Featured

යුධ හමුදාව අපරාධකරුවන් කිරිමේ යහපාලන කුමන්ත්‍රණයට බිලිවු “එරංග හස්තික”

යුධ හමුදාව අතර අවිශ්වාසය ඇති කිරිමට මෙන්ම ඔහුන්ගේ විශ්වාසය සහ සබඳතාවන් නැති කිරිමට වත්මන් බෙදුම්වාදී රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා ගත් ක්‍රියාමාර්ග වල ප්‍රථිපල දැන් දැන් යුධ හමුදාව තුල නරක ලෙස වර්ධනයව් එමින් පවතින බව අනාවරණය වේ. 30 වසරක සාපරාධි ත්‍රස්තවාදය අවසන් කල ශ්‍රි ලංකාවේ යුධ හමුදාවන් යුධ අපරාධකරුවන් ලෙස හංවඩු ගසමින් බෙදුම්වාදින් මෙන්න ජාත්‍යන්තරය  හමුවේ අපකිර්තියට පත් කිරිමේ මෙහෙයුමක වර්තමාන ආණ්ඩුවේ ගොනී බිල්ලන් ලෙස කටයුතු කරන නිළධාරින් නියැලී සිටින බව අනාවරණය වෙමින් තිබේ.එහි එක් සිද්ධියක් වනුයේ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ කපිතාන් වරයකු වන එරංග හස්තික වෙල්ලන්ගිරියට ම්ලේචත්වය සහ බේබදුකම සපිරි මේජර්/ ලුතිනන් කර්නල් වරුන්ගේන් මැර ප්‍රහාරයක් එල්ල විමත් ඊට නීතිය ක්‍රියාත්මක නොකර වැරදි කරුවන් ආරක්ෂා කිරිමය.

දැනට මාස 3 කට ආසන්න කාලයක් පනාගොඩ යුද්ධ හමුදා රෝහල් ගතව සිටින , ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ කපිතාන් වරයකු වන එරංග හස්තික වෙල්ලන්ගිරිය  කෙඩෙට් නිළධාරී පුහුනුවේදී ද, Junior Staff Course සහ Counter Insurgency and Jungle Warfare පාඨමාලා වලදී ද,  උසස් සමාර්ථ ලබා ගැනීමට සමත් වි අයෙකු වන අතර 2015.07.24 දින අසනීපයකට ප්‍රථිකාර ගෙන වෛද්‍ය වර්ගීකරණයට ලක්ව සිටියදී මේජර් එස් එස් මුතුමාල නම් ම්ලේච්ඡ මේජර්වරයා විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානය තුලදී  පහරදී තුවාල සිදුකර තිබේ.

මේජර් එස් එස් මුතුමාල යනු 88-89 යුගයේ රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිවරයාගේ වධකාගාර භාරව කටයුතු කල ම්ලේච්ඡ ගණයේ පුද්ගලයෙකි.මොහු 88-89 වකවනුවේ ඇඹිලිපිටිය කාලතුවක්කු හමුදා කඳවුරෙදි පාසල් සිසුන් කුරිරු ලෙස වධහිංසනයට ලක්කර ඝාතනය කිරිම සහ සුරිය කන්ද ඝාතනයන්ට කෙලින්ම සම්බන්ධ වුවේකි.

එයට ද පනාගොඩ හමුදා රෝහලෙන් ප්‍රතිකාර ලද පසු, එහිදී නිර්දේශකර තිබූ වෛද්‍ය නිවාඩු ව ලබා ගැනීමට රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිනි පසු, ලුතිනන් කර්නල් චමිල මුණසිංහ සහ හේමක සෙනෙවිරත්න යන අය විසින් අදාල වෛද්‍ය නිවාඩුව ලබා නොදී, අදාල පහරදීම සිදු නොවූ බවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස බලකරමින් අත්අඩංගුවේ රදවාගෙන ඇති අතර

මේජර් එස් එස් මුතුමාල කල පහරදීම වසන් කිරීම සදහා ඉහත කී ලුතිනන් කර්නල් වරුන් විසින්  එය සිය දිවි නසාගැනීමක් බවට පත් කිරිමටද උත්සහ දරා තිබේ.

ලුතිනන් කර්නල් චන්න සෙනෙවිරත්න විසින් එරංග හස්ති මරා දමා එය සිය දිවි නසා ගැනිමක් කරණ බවට සිදුකර ඇති තර්ජනයත්, ඔහු, මේජර් නාලක සමරනායක හා ගාමිණි ලොකුලියන හා එක්ව අධික ලෙස මත් පැන් පානය කර හමුදා සෙබළුන් ලවා තලාව කදවුර ඉදිරිපිට ඇලක ගිල්වා මරණයට පත් කිරීමට උත්සහ කර තිබීමත්, එරංග හස්තික පනාගොඩ හමුදා කදවුරේ සිටියදීත්, ඔහු එහි නොමැති බවට අසත්‍ය රාජකාරී පනිවුඩයක් යුද්ධ හමුදා මූලස්ථානයට යවා තීබීමත් නිසා ඒ සම්බන්ධයෙන් එරංග හස්තිකගේ දෙමාපියන් තුල දැඩි සැකයක් හටගෙන තිබේන අතර ඒ සම්බන්ධයෙන් කල පැමිණිලි වලින් පසුව එරංග හස්තික වහාම නිදහස් කිරිමට යුද්ධ හමුදාවේ උසස් නිලධාරීන් කටයුතු කර තිබේ.

මේ වනවිට  එරංග හස්තික පනාගොඩ යුද්ධ හමුදා රෝහලේ සිටින අතර, කාලතුවක්කු රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් චමිල මුණසිංහ සහ හේමක සෙනෙවිරත්න යටතේ සිදුකල ඊනියා පරීක්ෂණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට  අභියාචනය කල අතර, ආරක්ෂක ලේකම්වරයාද දැනුවත් කර තිබේ.

Top