LNN SPY

යුරෝපා සංගමයේ (EU ) මූල්‍යාධාර වලටත් කෙලවු දුෂිතයෝ.. අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය දූෂිතයින්ගෙන් ගලවා ගැනීම…

අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය අදට ( දෙසැ 09 ) යෙදී තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ( TISL ) ආයතනයද මහජනතාව සමග අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය සැමරීමට සූදානමින් සිටිති.ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් වැඩසටහන් පිළිබද මාධ්‍ය ප්‍රකාශිකාව බවට පත්ව සිටින්නේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය තුළ මිලියනයක දූෂණයක යෙදුන බවට පසුගියදා බරපතල ලෙස චෝදනාවට ලක්වූ කළමනාකාරිනියක වන ශෂී ද මැල්ය.

යුරෝපා සංගම් ( EU )මූල්‍යාධාර යටතේ PAFERAL හා CAFFE සංවිධාන සමග එක්ව මහජනතාව වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ( TISL )වෙත ලබාදීතිබූ විදේශ ආධාරවලින් රු. ලක්ෂ 11 ක මුදලක් අවභාවිත කරඇති බවට එල්ලවී තිබූ චෝදනාව විශේෂ විගණනයකදී සනාථවී ඇතැයි දැනගන්නට තිබේ.

යුරෝපා සංගමය මීට මාස කිහිපයකට පෙර මෙම විශේෂ විගණනය සිදුකර ඇත්තේ KPMG නමැති අන්තර්ජාතිත විගණන සමාගමේ විශේෂ නියෝජිතයෙකු සම්බන්ධ කරගනිමිනි. අධ්‍යක්ෂ මණ්ඩලයක් එවැනි අක්‍රමිකතාවයක් ගැන ක්‍රියාත්මක නොවී එය වසන් කිරීම ගැන යුරෝපා සංගම් නියෝජිතයින්ගේ මවිතය පළවී ඇති බවක්ද අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.ඒ අනුව තවදුරටත් යුරෝපා සංගම් ආධාර ලබා නොදීමේ තීරණයක ඔවුන් පසුවන බවද දැනගන්නට තිබේ.

මෙම දූෂණය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වසන් කිරීම MFA නොර්වේ ආධාර කණ්ඩායමටද මීට පෙර බරපතල ගැටලුවක් වී තිබිණි. ඉදිරි වසර සදහා MFA නොර්වේ අරමුදල් ලබාදීමටනම් මෙම චෝදනා පිළිබද විමසීමට ට්‍රාන්ස්පේරන්සි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වහාම හමුවීමට අවශ්‍ය බව නෝර්වේ ආධාර කණ්ඩායම් ප්‍රධානියා විසින් විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකරට දැනුම්දී තිබූ බවක්ද වාර්තාවිණි.TISL විධායක අධ්‍යක්ෂකට එරෙහිව චෝදනා එල්ලවීමෙන් පසු එම දූෂණ වසන්කර ගැනීමට හැකිවන ආකාරයට ආයතනයේ එතෙක් පැවැති මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහය( TISL Operation Manual- 2012 ) වෙනස්කර නව Operation Manual ක් සම්පාදනය කර ඇති බවට එල්ලවී තිබෙන චෝදනාව ගැනද නෝර්වේ ආධාර කණ්ඩායමේ විශේෂ අවධානයට යොමුවී තිබූබව පැවසේ.දූෂණ නීත්‍යානුකූල කෙරෙන මෙම නව Operation Manual ය ලක්ෂාන් ඩයස් මහතාගේ සභාපතිත්වයෙන්යුත් TISL අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ 2016 නොවැම්බර් මාසයේය. ආධාර කණ්ඩායම් ප්‍රධානියා TISL වෙත පැමිණ සිදුකළ සාකච්ඡාවට අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිවෙකු සහභාගී නොවීමද එම ආධාර කණ්ඩායමේ නොසතුටට හේතුවී ඇත.

Image: Vasula Dharmasena owner of the Market Guru Production House with his linkage to the TISL

මෙම අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ ශෂි ද මැල් නැමැති නිලධාරිනියකටය. ඒ ගැන විමර්ශන සිදුකරන ලෙස ඉල්ලමින් සංවිධානයේ සාමාජිකයින් සහ විවිධ මට්ටමේ දූෂණ විරෝධීන් TISL හි එවකට සභාපතිවරයාවූ ලක්ෂාන් ඩයස් වෙත ඉදිරිපත් කළ ලිපි සහ පැමිණිළි රැසක් තවමත් ” ට්‍රාන්ස්පේරන්සි දූෂණ ” පිළිබද සෙවූ සැනින් අන්තර්ජාලයේ මතුවෙමින් තිබේ. එම දූෂණය ගැන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඉදිරිපත්කළ තොරතුරු අයදුම්පත් (RTI) කිසිවකට TISL ආයතනය පිළිතුරු නොදුන්බව එම ක්‍රියාකාරීන්ගේ දැඩි චෝදනාවක් වී තිබේ.

රුපියල් ලක්ෂයකින් නිමකළහැකි ඇනිමේෂනයක් වෙනුවෙන් , ආයතනයේ මිලදී ගැනිම් හා ටෙන්ඩර් පටිපාටි සියල්ල උල්ලංඝනය කරමින් සිය පෙම්වතාට ලක්ෂ 11 ක් ගෙවමින් විදේශ ආධාරවලින් රුපියල් මිලියනයක් අවභාවිත කිරීම ඇයට එල්ලවී තිබූ චෝදනාවයි. පෙම්වතා අධ්‍යක්ෂිකා අනූෂිකා අමරසිංහ මහත්මියගේ ද හිතවත් මිත්‍රයෙකු සහ ව්‍යාපාරික හිතවතෙකුවීම නිසා එම දූෂණය ගැන කිසිදු විමර්ශනයක් සිදු නොකර ප්‍රශ්නය යටපත් කිරීමට ට අධ්‍යක්ෂ මණ්ඩලයට සිදුවූ බවට ද ඒ පිළිබද පළවු පුවත් වලින් කියැවිණි.

KPMG අන්තර්ජාතිත විගණන සමාගම විගණන කටයුතු ආරම්භ කිරීමත් සමග දීර්ඝ කාලයක් TISL අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ වැලිඅමුණ මහතාත් සභාපති ලක්ෂාන් ඩයස් මහතාත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වීය .දූෂණ වසන්කිරීමේ හා යටපත්කිරීමේ තත්වයත් සමග ට්‍රාන්ස්පේරන්සි සාමාජිකයින්ද කළකිරී සිටින බවත් අවසාන වාර්ෂික සම්මේලනය සදහා සාමාජිකයින් 34 දෙනෙකුගෙන් පැමිණ ඇත්තේ 6 දෙනෙකු පමණත් බවත් දැනගන්නට තිබේ.

දූෂණ අක්‍රමිකතා ගැන KPMG අන්තර්ජාතිත විගණන සමාගම සිදුකළ විමර්ශනයේ වාර්තාව තවමත් සාමාජිකයින්ටපවා ලබා නොදෙන රහස්‍ය ලියැවිල්ලක් බව සාමාජිකයෝ පවසති.

http://198.211.112.164/archives/15158

Top