Breaking
23 Feb 2025, Sun

රටේ මහජන මුදල් වලින් හොර ගෑනුන්ට ආතල් දෙන ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්

සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රියම්භිකාවක් වන ප්‍රියන්ති දිසානායකට රටේ අහිංසක මහජනතාවගේ මුදලින් 2017 ජනවාරි 22 සිට 29 දක්වා ඉන්දුනීසියානු විනෝද සවාරියක් ලබාදී තිබෙනවා. පශ්චාත් උපාධියක නමක් පටලවා ගෙන මුදල් වලට විකිණෙන ආයතනයක් අන්දවා ගනිමින් පුහුණුවක් යයි කියා ගන්නා මෙම ලිංගික අල්ලස සූදානම් කර දී තිබේ. (ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යාංශය විසින් දුන් අනුමැතිය පහත දැක්වේ)

ගුවන්සේවා අධිකාරියේ පුස්තකාලයේ සේවය කරන ඇය එහි එල්ලාගෙන ඇති බෝඩ් ලෑල්ල වන්නේ Civil Aviation Technical Library නමයි. ලොකයේ ප්‍රථමවරට පුස්තකාලයක් ටෙක්නිකල් කිරීමේ ගෞරවය හිමි වන්නේද ඒකාධිපති චන්ද්‍රසේන නිමල්සිරි ගොයියාටමය. පුස්තකාලයක් ‘තාක්ෂණික‘ බවට පත් කරන්නේ කෙසේද යන්න නිමල්සිරි රටට පැහැදිලි කළ යුතුය. ඔහු තමන්ගේ සහචර ගෑනුන්ට සල්ලි කවන්නට තාක්ෂණයද පාවාදී තිබීම කණගාටුදායකය. ගුවන්සේවා අධිකාරියේ සේවකයින් පවසන්නේ පුස්තකාලය කෙසේ වෙතත් ප්‍රියන්ති නං ටෙක්නිකල් අයිටම් එකක් බවකි. ඒ අනුහසින් ඇයට නිතර විදෙස් සංචාර ලැබේ.

මෙවර ඇයට ලැබී ඇත්තේ ‘කළමණාකරණය පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනකි‘. මෙවැනි පාඨමාලා ලංකාවේ පඳුරකට ගැහුවත් සොයා ගත හැකි අතර ලොකුම විහිළු වන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයද නිමල්සිරිගේ ගැට වලට අසුවී මෙවැනි මෝඩ වැඩසටහන් සඳහා අනුමැතිය ලබාදීමයි.

අධිකාරී සේවකයින් පවසන ලෙසට ප්‍රියන්ති කවදත් දෑතේ දක්ෂතාවයෙන් පිරිපුන් ගැහැනියකි. නැත්නම් චන්ද්‍රසේන ගොයියා ලවා ඉංගිරිසි පොත් සහ සඟරා කන්දක් ඇති පුස්තකාලය ටෙක්නිකල් කර ගැනීම එතරම් පහසු නැත. ඇයට මහ එකාට “ඉයර්ස් සර්” කියනවා ඇරෙන්නට තව වැඩ තිබුණත් ඒවා ලියන්නට අපහසුය. ඒවා තම තම නැණ පමණින් දැනගත යුතුය.

මුං තමුන්ගේ හොර ගෑනු සතුටු කරන්නට වියදං කරන්නේ රටේ මහජන මුදල් මිස තමන්ගේ බූදලය නොවන බව හොඳින් මතක තබාගත යුතුය. මේවා ආත්ම ගණනක් යනතුරු හත්මුතු පරම්පරාවලටම හෙණ ගහන වැඩය. රටේ ඈත කෙළවරේ එදා වේල කන්න නැති මිනිසුන් සිටියදී මෙවැනි කාලකණ්නි, රජයේම නිලධාරීන් ස්ත්‍රීන් සතුටු කරන්නට මිලියන ගණන් වියදම් කරමින් විදේශ සංචාර ලබාදීම කෙසේ අනුමත කරන්නද? දිට්ඨ ධම්ම වේදනීය කර්මය නොහොත් මෙලොව කළ පව් මෙලොවදීම පටිසන්දීම ඇරඹී ඇත්තේ මේ කිසිත් නොදත් මහඑකාගේ අහිංසක දරුවන්නටද හරි හැටි ඉගනීමට පවා අවස්ථාව නොලැබීමෙන් බව අධිකාරියේ සේවකයින් කියයි.

යහපාලන රජය බලයට පත්වුණත් ඒකාධිපති චන්ද්‍රසේන නිමල්සිරිට නං ගාණක්වත් නැත. තමන්ගේ ගුණගී ගයමින් චාමර සලන ගෑණු රැල මහජන මුදලින් රට යවන්නට දැනුදු කිසිදු හිරිකිතයක් නැත. පසුගිය රජය සමයේ බිම්බා මනම්පේරි නැමැත්තියක් මේ අයුරින්ම ආදරයෙන් හදාවඩා ගත්තේය, රට රට වල යැවුවේය, බිල්ඩින් හදන්නට ටෙන්ඩර් දුන්නේය. (බිම්බා සමග චන්ද්‍රසේන ගොයියා හුවමාරු කරගත් පුද්ගලික කෙටි පණිවුඩ අප සතුව ඇති අතර ඒවා අවශ්‍ය වූ විට ඉදිරිපත් කරන්නෙමු).

යහපාලන රජය බලයට පත්වූයේ මෙවැනි අසික්කිත රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු ඉදිරියටත් රැගෙන යාමටද යන්න ගුවන්සේවා අධිකාරී සේවකයෝ ප්‍රශ්න කරති.

20170119_000901

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.