Breaking
23 Feb 2025, Sun

යහපාලන හොර නඩය එළවීම සඳහා යක්‌ෂයන්ටද ආරාධනාවක්… දකුණේන් වැඩේ අරඹයි…

“යහපාලන හොර නඩය එළවමු” යෑයි කියමින් ඒ සඳහා පන්දම් පාලියක්‌ පවත්වමින් යක්‌ෂයන්ට ආරාධනා කරමින් දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා (රත්තරන්) ඊයේ (27) උදැසන දකුණු පළාත් සභා රැස්‌වීමට සහභාගි වීමට පැමිණ තිබේ.

ගාල්ල කලේගාන හන්දියේ සිට බෙරකරුවකු පෙරටු කොටගෙන පැමිණි මන්ත්‍රීවරයා දුම්මල ගසමින් පන්දම්වලට ගිනි දල්වාගෙන යහපාලන හොර නඩය එළවීම සඳහා පළාත් සභාව ඉදිරිපිට තොවිලයක්‌ කරනු ලැබීය.

යහපාලන රජයට සහයෝගය ලබා දෙන දකුණු පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ට ද ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මන්ත්‍රීවරයා විසින් කවි කියමින් විරෝධය පළ කරනු ලැබීය. මහ බැංකු කොල්ලය, රාජ්‍ය සම්පත් විකිණීම ඇතුළු යහපාලන රජයේ ජනතා විරෝධී ක්‍රියාවන්ට මන්ත්‍රීවරයා මෙහිදී විරෝධය පළ කරනු ලැබුවේ කවි ගායනා කරමිනි. යහපාලන හොර නඩය එළවීම සඳහා යක්‌ෂයන්ටද ආරාධනා කරන බව මන්ත්‍රීවරයා කීවේය.

පළාත් සභාව ඉදිරිපිටට ගිනි දල්වා ගත් පන්දම් රැගෙන පැමිණි මන්ත්‍රීවරයා දුම්මල ගසමින් යක්‌ෂයන්ට ආරාධනා කරමින් පන්දම් පාලියක්‌ද පවත්වනු ලැබීය.

ගාල්ල – ලලිත් චාමින්ද

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.