Breaking
25 Feb 2025, Tue

යෝෂිතට ඇප දෙන්න උපදෙස් ගන්න කඩුවෙල මහේස්ත‍්‍රාත් මෛත්‍රීට අමතලා- මෙන්න බල්ලට ගිය නීතිය

CSN නාළිකාවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනා වෙනුවෙන් ඇප අයදුම් පත්‍ර සම්බන්ධයෙන්  කඩුවෙල මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා ජනාධිපතිවරයාගෙන් උපදෙස් පැතිමේ නිර්ලජ්ජිත සිදුවිමක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වුනා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද(11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනා වෙනුවෙන් ඇප අයදුම් පත්‍ර ඉදිරිපත් කරමින්  විත්ති‍ පාර්ශවයේ නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා කරුණු ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප ඉල්ලුපත් සලකා බැලිමට පැය භාගයක කාලයක් අවශ්‍ය බව පවසමින්  අධිකරණයේ කටයුතු කල් තැබිමට කටයුතු කල  මහේස්ත‍්‍රාත්වරයා පසුව ඇප ලබාදිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් උපදෙස් පතා ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

අදාළ දුරකතන සාකච්ඡාව සම්බන්ධයෙන්  කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ අප විශේෂ නියෝජිතයා මෙන්ම ජනාධිපති කාර්‍යාලයේ මෛත්‍රීගේ පරම විශ්වාසවන්තයෙකුද තහවුරු කර සිටියා.

යහපාලනයට අදාල ඉතාම සංවේදී නඩු විභාගයන් මෙහෙය වන්නේ කඩුවෙල මහේස්ත්‍රාත් දම්මික හේමපාල විසින් වන අතර කඩුවෙළ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යනු කවරෙක්ද ,ඔහුගේ දේශපාලන දැක්ම …ඔහු ලගින් ආශ්‍රය කරන පිරිස ,පවුලේ තොරතුරු , පසුගිය දිනවලදී ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදුන් අය ,ඔවුන්ගේ නම් ගම් මේ වනවිට අනාවරණය වි අවසන්.

අද දිනයේ තම සේවාදායකයින් වෙනුවෙන් ඇප අයදුම් කළද අධිකරණය විසින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත්,චෝදනා කරන අන්දමට යෝෂිත රාජපක්ෂ සී.එස්.එන් නාලිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කර නැති බවත්,එසේම මෙම නාලිකාවට මිලියන 2.3ක විදේශ මුදලක් ලැබුණු බවට එල්ලවන චෝදනාවද අසත්‍යයක් බවත් විත්ති‍ පාර්ශවයේ නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් අධිකරණය ඉදිරියේ විමර්ශනය වන කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි,අමාත්‍ය සාගල රත්නායක මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දක්වා ඇති බැවින් එසේ කරුණු දැක්වීම ජන මනසට හා අධිකරණ මනසට එල්ල කළ බලපෑමක් වශයෙන් සලකන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් තම සේවාදායකයන් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට කටයුතු කරන බව නීතිඥ දොලවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියි.

යහපාලනය තුල නීතියේ ආධිපත්‍ය බිද වැටි තිබෙන ආකාරය …දේශපාලකයින් මහේස්ත්‍රාත් වරුන්ට කතා කිරීම සහ එක නොකී මහේස්ත්‍රාත් වරුන්ගේ ක්‍රියාකලාප සහ ඔවුන්ගේ සියලුම තොරතුරු සහිත විශේෂ ලිපියක් ලගදිම බලාපොරොත්තු වන්න.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.