Breaking
24 Feb 2025, Mon

යහපාලනය හෙළුවේන්!

කැබිනට්‌ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමේදී පරණ හොරුන්ටම යළිත් ඇමැතිකම් ලබාදීම තුළින් යහපාලන ආණ්‌ඩුවේ නිරුවත මුළු රටටම ප්‍රදර්ශනය කර ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පවසයි.

කැබිනට්‌ මණ්‌ඩලය පත් කිරීම පිළිබඳව කිසිසේත්ම සතුටු විය නොහැකි බවත්, පසුගිය කාලේ බරපතළ වංචා දූෂණ පිළිබඳව චෝදනා එල්ල වුණු හිටපු ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් රැසකට යහපාලන ආණ්‌ඩුව ඇමැතිකම් ලබා දී තිබෙන බවත් දිවයින පුවත්පත සමග එක්වෙමින් පවසා තිබේ.

“මෛත්‍රී – රනිල් හවුල් ආණ්‌ඩුව රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ෆොටෝ කොපියක්‌ විතරයි. මාරුවෙලා තියෙන්නේ ඔළුගෙඩි විතරයි”

අපි දන්නේ නැහැ මේ අයට ඇමැතිකම් ලබා දුන්නේ මොන පදනමින් ද කියලා. ඒ නිසා ආණ්‌ඩුව වහාම මේ පිළිබඳව රටට ප්‍රකාශයක්‌ කළ යුතුයි. ජනවාරි අටවැනිදා මේ රටේ ජනතාව රාජපක්‍ෂ පාලනය අවසන් කරලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය දුන්නේ ලොකු බලාපොරොත්තුවක්‌ ඇතිවයි. අද එම බලාපොරොත්තුව සිහිනයක්‌ වෙලා. මේ රටට විශාල ඇමැති මණ්‌ඩලයක්‌ කිසිසේත්ම අවශ්‍ය නැහැ. මේ ඇමැති මණ්‌ඩලය රටට බරක්‌. මේ ඇමැති මණ්‌ඩලය සම්පූර්ණයෙන් ම පත්කර තිබෙන්නේ බලය රැක ගැනීම සඳහා පමණයි.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ආණ්‌ඩු විරෝධී සියලුම දේශපාලන බලවේග එකට ඒකරාශී කොටගෙන අලුත් දේශපාලන පෙරමුණක්‌ ලෙස තරග කිරීමට ජනතා සේවක පක්‍ෂය තීරණය කර ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ පවසයි.

වැඩි දුරටත් කරුණු දැක්‌වූ අමරසිංහ මහතා මේ රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක පිළිබඳව සහ ඔවුන් සමග සන්ධානගත වී සිටින දේශපාලන පක්‍ෂ පිළිබඳව විශ්වාසයක්‌ නොමැති බව ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලයක්‌ ලබා නොදීමෙන් පැහැදිලි වෙනවා.

දැන් මේ රටේ ජනතාව නැවතත් ඉල්ලන්නේ පැහැදිලි සැබෑ වෙනසක්‌ රට තුළ ගොඩනැගිය හැකි දේශපාලන බලවේගයකුයි. ඒ හිඩැස පුරවන්න අපි සූදානම්.

මේ වන විටත් රටට ආදරය කරන දේශපාලන පක්‍ෂ සහ සිවිල් සංවිධාන ගණනාවක්‌ සමග අප සාකච්ඡා කර තීන්දු තීරණ ගණනාවක්‌ අරගෙන තිබෙනවා. අපේ අරමුණ මේ රට ගොඩනැගීමේ ජාතික සටන ගමෙන් ආරම්භ කිරීමටයි.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.