Featured

යුද හමුදා අවි ගබඩාව පුපුරුවා හරි ආණ්ඩුවේ මෙහෙයුම,කඳවුරේ ආරක්ෂාව අඩපණ කල හැටි

Published on: Jun 7, 2016 – ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර පසුගිදා කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බව අප අනාවරණය සත්‍යක් බව මේ වනවිට තහවුරු වෙමින් තිබේන අතරම අපගේ අනාවරණයෙන් ආරක්ෂක අමාත්‍යංශය ගිනීගෙන ඇති අතර අප කල අනාවරණය අසත්‍යක් කිරිමට ගන්නා උත්සහයන් නිසා ඔහුන් හත්පොලේ ගා ගනිමින් සිටින බව රටේ ජනතාවට දැන් නොරහසකි.

ඒ අනුව අපි විසින් ඊයේ රට හමුවේ අනාවරණය කල ප්‍රශ්ණ කිහිපයකට රහස් පොලිසිය අද වනවිට තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.

01. යුධ හමුදා බුද්ධි අංශය පරික්ෂණ වලින් එකහෙළාම ඉවත් කිරිම.

02. කදවුරේ ආරක්ෂක ක්‍රමවේද සහ ආරක්ෂක භටයන් ස්ථාපනය කිරිම දින 10කට කලින් වෙනස් කිරිම.

03. මෙය නිකම්ම පුපුරා යැමක් විය නොහැක (කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව ) කිසිවිටකත් සිදුවිය නොහැකි බව අවි සම්බන්ධ විශේෂඥයන් තහවුරු කිරිම.

04. සතුරා අතට පත්විම වැලැක්විම සදහා අවි ගබඩාව පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක වුයේ නම් එය සිදුකළේ කවුරුන් විසින්ද, ඊයේ දිනය තුල කදවුරට ඇතුල් වු අදාළ චාජරය සම්බන්ධයෙන් හොදින්ම දන්නා පුද්ගලයා කවුද?

05. ඊයේ දහවල් ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත කදවුරට ඇතුල් වු මේජර්වරයා කවුරුන්ද?

6. මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබී හසුවූ අවි ආයුධ සෝමාලියානු කොල්ලකරුවන්ට සහ වෙනත් ත්‍රස්තවාදී සංවිධාන වලට විකුණූ බවට යහපාලනය එල්ල කර තිබු අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුනු අතර එම ආයුධ සම්බන්ධයෙන් මෙම සතියේදී අධිකරණ නියෝගයකට අනුව විගණකාධිපති වාර්තාවක් කැඳවා තිබූනි.

ඒ අනුව කොස්ගම අවි ගබඩාව පුපුරන්න කලින් එය බාරව සිටි මේජර් රොෂාන් පෙරේරාට දියතලාවට දඩුවම් මාරුවක් ලබාදිමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර ඇති අතර ඉන් පසුව අපි විසින් අනාවරණය කල පරිදිම ආරක්ෂක අමාත්‍යාංශයේ අනුදැනුම මත පිපුරුම සිදුවිමට පැය 5කට පමණ පෙර හදුනා නොගත් මේජර්වරයා කඳවුරට ඇතුලත් වි තිබේ.

සාලාව යුධ හමුදා ආයුධ සහිත කඳවුරේ ගිනිගෙන පුපුරායාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය, හමුදාවේ වෙඩි උණ්ඩ ගබඩා පරිපාලනයට යොදවා ඇත්තේ ඒ සඳහා විශේෂඥ පුහුණුව ලද නිලධාරීන් නොවන බවට හඳුනාගෙන ඇති අතර අප ඊයේ අනාවරණය කල පරිදිම මිට දින 10කට පෙර කදවුරේ සිටි යුධ අවි සම්බන්ධයෙන් පුහුණු නිළධාරීන් සියලුම දෙනා ඉවත් කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

අදාළ පිපුරුම සිදුකරන අවස්ථාව දක්වාම පසුගිය දින 10 තුල කොස්ගම පිහිටි යුධ හමුදා උප උණ්ඩ ගබඩාවේ පරිපාලන කටයුතු බාරව සිටි මේජරවරයාද හමුදාවට වාහන, ඉන්දන හා කෑමබීම සැපයුම් බාරව සිටි නිලධාරියෙකු වන අතර ඔහු එක්සත් ජාතික පක්ෂයට හිතවත් මෙන්ම මැතිවරණ කාලසිමාවේ එජාපයේ ජයග්‍රහණ වෙනුවෙන් හමුදා නිතී උල්ලංඝනය කරමින් කටයුතු කල අයෙකු බවද අනාවරණය වි තිබේ.

මේ අතර කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාවේ වූ දැවැන්ත පිපිරීමෙන් දෙදිනකට පසු ආරක්ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි මහතා සිද්ධිය පිළිබදව පළමු වරට අද මාධ්‍ය හමුවේ කරුණු දක්වා සිටියා.

සිද්ධිය වන අවස්ථාවේ කදවුරේ උත්සවයක් පැවතියේදැයි මාධ්‍යවේදීන් අසද්දී ඒ පිළිබදව තමන් නොදන්නා බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා අදාල ගිනිගැනීම සිදුවන අවස්ථාවේ යම් විශේෂිත දෙයක් සිදුවෙමින් පැවති බවත්, ඒ පිළිබදව දැන්ම පැවසිය නොහැකි බවත් ප්‍රකාශ කළා.

ගින්න ඇතිවූ ආකරය පිළිබදව නිශ්චිත ප්‍රකාශයක් නොකළ ආරක්ෂක ලේකම්වරයා පිළිතුරු දීමේදී යම් පීඩනයකට පත්ව සිටින බව දක්නට ලැබුණු අතර අදාල අවස්ථාවේදී කදවුරේ ගිනි නිවීමේ අභ්‍යාසයක් සිදුව ඇති බවද ප්‍රකාශ කළා.

ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ගින්නක් නොමැතිවත් ගිනි නිවීමේ අභ්‍යාස එහි නිතර සිදුවන බවත් ගිනි ගැනීමේ සිදු ඇත්තේ එවැනි අවස්ථාවකදී බවයි.

ආරක්ෂක ලේකම් නොහොත් සිරිසේනගේ පයිප්ප බාස්ගේ ඉල්ලන් කෑම

 

Top