Breaking
10 Apr 2025, Thu

රටම පැරදවු බෙදුම්වාදීන්ගේ asylum මාෆියාව

බෙදුම්වාදී යහපාලන ආණ්ඩුව පිහිටුවා ගැනිම සඳහා උපක්‍රමිකව වසර ගණනාවක සිට කටයුතු කල බෙදුම්වාදින්ගේ සුරතලුන් ඒ සදහා මිනිස් පලිහක් ලෙසට දේශපාලන රැකවරණය ඉල්ලා දේශපාලනය තියා මෙලෝකේ මගුලක් නොදන්නා එවුන් රට පැටවු ආකාරය මේ වනවිට හෙළිදරවු වෙමින් තිබේ.රටේ නිදහස නැති බවට අසත්‍ය ප්‍රචාර පතුරවමින් යුරෝපා රටවලට දාහස් ගණනින් බොරු සහිත ලිපි ලියමින් 2010 වසරේ සිට යුරෝපා රටවලට ලංකාව සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් නිර්මාණය කිරිමට පසුගිය ජනවාරි 8 වැනිදා බෙදුම්වාදීන්ගේ ඡන්දයෙන් බලයට පත්වු කල්ලිය ක්‍රියාකල ආකාරය දැන් අනාවරණය වෙමින් තිබේ.

මේ ඒ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු තබන සටහනකි

විදෙස් කුමන්ත්‍රණ හා ජාතික ආරක්ෂාව ගැන හිතනවානම් මෙන්න ඔත්තුවක්…

මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව අන්තර් ජාතික වශයෙන් විශාල හඬක් නැගුණු බවට සත්‍ය හා ඌණපූර්ණ සහිත කතා බහ තවමත් හතරවටින්ම ඇසෙයි. මහින්දට එරෙහිව නිසා ඒ හඬ අතැමෙකුට සතුට ගෙන දෙන ගෝරනාඩුවක් වන්නට පුළුවන. එහෙත් මේ ගෝරනාඩුවල යටි අරමුණු සහ අනාගත අවදානම කිසිවෙකුත් ඉතා ගැඹුරින් අධ්‍යයනය කර ඇතිද ?

අපි මේ කරන්නට යන හෙළිදරව්ව මූල්‍ය අපරාධ කොට්ටාසය මෙන්ම ශ්‍රී ලංකාවේ රහස් පොලීසිය ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ සැලකිල්ලට ගත යුතු යැයි අපි විශ්වාස කරමු.

පසු ගිය කාලය පුරාවටම විදෙස්ගත වූ ශ්‍රී ලාංකිකයන් අතරින් සැලකිය යුතු කණ්ඩායමක් රැකියා සොයා ගොස් යළි රටට පැමිණුන අතර රටින් පැන ගොස් රැකියා සොයා ගෙන එහි නතර වූවෝද වෙති.

මෙසේ එරට නතරවීම සඳහා එකම සුදුසුකම මෙරට දේශපාලන තර්ජන ඇති බව පැවැසීමයි. ඒ වෙනුවෙන් සංවිධානාත්මකව අසත්‍යය වැපිරීමට බුරුතු පිටින් ආයතන ද බිහි විය. ඊට අමතරව මෙම කාර්යය වෙනුවෙන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 20 දක්වා මුදල් අය කරමිකන් වීසා සහ ලියකියවිලි සාදා දුන් ආයතන හා පුද්ගලයින්ද මෙරට සිටියෝ ය. දැනටද ඔවුන් යහතින් සිටී. තවමත් ඒ කාර්යය කරගෙන යති.

මෙම පිරිස් අතර කලාකරුවන් යැයි කියා ගන්නා අය ද සිටි බව තතු දත්තෝ දනිති. මෙවන් කලාකරුවන් යැයි කියාගන්නා පිරිස් විවිධ දේශපාලකයින්ගේ සහ උසස් පොලිස් නිලධාරීන්ගේ නම් පාව්ච්චි කර ඇති බව අපි පවසන්නේ වගකීමෙනි.

යුරෝපයේ රටවල් කිහිපයක සංචාරය කර ඇති ඇතැම් කලාකරුවන් සමඟ ගිය සහායකයින් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ද රවටා මෙම ව්‍යාපාරය තවමත් සිදුකරන බව දැනගන්නට ලැබෙයි. මෙවන් කලාකරුවන් ඒ ඒ රටවලට රැගෙන ගොස් දේශපාලන රැකවරණ ලබා ගැනීමට සැලැස්වූ පිරිස් ද වෙති. එවන් අය හෙළිදරව් කිරීමට අපි සූදානමින් සිටිමු.

විවිධ හේතූන්මත විදෙස් සංචාරයන්ට යොමු වීමට නියමිතව සිටි අයගෙන් මෙලෙස මුදල් ලබාගෙන ඇති ප්‍රධාන පෙළේ පුද්ගලයෙක් වත්තල ප්‍රදේශයේ ද කලාකරුවන් ලෙස මෙම ක්‍රියාදාමයට හවුල් වූ පුද්ගලයින් පිරිසක් නුගේගොඩ මහරගම ආදී ප්‍ර දේශවලද වෙසෙන බව දැනගන්න ඇත.

මේ ආකාරයට විවිධ ක්‍රියාවන්ට හවුල් අපරාධකරුවන් සේම රටට ද්‍රෝහී වූ පුද්ගලයින්ද රට පැටවීමට මොවුන් කටයුතු කරන්නට ඇත. මුදල් ලබා ගැනීමේ දී ඍජුවම ඔවුන්ගේ ගිණුම්වලට අන්තර්ජාලය හරහා සහ නවීන තාක්ෂණය හරහා මුදල් හුවමාරු කරගෙන ඇති අවස්ථාද ඇත.

රට වෙනුවෙන් අසත්‍යය වැපිරීම වෙනුවෙන් මිනිස් ජාවාරමේ යෙදීම වරදක් නොවන්නේ ද ?

දේශපාලන රැකවරණ පතා පුද්ගලයින් රට පැටවීම අපරාධයක් නොවන්නේ ද ?

මෙලෙස විදෙස්ගත වූ කිහිප දෙනෙකු මේවනවිට ශ්‍රී ලංකාවට එරෙහිව ඒ රටවල සිට කටයුතු කරන බව ඔබ දන්නෙහිද ? යහපාලනයට එරෙහිවත් එලෙස සංවිධානය වීමට පිරිසක් රටින් වන් බව ඔබ දන්නහෙ ද ?

මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවේ යෙදවීමට ඔබ සූදානම් ද ?

මෙවන් අකටයුතුකම් සම්බන්ධයෙන් දැන් සිටම පියවර නොගන්නේ නම් එය යහපාලනයටත් කරදරකාරී අනර්ථයන් ගෙන දෙන්නක් වන බව නොසිතන්නේ ද ?

මේ සදහා ඍජුව සම්බන්ධවූවන්ගේ ලිපිනයන් සහ දුරකථන අංක අවශ්‍යනම් සහ ඒවෙනුවෙන් ඉදිරිපත්වීමට සූදානම් පිරිසක් සිටින බව අපි වෙත දන්වා ඇත. වගකිව යුතු අංශ මේ පිළිබද විමසන්නේ නම් එම තොරතුරු හෙළි කිරීමට අපි සූදාමින් සිටිමු.

මෙම ලිපිය අපි විසින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ගණනාවකට යොමු කරන අතර, වෙබ් අඩවි සියල්ලට ද යොමු කරමු.

සුදුසු පියවරක් ගන්නා ලෙස දේශ හිතෛෂී වේවා… රටට ආදරය කරන වේවා.. රට වෙනුවෙන් කැපවුණු වේවා… සියලු මාධ්‍ය ආයතන සහ සංවිධාන වෙතින් අපි මෙම ආයාචනය කරමු.

මහත්තුරුණි රට වෙනුවෙන් මේ ගැනත් හිතන්න.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.