Anonymous Reporter

යහපාලන බොරු පැතිරු ‘‘අද ’’ පුවත්පත ඉල්ලන් කයි

CSN රූපවාහිනි නාලිකාවේ වර්තමාන සභාපති රොහාන් වැලිවිට විසින් විජය පුවත්පතේ සමාගම විසින් මුද්‍රණය කර ප‍්‍රකාශ කරන ‘‘අඳ’ පුවත්පතට රුපියල් මිලියන 100 වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත. නීතීඥ නිලන්ත විජේසිංහ මහතා මාර්ගයෙන් මෙම එන්තරවාසිය යවා ඇත්තේ 2016 අගෝස්තු 11 වන දින ‘‘අද ’’ පුවත්පතේ පළමු පිටුවේ ‘‘සී .එස්.එන්. නාලිකාවට අයත් රු. මිලියන 157.5 රාජසන්තකයි’’ යන ශීර්ෂ පාඨය යටතේ පළවූ ප‍්‍රවෘත්තිය අසත්‍ය ප‍්‍රවෘත්තියක් ලෙස සදහන් කරමිනි.

එම ප‍්‍රවෘත්තියේ ‘‘රොහාන් වැලිවිට මහතාට අයත් ගිණුමක තිබූ මෙම මුදල ඔහුගේ නොවන බවත්, එය යෝෂිත රාජපක්ෂ මහතාට අයත් මුදලක් බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කළ පරීක්ෂණයේදී රොහාන් වැලිවිට මහතා කට උත්තර දී ඇති බව එම ප‍්‍රවෘත්තියේ සදහන් කර ඇත.

2016 අගෝස්තු 10 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බී වාර්තාවේ කිසිම ස්ථානයක CSN නාලිකාවේ
හෝ රොහාන් වැලිවිටගේ නම සදහන් කර නොමැත.

වසර 40 ක පමණ කාලයක් මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු ලෙස දේශීය හා විදේශියව ලබා තිබෙන කීර්ති නාමයට හා ව්‍යාපාරිකයෙකු ලෙස තබා තිබෙන විශ්වාසය මෙම ප‍්‍රවෘත්තිය නිසා කඩවූ බව සදහන් කරමින් මෙම එන්තරවාසිය විජයපුවත්පත් සමාගමේ අයිතිකරුවන්ට හා ‘‘අද ’’ පුවත්පතේ කතෘවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත.

අදාළ වන්දි මුදල දින 14 ඇතුළත ලබා නොදුනහොත් එම ආයතනයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව රොහාන් වැලිවිටගේ නීතීඥ නිලන්ත විජේසිංහ මහතා පැවසීය.

Letter of demand for Rs. 100 million sent by RohanWelivita to Vijaya Newspapers

 

The head of the CSN channel has sent a letter of demand for Rs. 100 million

to the “ Adha ” newspaper published by Vijaya Newspapers. The letter of demandhas been sent to Vijaya Newspapers by Rohanwelivita’s lawyer NilanthaWijesinghe stating that the news item published in the Adha Newspaper on 11August 2016 under the headline Rs. 157.5 million belonging to CSN Channelconfiscated was false.

The said news item had also stated that RohanWelivita had said in his statement to the FCID that this money lying in hisaccount was not his but YoshithaRajapaksa’s.

The CSN Channel or RohanWelivita’s name is not mentioned anywhere in the BReport filed in the KaduwelaMagistrate’s court by the FCID on 10 August 2016.

The letter of demand has been sent to the Editor of theAdha newspaper stating among other things that this news item has sullied the reputation built up by Welivita as a media personality and a businessman over the past 40 years. Welivita’s lawyer has stated in the letter that if this money is not paid within two weeks, steps would be taken to file action in courts.

 

Top