Breaking
24 Feb 2025, Mon

යහපාලනයේ එලිපිට මාධ්‍ය මර්දණය ඇරඹේයි,ITN මහේෂ් ගෙදර යවයි

රනිල්ගේ මාධ්‍ය මාෆියාව හරහා ක්‍රියාත්මක වෙමින් මහින්ද රාජපක්ෂ රෙජීමය බලයෙන් පහකොට යහපාලන රජය ස්ථාපිත කරගැනීම වෙනුවෙන් පෙරමුණ ගත් මාධ්‍යවේදීන් අතර සිටි අයිටීඑන් නාළිකාවේ මහේෂ් සේනානායකගේ වැඩ තහනමකට ලක්කිරීමට පියවර ගෙන තිබේ.මෙසේ වැඩ තහනම් කිරීමට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දී ඇත්තේ පහු ගිය සඳුදා උදෑසන වැඩසටහනේදී මහ බැංකු අධිපතිවරයාගේ නම වැරදියට සඳහන් කිරීම බවයි.

ආයතනයේ ප්‍රධානියකු දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුගේ සේවය අත්හිටවූ බවත් එම නිසා තවදුරටත් සේවයට වාර්තා කිරීම අනවශ්‍ය බවත් ප්‍රකාශ කළ බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

නම වැරදීම ඇත්තක් නමුත් පසුව ඔහු එය නිවැරදි කළ බව මාධ්‍යවේදි මහේෂ් සේනානායක සඳහන් කරයි. කෙසේ නමුත් වර්තා වන අන්දමට වැඩ තහනමට ආසන්නම හේතුව එය වුවත් මෙය කාලයක පටන් පිඹුරුපත් සෑදුණු වැඩපිළිවෙලක එක් කොටසක් බවත් ආණ්ඩුවේ වැරදි විවේචනය කිරිම තමන් දොට්ට දැමිමට මුලිකම හේතුව වී ඇති බවද ඔහු සදහන් කර තිබේ.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.