Breaking
24 Feb 2025, Mon

යුද හමුදාපති වහා ගෙදර යනු,යුධ හමුදාව පාවාදිම ලගදිම වෙනස් කරනවා -ගොඨා සටන අරඹයි

කොස්‌ගම හමුදා අවි ගබඩාව පිපිරීමේ ඛේදවාචකයට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්‍ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා “දිවයින” ට පැවසීය.

මෙවන් වැදගත් ස්‌ථානයක්‌ නිසි ලෙස ආරක්‍ෂා කර ගැනීමට නොහැකිවීමේ වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා එය භාරගෙන යුද හමුදාපතිවරයා ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

කොස්‌ගම හමුදා අවි ගබඩාව පුපුරා විනාශ වීමේ සිද්ධිය පිළිබඳව “දිවයින” කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේ පනාගොඩ පිහිටි යුද හමුදා අවි ගබඩාව කොස්‌ගම සාලාව කඳවුර වෙත රැගෙන ගොස්‌ තිබුණා. මම ආරක්‍ෂක ලේකම් වූ පසු එම ස්‌ථානය ඊට නුසුදුසු අනාරක්‍ෂිත එකක්‌ බව පෙනී ගිය බැවින් එහි තිබූ බර අවි උණ්‌ඩ කොටසක්‌ දියතලාව සහ මාදුරුඔය වෙත ගෙන ගියා. ඒ වගේම කොස්‌ගම අවි ගබඩාවේ ආරක්‍ෂාව තරකරන ලෙසත් මම යුද හමුදාපතිවරයාට උපදෙස්‌ දුන්නා.

යුද්ධය පැවැති සමයේ සහ ඉන් පසුව ටොන් 25,000 ක පමණ උණ්‌ඩ මෙම අවි ගබඩාවේ තිබුණා. යුද්ධයෙන් පසුව එම උණ්‌ඩවලින් විශාල ප්‍රමාණයක්‌ වේයන්ගොඩ අවි ගබඩාවට රැගෙන ගියා. එතැනත් ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි නිසා මම හමුදා අවි ගබඩා 02 ක්‌ අනුරාධපුර ඔයාමඩුවේ සහ රඹෑව පලුගස්‌වැව ප්‍රදේශවල පිහිටුවීමට තීරණය කළා. එම ස්‌ථාන දෙකම පශු සම්පත් සංවර්ධන මණ්‌ඩලයේ පැරණි ගොවිපළ භූමි දෙකක්‌. එහි මූලික කටයුතු සැලසුම් කරමින් සිටියදී අපට රාජ්‍ය බලය අහිමිව ගියා.

ඉන්පසුව බලයට පැමිණි රජය සහ යුද හමුදාපතිවරයා එම අවි ගබඩා පිහිටුවීම සිදුකළේ නැහැ. එය කළා නම් කොස්‌ගම සහ වේයන්ගොඩ අවි ගබඩා අද වසා දමලා. කොස්‌ගම අවි ගබඩාවේ තිබූ ටොන් 25,000 ක උණ්‌ඩ තොගය මම ආරක්‍ෂක ලේකම්ව සිටියදී අඩු කළ නිසා අද එම ගබඩාව පිපිරීමෙන් සිදු වූ හානිය අඩුවුණා. නැත්නම් සිදුවිය හැකි විනාශය ඉතා විශාලයි.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

මේ අතර කරවටක් ගිලි සිටින මෛත්‍රීගේ ශ්‍රීලනීපයේ බත් බැලයන් ගොඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් කල ප්‍රකාශයට ඊයේ ‘විරුවනි ඔබ සුරැකීමට අපි සූදානම්’’‘ජාතික පෙළගැස්ම’ වැඩසටහන එක්වෙමින් කන පැලෙන පිළිතුරක් ලබාදුන්නා ….

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.