Breaking
24 Jan 2025, Fri

යහපාලනය සෝභිත හිමි ඝාතනය කල හැටි

යහපාලකයන් විසින් ඝාතනය කල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සැක සහිත සිද්ධින් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ර‍හස් පොලීසියේ අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.ධම්මාලෝක හිමියන් අවධානය යොමුකරන කරුණු පිළිබඳව නිවැරදි තොරතුරු සොයා ගැනිමට රහස් පොලිසිය සමත් වන්නේ නම් කිසිදු ගැටලුවකින් තොරව සෝභිත හිමියන් ඝාතනය කල යහපාලකයන් කිහිප දෙනෙකුගේම නම්ගම් අනාවරණය කර ගැනිමට අපහසු නොවනු ඇත.

පෞද්ගලික රෝහලකදී සෝභිත හිමියන් ශල්‍ය කර්මයට ලක් කළ පසු සුවවී එම රෝහලෙන් පිටවීම, රෝහලෙන් පිටවන විට අසනීපයක් නොතිබීම, අනතුරුව වෙනත් පෞද්ගලික රෝහලකට ගෙනයාම, එහිදී අසාධ්‍යව නැවත පෙර සිටි රෝහලට ගෙනඒම, දින කිහිපයකට පසුව අසාධ්‍ය තත්ත්වයේ සිටි උන්වහන්සේ සිහිසුන්ව සිටියදී වෛද්‍ය උපදෙස් නැතිව සිංගප්පූරුවට ගෙනයාම, ප්‍රවාහනයේදී පුහුණුවක් ඇති වෛද්‍යවරු සම්බන්ධ කර නොගැනීම, ඉහත තීරණ ගත්තේ කවරෙකු විසින්දැයි තොරතුරු නොමැතිවීම හා වෛද්‍ය පරීක්ෂණ වාර්තා අස්ථානගත වීම එම කාරණාය.

ඉහත හේතු අනූව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370 වන වගන්තිය යටතේ හදිසි මරණ පරීක්ෂණයක් කළ යුතුව තිබූ බවත්, උන්වහ‍න්සේගේ ප්‍රකාශිත කැමැත්ත පරිදි දේහය වෛද්‍ය විද්‍යාලයට බාර ‍නොදී ආදහනය කිරීමත් සැක සංකා උපදවන බව උඩු‍වේ ධම්මාලෝක හිමියන් සඳහන් කරයි.

මේ ගැන සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් වෙනුවෙන් සිය සහ‍ය දෙන බවද සඳහන් කරන උන්වහන්සේ මීට පෙර මහචාර්ය කොටගම වාචිස්සර, පානදුරේ අරියධම්ම, ගංගොඩවිල සෝම යන හිමිවරුන්ගේ නාමාවලියට අලුතින්ම එක්වූ නම ලෙස සෝභිත හිමියන් සැලකිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

මේ දිනවල රනිල්ගේ හුජ්ජ කොල්ලන් සහ NGO නඩය සෝභිත ඝාතනය වසන් කිරිමට විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිටියද සෝභිත හිමියන් අපවත්කර පැය කිහිපයක් ගතවිමට අප වෙබ් අඩවිය හරහා මෙම මරණය ඝාතනයක් බවට කරුණු අනාවරණය කළා.

සෝභිත හිමියන්ගේ ඝාතනය ගැන කල හෙලිදරව් කියවන්න –graphics-click-here-483014

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.