Anonymous Reporter

රටකට ගිය කලක්! අහිංසක දරුවන් කොරෝනා බෝම්බකරුවන් කල අම්බරුවන්! Attention: රාජපක්ෂලා වෛරසය සමග වෛරයද පතුරුවමින් සිටි….

Published on: Mar 24, 2020 – කොරෝනා වසංගතයක් දක්වා ගමන් කිරිමට හේතුව වත්මන් අසාර්ථක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (වැ.බැ ) ඇතුලු රාජපක්ෂ කදවුර මෙන්ම ඔහුන්ගේ ඇම්බැට්ටයන්ගේ නොහැකියාව බව අවිවාදයෙන් යුතුව මේ වනවිට ඔප්පු වි හමාරය.

ලෝව පුරා කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් තිබියදි විදේශගතව සිට මෙරටට පැමිනේන ජනතාව නිරෝධායනට ලක්කිරිමට හෝ වෛරස් ආසාදිතයින් හදුනා ගැනිමට හෝ කිසිදු වැඩපිළිවෙළක් නොමැතිව 2/3 ගැනිමේ කුප්‍රකට උත්සහයක යේදිම හේතුවෙන් විදේශගතව සිට පැමිණී අය නිරෝධායනට ලක් නොවී නිවස් බලාගිය බව නොරහසකි.

ඊට අමතරව ජනාධිපතිවරණය සමයේ රට විරුවන් යැයි කියමින් ඇතැම් රාජපක්ෂවාදි කණ්ඩායම් රටට ගෙන්විම හේතුවෙන් ඔහු සිය දේශපාලන බලය භාවිතා කරමින් අවසාන අවස්ථාවේදි ගුවන් තොටුපොළේන් රටට ඇතුල් වු අයුරු කිසිවෙකුටත් අමතක නැත.

මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනට ලක් නොවී සැඟවී සිටින පිරිස් සඳහා ඒ සඳහා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වීමට අවසන් කාලයක් ලබාදී ඇති බවත් එ අනුව හෙට 24 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත හෝ පොලිස් ස්ථානය වෙත පැමිණ පැමිණෙන ලෙස පොලිස් මුලස්ථානය විසින් මාධ්‍යයට නිවේදන 2ක් නිකුත් කරමින් දැනුම් දිමක් කර තිබේ.

නිරෝධායනට ලක් නොවී සැඟවී සිටින පිරිස් සඳහා ඒ සඳහා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වීමට අවසන් කාලයක් ලබාදී ඇති බවත් ඉන් පසුව එම පුද්ගලයා දින 14ක නිරෝධායන කටයුතු සඳහා යොමු යොමුකරන නමුත් මෙම අවසන් අවස්ථාව මග හරින ඕනෑම පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් වසංගත රෝග ආඥා පනත යටතේ සිය බාරයට ගෙන ඉන්පසුව නිරෝධායනය ට ලක් කිරීමට නියමිතය.

එය අවසන් වූ පසු එම පුද්ගලයන්ට වසංගත රෝග පනත යටතේ නීතිමය කටයුතු කරන අතර ඒ යටතේ වසර තුනක කාලයක් දක්වා බන්ධනාගාර ගත කිරීමේ දඬුවම පැනවීමට අවස්ථාවද ඇති බව එම නිවේදනයේ දැක්වේ.කොරෝනා වෛරසය පැතිර යෑම වැලක්විම සදහා එම් ක්‍රියාමාග් ගැනිම සම්බන්ධයෙන් අපට කිසිදු ගැටලුවක් නැත.

නමුත් ඉතාලියේ සේවය කරමින් සිට මෙරටට පැමිණ නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන්ගේ යැයි කියමින් ගෝඨාභයගේ පොලිසිය නිකුත් කර තිබේන නිවේදනයේ අනාවරණය කර ඇති පුද්ගලයන් අතර බහුතරයම ඉතාම කුඩා දරුවන් විම බරපතල ගැටලුවකි. සොයා ගැනිම සදහා මාධ්‍ය සහය පතන කණ්ඩායම අතර 12 දෙනෙකු සීටින අතර එයින් තිදෙනෙකු පමණක් වැඩිහිටියන් වේ.ඉතුරු 9 දෙනාම දරුවන් වන අතර ඒ අතරත් දෙදෙනෙකු හැර අනිත් දරුවන් 2018-2019 අතර ඉපදුන දරුවන් වේ.(අප දරුවන්ගේ ඡායාරූප හදුනාගත නොහැකි වන ලෙස පලකර තිබේ.)

එම පුවත් විමල්ගේ වෙබ් අධවියේ පලකර තිබුනේ “නිරෝධායනයෙන් පැන සැගවී සිටින ඉතාලි කොරෝනා බෝම්බ මෙන්න.. දුටු තැන අමතන අංක මෙන්න..” යනුවෙනි. අහිංසක කුඩා දරුවන් සාපරාධි අපරාධකරුවන් ලෙස හංවඩු ගැසිම හරහා ඔහුන් බලාපොරොත්තු වන්නේ Hits වැඩිකර ගැනිම වුවද වගකිවයුතු රජයක් ලෙස,පොලිස්සියක් ලෙස එම දත්ත මාධ්‍යයට මුදා හැරිමේදි වගකිම්න් යුතුව කටයුතු කලයුතු බව අමුතුවෙන් කිවයුතු නැත.

තම නොහැකියාව වසා ගැනිම සදහා රටේ ජනතාව තුල ජාතිවාදය පැතිරවීමට කටයුතු කරන රාජපක්ෂලාගේ මේ උත්සහ දරනුයේ ජනතාව තුල වෛරසය සමග වෛරයද පැතිරවිමයි.මන්ද පැහැදිලිවම මෙම කණ්ඩායම සැඟවි සිටිනම්  සැගවි සිටින වැඩිහිටියන් අල්ලා ගැනිම හරහා මෙම දරුවන් ද නිරෝධයනය හෝ අත් අඩංගුවට පත්වන බව නොරහසකි.අනිත් අතට මොහුන් සැගවි සිටිනම් මෙම දරුවන් කැමත්තේන් සැගවි සිටිනු ඇද්ද?ඔහු කටයුතු කරනුයේ දෙමාපියන්ගේ කැමත්ත මතය.අනිත් අතට මේ හය හතර නොදන්නා දරුවෝ කුමක් දනිද? එය දැන දැනම අතදරුවන් සමාජයේ වෛරයට පාත්‍ර කිරිමට වත්මන් ජාතිවාදි ආණ්ඩුව සහ ගෝඨාගේ පොලිසිය කටයුතු කළේ මන්ද? මේ දරුවන්ගේ සම්පූර්ණයෙන් මුහුණු මාධ්‍යයට අනාවරණය කිරිම හරහා සිදුකල සාපරාධි වරදට වගකිවයුත්තෝ කවරහුද?

 

Top