Breaking
24 Feb 2025, Mon

යහපාලන කක්කුස්සි කටාගේ ටුනා මාළු කොල්ලය

යහපාලන කක්කුස්සි කටා හේවත් වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත් සේනාරත්න ධිවර අමාත්‍යවරයාව සිටි සමයේ රුපියල් ලක්ෂ 50ක් වැනි සොච්චම්(රාජිත ගහන ගේම් වලට අනුව ) මුදලක් වංචා කිරිම සදහා කල ටූනා මාළු කොල්ලය හේතුවෙන් අදටත් ධීවර කර්මාන්තය විදවමින් සිටින බව අනාවරණය වි තිබේ.

එය අමතර කරුණකි. නිල වශයෙන් මෙරටට වාර්ෂිකව රුපියල් කෝටි දහස් ගණනක මසුන් සහ මත්ස්‍ය නිෂ්පාදන ගෙන එනු ලැබේ. පසුගිය 2015 වර්ෂයේ දී ඩොලර් මිලියන 218ක් හෙවත් ලංකාවේ රුපියල් මිලියන 29,800ක පමණ මාළු ගෙන්වා තිබීම මේ බව තහවුරු කෙරෙන හොඳ ම නිදසුනකි. මෙම වසරේ මුල් මාස දෙක තුළ දී ඩොලර් මිලියන 35.2ක් හෙවත් රුපියල් මිලියන 5,100කට අධික මත්ස්‍ය නිෂ්පාදන මෙරටට ගෙන්වා තිබිණ. රට වට කර මහා සාගරය තිබුණ ද, ඒ තුළ මත්ස්‍ය අස්වැන්න ටොන් ලක්ෂ ගණනක් තිබුණ ද මේ අරුම පුදුම පාලකයන් සිටින රටේ හැටි ඔය වැනි ය. මේ තුළින් හෙළි වී තිබෙන අමතර කරුණු රැසකි.

ජපානයේ සහ චීනයේ මසුන් මිල දී ගෙන මෙරටට ගෙන ඒමේ ජාවාරමක් හොර රහසේ ම ක‍්‍රියාත්මක වෙමින් පවතී. මේ සඳහා පසුගිය ආණ්ඩුවේ ඉහළ ම බලවතුන්ගේ අනුග‍්‍රහය ලැබී තිබුණු බව කියැවේ. මේ අතර, හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නට ටූනා මත්ස්‍ය ඉල්ලමක් පහළ වී ඇත. ජපානයේ විශේෂ ඉල්ලීමක් තිබෙන ටූනා මත්ස්‍යයන්ගේ අදාළ ප‍්‍රමිතියට අයත් නොවන කුඩා මාළු කූරියන් විකුණා දමයි. මෙරට අර්ධ රාජ්‍ය ආයතනයක් වන මත්ස්‍ය සම්පත් පර්යේෂණ ආයතනයේ අනුමැතිය ඇතිව එම ටූනා මාළුන් මෙරටට ආනයනය කෙරේ. රුපියල් මිලියන 30,000කට ආසන්න මත්ස්‍ය නිෂ්පාදන මෙරටට ගෙන ඒමේ එක් ප‍්‍රධාන අංශයක් වී ඇත්තේ ටූනා මසුන් ගෙන ඒමයි. මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඒ සඳහා මැදිහත් වී සිටියහ.

මෙවැනි ස්වාධීන ව්‍යාපාරයක් කරගෙන යාමට මෙරට දේශපාලන කෙරුමන් බොහෝ විට ඉඩක් දෙන්නේ නැත. ඒවා තම තමන්ගේ ගොඩට දමා ගැනීමට ඕනෑ ම තක්කඩිකමක් කිරීමට පසුබට නොවන බව පසුගිය මෑත ඉතිහාසයේ ඕනෑ තරම් ඔප්පු කර තිබේ. 2010 අප්‍රේල් මාසයේ බලයට පත් වූ ආණ්ඩුවේ ධීවර ඇමති රාජිත සේනාරත්න අලුත් ව්‍යාපාරයකට අත ගසමින් ධීවර සංස්ථාවට මාළු ගැනීමේ මුවාවෙන් තම බලය යොදවා මාළු කොල්ලකන ලද බවට චෝදනා නැඟී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ පිළිබඳව වින්දිත ව්‍යාපාරිකයා ලිඛිතව පැමිණිලි කර ඇත.

එම සිදුවීම මෙසේයි. වේයන්ගොඩ තිබෙන ‘වාසනා එන්ටර්ප‍්‍රයිසස්’ නම් ආයතනය ජපානයේ ‘ටයියෝ ෆිෂිං’ කම්පැනි ලිමිටඩ් ආයතනයෙන් මිල දී ගන්නා ලද ශීත කළ මාළු තොගයක් ගෙන්වා 2010 ඔක්තෝබර් මස 17 වැනි දින වරායෙන් ගොඩබාගෙන ඇත. එම අවස්ථාවේ දී ධීවර සංස්ථාවෙන් බව ප‍්‍රකාශ කළ පිරිසක් කඩා පැන ඇමති රාජිත සේනාරත්නගේ නියෝගය පරිදි එම තොගය ධීවර සංස්ථාවට රැගෙන යන බව පවසා කොල්ලකාගෙන ගොස් තිබේ. එම මාළු තොගය ජපානයේ ‘ටයියො ෆිෂිං’ කම්පැනි ලිමිටඩ් ((TAIYO AND F.CO.LTD.) සමාගමෙන් ණයවර ලිපි ඇතුළු නීත්‍යනුකූල ලිපි ලේඛන මත මුදල් ගෙවීමේ ක‍්‍රම භාවිතා කරමින් ලබාගෙන ඇත. වරායෙන් පැහැර ගන්නා විට එම මාළු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තිහක් පමණ වී තිබේ. එම ව්‍යාපාරිකයාට සිදුව තිබෙන පාඩුව රුපියල් ලක්ෂ පනහක් පමණ බව කියවේ.

ඇමතිකම් දරන අතර ඒ බලයෙන් ජාවාරම්වලට පණ පොවන්නේ මෙසේ ය. පසුව අවස්ථාවක රාජිත සේනාරත්න ඇමතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ එම මාළු තොගයේ වටිනාකම අදාළ පුද්ගලයන්ට ගෙවා ඇති බවයි. නමුත් වාසනා එන්ටර්ප‍්‍රයිසස් වෙත අදාළ මුදල් මේ දක්වා ලැබී නැත. රාජිත සේනාරත්න ඇමතිවරයාට එල්ල වී තිබෙන මෙම චෝදනාව මූල්‍යමය වශයෙන් ගත් කල මේ රටේ සිදු වන වංචා සහ මංකොල්ල සමඟ සසඳන විට රෝම කූපයක් තරම්වත් එකක් නොවේ. නමුත්, මෙය පදනම් කරගෙන ප‍්‍රශ්න ගණනාවක් පැන නැඟී තිබේ.
වත්මන් ආණ්ඩුව පිහිටුවීමේ කසකාරයන් කිහිප දෙනා අතුරින් ප‍්‍රමුඛයෙකු ලෙස 2014 නොවැම්බර් මස එළියට පැමිණි පුද්ගලයෙකි මොහු. ඉන් පසු ජනාධිපතිවරණය දක්වා සක‍්‍රීය දේශපාලනයේ යෙදුණු අතර, 2015 අගෝස්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූයේ ය. හවුල් ආණ්ඩුවේ කටකාරයන්ගේ පෙරමුණ තුළ ප‍්‍රමුඛස්ථානයක් හිමි කරගෙන සිටින මෙම ඇමතිවරයා වගකීම් විරහිත ප‍්‍රකාශ කරමින්, වගකීම් විරහිතව ක‍්‍රියා කරන බව මේ වන විට තහවුරු වී ඇත. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ධීවර ඇමති ලෙස කටයුතු කරමින් ගාල්ලේ ඉදි කළ මහා පරිමාණ ටින් මාළු කම්හලක් ගැන කියැවිණ. දැන් එයට කුමක් සිදු වී තිබෙන්නේ දැයි හවුල් ආණ්ඩුවෙන් සොයා බැලීම අවශ්‍ය වී තිබේ. එය ඉදි කිරීමට ගිය වියදම සහ වාර්ෂික නිෂ්පාදන ප‍්‍රතිලාභ ගැන සොයා බැලීම වැදගත් ය.

මෙය රාජිත සේනාරත්න ඇමතිවරයා වගකීම් දැරූ සමයේ සහ ඉන් පසුව සිදු වෙමින් තිබෙන තත්ත්වය විමසා බැලීමට ද යොදා ගත යුතුව තිබේ. මන්ද රට වටේ ම මහ මුහුද තිබුණ ද, එමෙන් ම මෙරටට අයත් ජාත්‍යන්තර මුහුදේ සැතපුම් දහස් ගණනක් තිබුණ ද කර්මාන්තයක් වශයෙන් ධීවර අංශය බිඳ වැටෙමින් තිබීම නිසායි. 2014දී ජාතික නිෂ්පාදිතයට ධීවර කර්මාන්තයෙන් රුපියල් මිලියන 120,658ක් ලබා දී තිබූ අතර හවුල් ආණ්ඩුව යටතේ එය රුපියල් මිලියන 117,453.ක් දක්වා සියයට 2.7කින් කඩා වැටී තිබේ. මෙය මෙසේ වී ඇත්තේ කෘෂිකර්මාන්තයට මෙන් කාලගුණ බලපෑම් සිදුවීම් නිසා හෝ වගා පාළු වීම නිසා වැනි හේතු නිසා ද නොවේ. පසුගිය වසරේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය උපයෝගී කරගෙන මත්ස්‍ය අස්වැන්න වැඩියෙන් නෙළා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් තිබිණි. එහෙත්, සිදු වී ඇත්තේ එහි අනික් පැත්ත ය. ධීවර ඇමතිලා වශයෙන් සිටි උදවිය පෙර සඳහන් කළ වැනි දේවලින් පාතාල ජාවාරම් කරන විට කවර හෝ කර්මාන්තයක් පරිහානියට වැටීම අරුමයක් නොවේ.

අනික් පැත්තෙන් රාජිත ඇමතිවරයා දැන් හවුල් පාලනයක් ආරම්භ කර තිබෙන බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. රුපියල් ලක්ෂ 50ක් වැනි සොච්චම් ගේමක් ගැන සඳහන් කළේ මේ හේතුව පදනම් කරගෙන ය. ඡන්ද අපේක්ෂකයන්ගේ මනාප මරා ගැනිල්ල ඉදිරියට දමා ඉන් පසු සිදු කරනු ලබන මරා ගැනීම් යටපතේ කර තිබේ.

(ලංකා ඉරිදා සංග්‍රහය)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.