Breaking
24 Feb 2025, Mon

යාපනයට සිංහල නැටුම් එපාවීම

මේ සටහන තරමක් ප්‍රමාදයි. සතියක් පමණ මට පරිගණකයෙන් ඈත්වීමට සිදුවුනා. යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට පහර දුන්නේ ඇයි? එය හුදෙක් සිසුන් දෙපිරිසක් අතර වූ ගැටුමක් ලෙස පෙන්නන්න බොරු පඬියන් උත්සාහ ගන්නවා. ගැටුමට, නැහැ පහර දීමට හේතුව ඉතා පැහැදිලියි. ඒත් ඊනිය පරීක්‍ෂණයක් පැවැත්වුවහොත් හමුදාව හා සිංහල සිසුන් වැරදිකරුවන් වෙන්න පුළුවන්. හමුදාවත් සිංහල සිසුනුත් යාපනයෙන් ඉවත් කිරීමේ වෑයමක් තිබෙනවා.

යාපන විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිංහල සිසුන් විශාල පිරිසක් ඉගෙන ගන්නවා. මෙවර ඒ පිඨයේ නවක ශිෂ්‍යයන් සඳහා පැවැත්වූ උත්සවයකට උඩරට නැටුමක් (මෙය වැරදි ව්‍යවහාරයක් වෙන්න ඕන) ඇතුළත් වෙලා. එහි දී ශාස්ත්‍ර පීඨයේ සිසුන් පිරිසක් පැමිණ මේ නැටුම් යාපනයේ නටන්න බැහැ කියා පහර දීමක් කර තිබෙනවා. මෙය සිද්ධ වෙන්නෙ යාපනයේ බෞද්ධ සිද්ධස්ථාන පවත්වාගෙන යෑම පිළිබඳවත් හමුදා කඳවුරු පවත්වාගෙන යෑම පිළිබඳවත් විරෝධතා මතුවන පසුබිමකයි. විග්නේෂ්වරන්ලා මේ ගැන මොකද කියන්නෙ. මෛත්‍රිපාලට පුළුවන් ඒ ගැන කණගාටුවෙලා ඊනියා සංහිඳියාවක් ගැන බොරු කතා කීමට පමණක් ද?

මෙයට යාපන විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පමණක් සහභාගි වෙලා තියෙන බව පැහැදිලියි. දෙමළ සමාජයේ සිංහල විරෝධයක් ඇති කිරීමට උත්සාහ කරන විසුරුණු දෙමළ ජනයාගේ අදහස්වලින් පෝෂණය වන පිරිසක් මෙය පිටුපස ඉන්නවා. ඔවුන් දෙමළ ජාතිවාදීන්. ඔවුන් ආගමින් හින්දු වුනත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අය. ජාතිවාදය ඇත්තේ උතුරේ පිරිසක් අතර මිස සිංහලයන් අතර නොවන බව මේ සිද්ධියෙන් ද පැහැදිළි වෙනවා. යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ව පිඨයකින් ස්වාධින වූ ආයතනයක් ඇති කිරීමට තීරණයක් ගත්තේ මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ කමිටුවේ සභාපති ව සිටි කාලයේ දී. අප ඒ තීරණය ගත්තේ පීඨ බටහිර අධ්‍යාපන ආකෘතියෙහි ක්‍රියාත්මක වන නිසා. එහෙත් එය සාර්ථක ව ක්‍රියාත්මක වුනා ද කියා මා දන්නේ නැහැ. අප දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ කමිටුවට යාපනයේ සිද්ධ වෙද මහතකු ද පත්කර ගත්තා.

දෙමළ ජාතිවාදීන් සිංහල නැටුමකට විරුද්ධ වූවත් බටහිර නැටුම්වලට සංදර්ශන අංගවලට විරුද්ධ වන්නේ නැහැ. ඔවුන් බෞද්ධ සිද්ධස්ථානවලට විරුද්ධ වූවත් ක්‍රිස්තියානි/කතෝලික දේවස්ථානවලට විරුද්ධ වන්නේ නැහැ. එයට ප්‍රධාන හේතුව දෙමළ ජාතිවාදය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙන් පෝෂණය වීමයි. විග්නේෂ්වරන් වේට්ටිය ඇඳගෙන නළලේ අළු ගාගෙන කෝවිලට ගියත් සංස්කෘතියෙන් යුදෙවු ක්‍රිස්තියානි. ඔහු කැමරන් හමුවීමට ගියේ බටහිර ඇඳුමෙන් සැරසී. සුමන්තිරන් ආගමෙන් ද මෙතෝදිස්ත. දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් බෞතීස්ම කරන ලද්දේ ඉංගිරිසින් විසිනුයි. රාමනාදන්ලා ක්‍රිස්තියානි සම්භවයක් තිබූ අය. චෙල්වනායගම් ඇංග්ලිකන් ක්‍රිස්තියානි.

මෛත්‍රිපාල බොරු සංහිඳියාවක් ගැන කතා කිරීමෙන් වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. කිරිඇල්ලට මේ එකක්වත් තේරෙන්නේ නැහැ. ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් බව කී ඔහු ගැන සරත් ෆොන්සේකා මොනවා කියනවාද කියා රනිල්ගෙන් දැනගත යුතුයි. ප්‍රශ්නය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බව දෙමළ ජාතිවාදීන් නොපිළිගැනීමයි. බටහිර රටවල් හා ඔවුන්ගේ කලාපීය නියෝජිතයා වූ ඉන්දියාව ක්‍රිස්තියානි සම්භවයක් තිබූ දෙමළ දේශපාලනඥයන් ලවා ද බොරු පඬියන් ලවා ද දෙමළ ජනයා සිංහල බෞද්ධ විරෝධීන් බවට පත්කිරීමට උත්සාහ ගන්නවා. මෛත්‍රිපාලට ඒ උත්සාහය පරාජය කිරීමට බැහැ.

බටහිරයන් හා පඬියන් කීවේ මහින්ද යුද්ධය දිනුවත් සාමය දිනුවේ නැහැ කියායි. එය බොරුවක්. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු සාමය ක්‍රමයෙන් වර්ධනය වූවා. අද සිද්ධවන්නේ කුමක් ද? සාමය වර්ධනය වීම ආපසු හරවා තිබෙනවා පමණක් නොව නැවතත් ප්‍රභාකරන් කෙනකු ඇතිවීමට ද ඉඩ සකසා තිබෙනවා. යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට පහර දීමේ දී ප්‍රභා කෙනකුත් සහභාගි වී තිබෙනවා. රනිල්, සුමන්තිරන්, විග්නේෂ්වරන් එක වල්ලේ පොල්. ඔවුන් බටහිරයන්ගේ, විශේෂයෙන් ම ඇංග්ලො සැක්සන් සංස්කෘතියේ නියෝජිතයන්. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව, හැකිනම් ඒ විනාශ කිරීමට කටයුතු කරනවා. මෛත්‍රිපාලට ඔවුන් හා බටහිරයන් පරාජය කිරීමට පුළුවන්. ඒ ඔහු මහින්ද අගමැති කිරීමෙන් පමණයි. එහෙත් ඔහුගේ වෛරී දේශපාලනයට ඒ සඳහා ශක්තියක් නැහැ.

මේ සම්බන්ධයෙන් ඊනියා අන්තර් විශ්වවිද්‍යාල බල මන්ඩලයේ නායකයන් කියන දේ ඔවුන්ටවත් තේැරන්නේ නැහැ. තමන්ට නොතේරෙන පට්ටපල් බොරු වූ මාක්ස්වාදී කතා ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ප්‍රකාශ කරනවා. රුසියාවත් ඇතුළුව ලෝකයේ කොහේවත් මාක්ස්වාදී රාජ්‍යයක් ඇති නොවුනේ ඇයි දැයි කීමට ඔවුන්ට පුළුවන් ද? බටහිර විද්‍යාව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේත් මාක්ස්වාදය කතෝලික චින්තනයේත් උපත ලැබූ පද්ධතීන්. මහින්ද හොරා කියමින් කෑ ගැසූ චම්පක අවස්ථාවාදීව යාපන සිද්ධිය ගැන කිඹුල් කඳුළු හෙළනවා.
නලින් ද සිල්වා

2016 ජූලි 20

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.