Breaking
25 Feb 2025, Tue

යහපාලනය ආපහු ස්ටාර්ට් කරන්න බෑ

තමන්ගේ මිතුරු රටවල් සමග ගැටුම් ඇති කරගැනීම නොකළ යුතු බවත්, චීනය වේවා, ජපානය වේවා, ඉන්දියාව වේවා ඒ සියලු රටවල් සමග මිතුරන් ලෙස කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ කුරුණෑගල, වැව රවුම පිහිටි නිවසේදී අලුත් අවුරුදු තේ මේසය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියා.

‘‘මේ අවුරුද්ද ගිය අවුරුද්ද සමග වගේම ඊට ටිකක් එහා තිබුණු අවුරුදුත් එක්ක සසදනකොට නම් ටිකක් අමාරු බව තමයි පේන්න තියෙන්නේ. මොකද බඩු මිල වැඩිවෙලා. කෘෂිකර්මාන්තය කඩාහැලීම නිසා වී ටික විකුණගන්න බැරිව, එලවලූ ටික විකුණගන්න බැරිව ගිහින්. පොල් මිල බැහැලා. මේ ආදි වශයෙන් ගත්තොත් රටේ හැම ක්ෂේත‍්‍රයකම තේ වේවා, රබර් වේවා කඩාවැටීමක් ඇතිවෙච්ච අවස්ථාවක්. ආණ්ඩුවක් පිහිටවලා, අලුත් ආණ්ඩුවක් එනකොට අර ඉස්සර ආණ්ඩුව කරගෙන ගිහින් තියෙන වැඩ ටික නතර වුණාම, බලෙන් නතර කලාම මේ තත්වයක් ඇතිවෙනවා. මේ ආර්ථික කඩාහැලීමට මූලික හේතුව ලෙස මම විශ්වාස කරන්නේ එයයි. මම මීට ඉස්සරවෙලත් මේ ආණ්ඩුවට බොහොම පැහැදිලි ලෙසම අපි අරගෙන ආපු වැඩ කොටස දිගටම කරගෙන යන්න කියලා. එහි යම් කිසි වරදක් තියෙනවා නම් ඒ ගැන සොයා බලන්න. ඒක ප‍්‍රශ්නයක් නෙවෙයි අපිට. හැබැයි මේ වැඩ ටික නැවත්තුවොත් මේක නැවත ආරම්භ කරන්න වෙන්නේ ඉතාම අමාරුවෙන්.

ගෙදරක වාහනයක් නවත්තලා තියන්න අවුරුද්දක් ස්ටාර්ට් නොකර. ඊළගට ස්ටාර්ට් කරන්න ගියාම ඔක්කොම දාන්න එපැයි මුල ඉදලම. හැමදේම අලූතින් දාන්න ඕනෑ. ඒ වගේ තත්වයක් තමයි මේ ඇතිවෙලා තියෙන්නේ. ඒක නිසා තමයි රුපියල දවස ගාණේ බාල්දු වෙන්නේ. මේ තත්වය නතර කරන්න නම් අපි එදත් කිව්වා චීනයත් එක්ක තියෙන ගැටුම නවත්වන්න කියලා. තමන්ගේ මිතුරු රටවල් එක්ක හැප්පෙන්න එපා. චීනය වේවා, ජපානය වේවා, ඉන්දියාව වේවා අපි මිතුරන් වශයෙන් කටයුතු කරන්න ඕනෑ. අපේ යුගයේදී මේ හැමෝගෙන්ම අපිට ආධාර ලැබුණා. නැත්තේ නැහැ. බටහිරින් ලැබුණා. ඔය කොච්චර කිව්වත් බලන්න ඔය පාලම් සියල්ල ලැබුණේ එංගලන්තයෙන්. අපි හැම රටක් එක්කම ගණුදෙණු කළා. යුරෝපියන් යුනියන් එකෙන් අපිට ආධාර කළා ඒ රටවල් වලින්. රටක ආර්ථිකය ශක්තිමත් වුණාම ආධාර දෙන්න එක්කහු වෙනවා. දුර්වල වුණාම එකකහු වෙන්නේ නැහැ. ඒ දවස්වල අයි එම් එෆ් එක පළවෙනි පියවර තියලා, දෙවැනි එකට එනකොට අපි ලබාගන්න එක්ක නෑ කියලා හිතලා වර්ල්ඞ් බෑන්ක් එක අපිට ඇවිල්ලා ආරාධනා කරනවා දෙන්න අපිට මොනවා හරි වැඩක් කියලා. ඒ තත්වෙට අපි ආර්ථිකය ශක්තිමත් කරලා තිබුණු රටක් මේක. ඒක සම්පූර්ණයෙන්ම කඩා හලලා, ජනතාව දුකට පත් කරලා තියෙන අවස්ථාවක තමයි අපි මේ අවුරුද්ද සමරන්නේ. මම හිතනවා මේ තත්වයේ වෙනසක් ඇති කරන්න වෙයි කියලා මෙයින් මිදෙන්න නම්.

දැන් සහනාධාර එකින් එක කපනකොට, වැට් එක එක්කහු වෙනවා මැයි මාසේ දෙවැනිදා ඉදලා සියයයට පහළොවක්. සමහර බෙහෙත්වලට අපි වැට් අයකළේ නැහැ. වතුර, දුරකථනලටත් අය කළේ නැහැ. දැන් මේවාට සියයට පහළොවක් අලුතින් එක්කහු වෙනවා. විදුලියට එක්කහු වෙනවා. භාණ්ඩවලට එකොළහේ ඉදලා ආපහු හතරක් එකතු වෙනවා වැඩියෙන්. ඉතිං මේවා විදගන්න වෙලා තියෙන්නේ ජනතාවට. ජනතාවට විදින්න වෙලා තියෙන්නේ පරිපාලකයින්ගේ වරද නිසා. රජයේ වරද. රජයේ අදූරදර්ශි ප‍්‍රතිපත්ති ක‍්‍රියාවලිය නිසා. දැන්වත් ඒ තත්වයේ වෙනසක් ඇතිවීම ඉතාම වැදගත් වෙනවා කියලයි මම විශ්වාස කරන්නේ.

අපි සියලූ දෙනා එකතු වෙලා මේ තත්වය වෙනස් කරන්න, මේ රට නැවත සංවර්ධන මාර්ගයට ගෙන යන්න කටයුතු කිරීම අප සියලු දෙනාගේ වගකීමක් . අපි මහින්දෝදය විද්‍යාගාර හැදුවා දාහක්. තාම විවෘත කරන්න හම්බවෙලා නෑ ඒ දාහ. දැන් අවුරුද්දයි මාස හතරක් පාලනය කළා. අපි අවුරුද්දකින් හදපු දාහ විවෘත කරගන්න තවම බැරි වුණා. සියලූ දේ තියෙනවා. විද්‍යාගාරයට උවමනා දේවල් තියෙද්දිත් විවෘත කරගන්න බැහැ. මේක කණගාටුදායක තත්වයක්. මේ තත්වයේ වෙනසක් ඇතිවේවායි කියලා අපි ප‍්‍රාර්ථනා කරනවා. මොකද අපේ දරු පරපුර වෙනුවෙන් තමයි අපි මේ හැමදෙයක්ම කරන්නේ. ඒ අයට අධ්‍යාපන පහසුකම් ලබාදෙන්න පියවර ගනියි කියලා විශ්වාස කරමින් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා කියලා ප‍්‍රාර්ථනා කරනවා. ’’යැයි පැවසීය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.