකු මහත් කර ලොකු මිනිසුන් කරවූ විට දෙමාපියන් පාරට ඇද දමන යුතුකම් නොදත් පාපී දරැවන් සිටින හෙයින් පාර්ලිමේන්තුව විසින් 2000 අංක 09 වැඩිහිටි තැනැත්තන් ආරක්ෂා කිරීමේ පනත සම්මත කරමින් දරුවන්ගේ නොසැළකීම්වලින් අසරණවන වැඩි හිටියන් ආරක්ෂා කර දෙනු ලැබීය.

මේ වන විට ලංකාවේ පාර්ලිමේන්තුව විසින් වැඩිහිටි තැනැත්තන් මෙන්ම අතුරැදහන් තැනැත්තන් සම්බන්ධවද නීති පනවා ඇති ආකාරයට ආබාධිත සෙබලුන් ආරක්ෂා කිරීම, ඔවුන් නඩත්තු කිරීම, ඔවුන්ගේ පවුල් වලට සහන සැළසීම සදහා ඇතුළු ආනුශංගික කාරණා සදහා ආබාධිත සෙබලුන් ආරක්ෂා කිරීමේ පනතක් විගසින් සම්මත කිරීමට පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුත්තේ වර්තමාන සමාජය කළ ගුණ නොදන්නවුන්ගෙන් පිරී ඇති බවට තහවුරු වන දත්ත ඇති අවස්ථාවකදීය.

2015 අගොස්තු 17 පැවති මැතිවරණයෙන් පසු පිහිට වූ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයෙක් වෙයි. උතුරේ යුද්ධය පැවති සමයේ නීලන් තිරුචෙල්වම්ලා, අමිර්තලිංගම්ලා, ප්‍රේමදාසලා ඇතුළු සිංහල දෙමළ පුරවැසියන් ඝාතනය වූ බව වර්තමාන විපක්ෂ නායකවරයා අවබෝධ කරන්නේ නම් ආබාධිත සෙබලුන් අව්වට වේලෙමින් සහවැස්සට හසුවෙමින් මේ ගෙන යන දුෂ්කර මානුශීය විශ්‍රාම වැටුප් සටනනොදැක්කා සේ සිටිය හැකිද? නමුත් රටේ විපක්ෂ නායකවරයාට අබාධිත සෙබලුන්ගේ වේදනාව නොතේරේ.

වඩා ඛෙදවාචකය වන්නේ යහපාලන-සංහිදියා ආණ්ඩුවක් පවතිනවා කියන සමයක ජනාධිපතිවරායට හෝ අගමැතිවරයාටද පාර්ලිමේන්තුවටද ආබාධිත සෙබලුන්ගේ ඉල්ලීම් නොපෙනී යාමය. මෙහි වරද ඇත්තේ රටම යුතුකම් නොදන්නවුන්ගෙන් පිරී යාමද?

නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරි

B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

2016.11.07

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.