Featured

යහපාලනය ජනතාවගේ ගෙවල් බිලිගනී – විරෝධතාව විසුරුවන්න වෙඩි තබන්න අගමැති හිට්ලර් වේ

පෑලියගොඩ පාලම හරස් කරගෙන සිය ජිවත් විමේ අයිතිය ඉල්ලා සිටින ජනතාව ඉවත් කිරිමට නොහැකි නම් වහාම වෙඩිතබා හෝ ඉවත් කිරිමට වහාම කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට නියෝග නිකුත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යේදේන විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

නාගරික සංවර්ධන අධිකාරියෙන් ජනතාවට නොදන්නාව තම නිවාස කැඩීයැයි විරෝධය පළ කරමින් තොටළඟ ප්‍රදේශවාසීහු පිරිසක් පෑලියගොඩ පාලම හරස් කරගෙන විරෝධතාවක් ආරම්භ කල තර මේ වනවිට කොළඹ නගරයේ සිට බේස්ලයින් මාර්ගයේ මෙන්ම මරදාන, පංචිකාවත්ත, මාලිගාවත්ත ආදී ප්‍රදේශවල ද දැඩි වාහන තදබදයක් ද ඇති වී තිබේ.

ගුවන් තොටුපොළට සහ නුවර පාරට යන බොහෝ දෙනෙක් මේ නිසා ජනතාව අපහසුතාවට පත්ව ඇති බවත් ඔහුන්ට ඉවත් වන ලෙසට අවසන් නියෝගයක් නිකුත් කොට එයද අසාර්ථක වන්නේ නම් වෙඩිතබා හෝ ඉවත් කිරිමට කටයුතු කරන් ලෙස අගමැතිවරයා පොලිස්පතිවරයාට දන්වා තිබේ.

Top