ගොබ්බයන්ගේ බෙදුම්වාදී වැඩ පිළිවෙලට එරෙහිව සංවිධානය වන පුද්ගලයන් ඝාතනය කරමින් ජනතාව භීතියට පත්කිරිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එම මෙහෙයුම පසුපස ප්‍රා නායකයන් දෙදෙනෙකු සහ එජාපයේ බටලන්දේ පැන්ෂන් ගිය නිළධාරීන් කිහිප දෙනෙකු සිටින බවද අනාවරණය වි තිබේ.
අද පෙරවරු 8.15ට පමණ කොච්චිකඩේ, මඩම්පැල්ල, වෙලේහන්දිය ප්‍රදේශයේදී නිලන්ත චම්පික නමැති ව්‍යාපාරිකයකුට (44) වෙඩි තබා ඝාතනය කල අතර ඔහු යහපාලනය නිරන්තරයෙන් විවේචනයට ලක්කල අයෙකු වන අතර ප්‍රදේශයේ ජනතාව අතර හොදහිත දිනාගත් අයෙකුද වනවා.
ඝාතනයට ලක්වු නිලන්ත චම්පික නැමත්තා පස් කැපීමේ ව්‍යාපාරයක හිමිකරුවෙකු වන අතර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල සංවිධායකයෙකුද මේ අකාරයේම පස් කැපීමේ ව්‍යාපාරයක නිරතවන් අතර ඝාතනයට ලක්වු අය සමග අවස්ථා කිහිපයකදිම ගැටුම් ඇති කර ගැනිමට කටයුතු කර ඇති බවද අනාවරණය වි තිබේ.
එම තොරතුරු ඉක්මනින්ම අනාවරණය කිරිමට අප සුදානම්