Featured

රටකට ගිය කලක් -නාගදීපය වැදලත් හමාරය

නයිනාතිව් යන දෙමළ නම දකුණේ ආණ්ඩුව රහසේම නාගදීපය යනුවෙන් වෙනස් කර, ප්‍රාදේශීය සීමා නිර්ණය කර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති හේතුවෙන් එම නම නැවත නයිනාතිව් ලෙස වෙනස් කර ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවට උතුරු පළාත් සභාව පසුගිය 05 වැනිදා යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.

උතුරු පළාත් සභාව රැස්වූ අවස්ථාවේ එහි සභාපති සී.වී.කේ.ශිවඥානම් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර යෝජනාව ඉදිරිපත් කරමින් සභාපතිවරයා පවසා ඇත්තේ

“ඓතිහාසික වැදගත්කමකින් යුත් නයිනාතීවි හි 8 වන කොටස නාගදීපය උතුර ලෙසත්, 12 වන කොටස නාගදීපය දකුණ දකුණේ ආණ්ඩුව ලෙසත් නම් කර ඇති බවත් එබැවින් මෙම නම නැවත නයිනාතිව් යනුවෙන් වෙනස් කළ යුතුයි”

එම නම් වෙනස් කිරීම ගැසට් නිවේදනයක් මාර්ගයෙන් වහාම නිවේදනය කිරීමට ජනාධිපතිවරයා ඇතුළු පළාත් පාලන සහ පළාත් සභා පිළිබඳ අමාත්‍යවරයාත් ක්‍රියාමාර්ග ගත යුතුය” යනුවෙන් යෝජනාවේ සඳහන් කර ඇති බවද වාර්තා වේ.

Top