Breaking
24 Feb 2025, Mon

යහපාලන ආණ්ඩුවේ මැර ප්‍රහාරය හෙළාදකිනවා

පළාත් පාලන මැතිවරණයක් ඉල්ලමින් විරෝධතාවයේ නියැලුණු පළාත් පාලන නියෝජිතයින්ට , යහපාලන ආණ්ඩුවේ පොලිසිය විසින් එල්ල කල මැර ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් , පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් විසින් පැවැත්වූ විරෝධතාවයකට සිරිසේන-රනිල් පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් සහිත මැර ප්‍රහාරයක් එල්ල කල අතර පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසක් දැඩි ලෙස තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර විරෝධතාවය අතරතුරදී පොලිස් ප්‍රහාරයක් නිසා , ගම්පහ ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති රංජිත් ගුණවර්ධනගේ හිසට තුවාල සිදුවී තිබෙනවා .ප්‍රතිකාර සදහා ඔහු ගම්පහා රෝහලට ඇතුළත් කල බවයි එහි ප්‍රකාශකයෙකු අප හා ප්‍රකාශ කලේ .

ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම උදෙසා සංවිධානය කල සාමකාමි උද්ඝෝෂණයට පහරදීම

අද දින පලාත් පාලන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු වටරවුමේදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරනු ලැබූයේ ජනතාවගේ ඡන්දබල අයිතිය දිනාගැනීම වෙනුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම උදෙසා සංවිධානය කල සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව එල්ල කල සාහසික ප්‍රහාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් දැඩිව පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

නිසි කලට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක අත්‍යවශ්‍යයෙන්ම පැවතිය යුතු ලක්ෂණයයි. මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ප්‍රචණ්ඩ පාලනයක ස්වභාවය බව අමුතුවෙන් කිවයුතු නැත. අද පලාත් පාලන නියෝජිතයන් ඇතුලු දහස් සංඛ්‍යාත පිරිසක් පාර්ලිමේන්තු වටරවුම වටා රොද බැද ගත්තේ බදු ගෙවන ජනතාවගේ යුක්තිය සහ සර්වජන ඡන්දබල අයිතිය වෙනුවෙනි. එය අති‍ශයින්ම සත්භාවික කාලීන සාධාරණ අරගලයකි. නමුත් ආණ්ඩුව ඊට දැක්වුයේ අමානුෂික නිර්ලැජ්ජිත ප්‍රතිචාරයකි. මෙවැනි සාමකාමී මහජන උද්ඝෝෂණයකදී භාවිත නොකල යුතු ආකාරයේ ක්‍රමවේදයක් ආණ්ඩුව අදත් පාර්ලිමේන්තු වටරවුමේදී භාවිත කල බව අපි දුටුවෙමු. පිරිස විසුරුවා හැරීමේ අරමුණ නොව ඹවුන්ට තුවාල සහ ශාරීරික පීඩාවන් සිදු කිරීමේ අරමුණින් කදුඵ ගෑස් ප්‍රහාර එල්ල කෙරිනි. පිරිස විසුරුවා හැරීමේ අරමුණින් එහා ගිය ප්‍රචණ්ඩ අපේක්ෂාවන් ආණ්ඩුවට තිබුණු බව කදුඵ ගෑස් ප්‍රහාරය උද්ඝෝෂකයින්ගේ මුහුණටම එල්ල කිරීමෙන් තහවුරු විය. මෙහිදී එල්ල කල අධි පීඩන ජල ප්‍රහාරය සදහා විශ සහිත අපිරිසිදු ජලය යොදාගෙන තිබීමද බරපතල තත්වයකි ආණ්ඩුවෙ මෙම ප්‍රහාරයෙන් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබූ අතර ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ හිසට බරපතල තුවාල සිදුවී ඇත.

කිසිසේත්ම සාධාරණ නොවන අතාර්තික හේතු පුන පුනා ඉදිරිපත් කරමින් පාලාත් පාලන මැතිවරණය කල් දමන ආණ්ඩුව මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසනවාට අමතරව සාමකාමී උද්ඝෝෂණ සදහා වු මහජන අයිතියටද පහරදී අවසන්ය. ආබාධිත රණවිරු උද්ඝෝෂණයට එල්ල කල මැර ප්‍රහාරයෙන් අගනුවර වීදි පුරා විසිරුණු ලේ බිංදු වියැලෙන්නටත් මත්තෙන් අණ්ඩුව තවත් උද්ඝෝෂකයන් පිරිසකගේ ලේ සොලවා තිබේ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඇතුලු උද්ඝෝෂකයින් මර්ධනය සදහා ආණ්ඩුව මෙකී අමානුශික උපක්‍රමය පසු ගිය කාලය පුරා දිගින් දිගටම භාවිතකර තිබේ. ප්‍රජාතන්ත්‍ර විරෝධි වියරු පාලකයින් පළමුව සිදුකරන්නේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගැනීමයි. එම වියරු පාලකයින්ගේ දෙවැනි ප්‍රයත්නය උදුරාගත් අයිතීන් දිනාගැනීම සදහා වූ මහජන අරගලය අමානුෂික ලෙස මර්ධණය කිරීමයි. ජනාධිපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ වර්ථමාන ආණ්ඩුව දැන් ප්‍රවේශවී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක දෙවැනි අදියරයටයි.

ප්‍රජාතන්ත්‍රවාදී නව රජයක් ස්ථාපිත කිරීම සදහා වු අරගලය රාජ්‍ය ත්‍රස්තවාදයෙන් නතරකල හැකියැයි ආණ්ඩුව සිතන්නේනම් එය බරපතල වැරදි වැටහීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.