Featured

යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය මර්දනයක්-යහපලනයට කඩේ ගිය උන්ම කියයි

මාලිගාවත්ත ජනමාධ්‍ය නිවහන පිළිබඳ සොයා බලා වාර්තාවක්‌ සති දෙකක්‌ තුළ ලබා දෙන ලෙසට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය කනස්සල්ල පළ කර සිටියි.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ මහතා විමසා සිටින්නේ ස්වාධීන ජනමාධ්‍ය සංගම් හි කාර්යාල පිළිබඳ සොයාබැලීම මගින් අලුත් ආකාරයක ජනමාධ්‍ය මර්දනයක් වත්මන් ආණ්ඩුව දියත් කිරීමට උත්සාහ කරන බවයි.
එසේම වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් විසින් පිහිටුවාගත් ස්වාධීන සංගමයක් බවත් එය රජයේ හෝ රජය යටතේ ඇති ආයතනයක් නොවන බවද ඔවුන් අවධාරණය කර සිටී.ජනමාධ්‍යවේදීන්ගේ සංගමයක කාර්යාලයක් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනමාධ්‍ය ඇමැතිවරයාට බලය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ද ලසන්ත රුහුණගේ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කරයි.
Mas
Top