Breaking
27 Feb 2025, Thu

රටට හතුරු සුකරයන්ගෙන් ප්‍රවේශම් වනු

රටට හතුරු වෙබ් මාධ්‍ය මාෆියාව හරහා බොරු පතුරුවා පසුව ඒවා බෙදුම්න්ගේ මුදල් මත යැපෙන ඇතැම් සුකරයන් යොදා ගනිමින් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර ජනතාව අතර වැරදි මතවාද ගොඩනැගිමේ කූට මාධ්‍ය උපක්‍රමය යහපාලකයන් යලිත් ආරම්භ කර තිබේ.

පසුගියදා රටට හතුරුකම් කරන පාදඩ වෙබ් මාධ්‍ය කලාව පවත්වාගෙන යන කණ්ඩායම එකතු පතුරුවා හැරියේ

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි අවදියේ එකල අමාත්‍යවරයෙකු සහ ශ්‍රීලනිපයේ මහලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා තමාට කොන්ත්‍රාත්තුවක් දුන් බව, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන, නැගෙනහිර පළාතේ හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාපොච්ඡාරණයක් කර තිබේ.” යනුවෙනි…

ඒ අනුව ඊයේ  මාධ්‍ය හමුවක් පවත්වමින් සුකර අසාධ්‍ය සාලීය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව ඝාතනය කිරීමට, මහින්ද රාජපක්‍ෂ තමන්ට උපදෙස් ලබාදුන් බව පිල්ලෙයාන් කල ප්‍රකාශය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් පත්කර, පරීක‍්‍ෂණ පැවැත්විය යුතුය” යනුවෙන් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි පවසා තිබේ.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව ඝාතනය කිරීමට තම සහයෝගය ඉල්ලා සිටි බවට පිල්ලෙයාන් පිළිගෙන වාචික ප්‍රකාශයක් ලබාදී ඇති බවට පුවත් පලවී තිබේ”

“දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංගම්ගේ ඝාතනයට සම්බන්ධ බවට සැකපිට නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති ශිවනේෂන්තුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අත් අඩංගුවට ගෙන ඇති අතර මෙවැනි පසුබිමකදී, ඔහුගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවේදී, මේ ආකාරයෙන් මවිතයට පත්වන බොහෝ තොරතුරු ඔහු අනාවරණය කර ඇති බව දැනගැනීමට ලැබී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීමේ සැළැස්ම ඉන් එකකි. එම අවස්ථාවේදී, ඔහු ලබාදුන් වාචික ප්‍රකාශයේ, පසුගිය මහින්ද රාජපක්‍ෂගේ රජයේ අමාත්‍යවරයෙකු ලෙස සිටි මෛත්‍රීපාල සිරිසේනව ඝාතනය කිරීමට තම සහයෝගය මහින්ද රාජපක්‍ෂ ඉල්ලා සිටි බවද ඔහු පවසා තිබේ.”

දැන් රටේ ජනතාව අවදියෙන් සිටිය යුතු කාලයකි. මෙහෙන් සර්වපාක්ෂික සමුලුව පෙන්වා අරහෙන් රට බෙරාගත් රණවිරුවන් එල්ලා මරන්න සුදානම් වන අතරම බෙදුම්වාදයට හා බෙදුම්වාදීන්ට ඇති බාදකය වන මහින්ද රාජපක්ෂවද පුලුවන්නම් හිරේට දාගන්න මේ සුකරයන් පොරකන බව මතක තබාගත යුතුය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.