Featured

රටේ සියළු කලබල අස්සේ සිදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන ගැන මහින්දගෙන් ප්‍රකාශයක්-ශ්‍රීලනීප වහලුන්ටත් වචනයක්

ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මීට වඩා වගකීමිකින් යුතුව කටයුතු කරන ලෙසත් බෙදුම්වාදීන්ට හා විදේශීය බලවතුන්ට අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනතාවට පසුගිය ජනාධිපති වරණයේදී දුන් ප්‍ර‍ධාන ව්‍යවස්ථාමය පොරොන්දු මුලින්ම ඉටුකල යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එමෙන්ම ඉහත සදහන් වූ අතිශයින්ම හානිකර යෝජනා කිසිවක් අවසන් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් නොවනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් මහනාහිමියන් නොමග යැවීමට ශ්‍රීලනිප කණ්ඩායමක් යවා තිබීමෙන් පෙනෙන්නේ ‘බෙදීම’ යන වචනය පාවිච්චි නොකර රට බෙදන මේ ව්‍යවස්ථා සංශෝධන හානිකර නොවන දෙයක් හැටියට මහා සංඝරත්නයටත්, මහජනතාවටත් හුවා දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතිකවාදී ප්‍ර‍තිරෑපය පාවිච්චි කිරීමට දුෂ්ඨ වැඩපිළිවෙලක් දියත්වී ඇති බවයි.

තමන් මේ අවස්ථාවේදී  එජාපයට වහල් වී සිටීම හේතුවෙන් ශ්‍රීලනිපය පසුගිය දශක හය මුලුල්ලේ දැරෑ ප්‍රතිපත්ති පාවා නොදෙන මෙන් ආණ්ඩුවේ සිටින සියළුම ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

2016 දෙසැම්බර් 04

මාධ්‍ය නිවේදනය

 

රටේ සියළු කලබල අස්සේ සිදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙල

මෙවර අයවැය කෙරෙහි කාගෙත් අවධානය යොමුවී තිබෙන අතරතුර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුකමිටු හයක යෝජනා සහිත වාර්ථා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේය. එයත් සමගම ආණ්ඩුවේ ඇමතිවරුන් මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවල රටේ ඒකීයභාවය හෝ බුදු දහමට ඇති විශේෂ තත්වය අහෝසි කිරීමට හෝ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට යෝජනා ඇතුළත් නැතිබව කියමින් ඒවාට මහනායක හිමිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. එපමණක්ද නොව අයවැය සම්බන්ධයෙන් ඇති වූ උද්ගෝෂණ, වැඩවර්ජන ආදී සියල්ල පසෙක තිබියදී ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවේදී බලය බෙදීමේ වැදගත්ගම ගැන කතා කලේය.

මේ අතරතුර, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දිගට හරහට රථ වාහන, විශේෂ දීමනා යනාදී වරදාන බෙදන හැටි අපි දුටුවෙමු. මේ සියල්ල ලග එන බරපතල ජාතික උවදුරක පෙර නිමිතිය.

පසුගිය ජනාධිපතිවරණයේදී අද මේ ආණ්ඩුවේ සිටින නායකයන් ජනතාවට ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් දුන්  ප්‍ර‍ධානම පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍ර‍මය සංශෝධනය කිරීමයි. නමුත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පත්කොට තිබෙන අනුකමිටු එකක්වත් මේ ප්‍ර‍ධාන කාරණා දෙක ගැන අවධානය යොමුකොට නැත.  ඒ වෙනුවට අපට ලැබී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී අඩු වශයෙන් සදහනක්වත් නොකෙරුණු කාරණා ගැන අනුකමිටු වාර්ථා හයකි.

අයැවැයේ ගැටළු හරියට විසදන්නෙත් නැතුව ව්‍යවස්ථාව සංශෝධන ගැන කතාකිරීමේ අවස්ථා සම්බන්ධය, පැහැදිලි වන්නේ ව්‍යවස්ථා සංශෝධන පිළිබද අනුකමිටු වාර්ථා කියවා බැලූ විටය.

අපේ ව්‍යවස්ථාවේ ‘ඒකීය ස්වභාවය’ නිසා පලාත් සභාවල කටයුතු වලට ‘බාධා’ පැමිණෙන බව මධ්‍ය හා පර්යන්තය පිළිබද අනුකමිටු වාර්ථාවේ එළිපිට සදහන් කොට ඇත. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඇතැම් අනුකමිටු විසින් ‘ඒකීය’ යන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකොට රටේ ඒකීය භාවය අවසන් කිරීම සදහා යෝජනා ගණනාවක්ම ඉදිරිපත් කර ඇත. මේවා අතරින් කීපයක් පමණක්  ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.

  1. පලාත් ආණ්ඩුකාරවරුන්ගේ සියළු බලතල අහෝසි කිරීමට මධ්‍ය හා පර්යන්තය පිළිබිද අනුකමිටුව විසින් යෝජනා කර ඇත. පළාත් සභාවල සම්මත කරන අනපන් වලට අනුමැතිය දීමේ බලය ආණ්ඩුකාරවරයගෙන් ඉවත් කොට පලාත් සභාවේ සභාපතිවරයාට පැවරීමටත්, තමාගේ අනුමැතිය සදහා එවන අණපනත් වලට සංශෝධන යෝජනා කරමින් ආපසු පලාත් සභාවට යැවීමට ආණ්ඩුකාරවරයාට ඇති බලයත්, පලාත් සභා අණපනත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා ජනාධිපතිවරයාට යොමු කිරීමට ආණ්ඩුකාරවරයාට ඇති බලයත් අහෝසි කිරීමට යෝජනා වී ඇත. එපමණක්ද නොව ආණ්ඩුකාරවරයා පත් කිරීම මහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව සිදු කිරීමටත්, ඔහු සැමවිටම මහ ඇමතිවරයාගේ හා පලාත් ඇමති මණ්ඩලයේ උපදෙස් මත ක්‍රියාකල යුතු බවටත් යෝජනා වී ඇත. අපේ බලය බෙදීමේ ක්‍ර‍මය පදනම් වී ඇත්තේ ඉන්දියානු ආකෘතිය මතය. ලංකාවේ පලාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ බලතල සමග සම්පූර්ණයෙන්ම සමගාමී වේ. ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් පලාත්සභා හා ප්‍රාන්ත මධ්‍යම ආණ්ඩුව සමග සම්බන්ධ වන්නේ ආණ්ඩුකාර ධූරය හරහාය. ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසිකලහොත් ඉන්දියාවට මෙන්ම ලංකාවටත් ඒකීය රාජ්‍යන් හැටියට පැවතිය නොහැක.
  1. මධ්‍යම ආණ්ඩුව මෙන්ම පලාත්සභා වලටත් හෙබවිය හැකි සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කිරීමටත් එම බලතල පලාත්සභා වලට දී පලාත්සභා‘වෙනම බලප්‍රදේශ’ බවට පත් කිරීමට යෝජනා වී ඇත. මේ පරමාර්තය මුදුන්පත් කිරීම සදහා මධ්‍යම ආණ්ඩුව යටතේ කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරුන් පලාත් සභා යටතට පත්කල යුතු බවටත්, පලාත් රාජ්‍යසේවා කොමිසම් වලට තම පලාතට අවශ්‍ය රජයේ සේවකයන්ගේ ගණන මහා භාණ්ඩාගාරයේ අනුමැතියට යටත් නොවී ස්වාධීනව තීන්දු කිරීමට බලතල පැවරීමටත් යෝජනා වී ඇත.
  1. මධ්‍ය හා පර්යන්තය පිළිබද අනුකමිටුවේ තවත් යෝජනාවක් වන්නේ රජයේ ඉඩම් සම්බන්ධ සියළු බලතල පලාත්සභා වලට පැවරිය යුතු බවයි. ඒ අනුව පලාතක තිබෙන රජයේ ඉඩමක් භාවිතා කිරීම සදහා මධ්‍යම ආණ්ඩුවට පලාත් සභාවේ අනුමැතිය ලබාගැනීමට සිදුවෙනු ඇත. ඉන්දියාවේ නම් මධ්‍යම ආණ්ඩුවට යම් ප්‍රාන්තයක ඇති ඉඩමක් අවශ්‍ය වුවහොත් ප්‍රාන්ත ආණ්ඩුවේ කැමැත්ත හෝ අකමැත්ත නොතකා එම ඉඩම භාවිතා කිරීමට මධ්‍යම ආණ්ඩුවට සියලු බලතල ඇත.
  1. පොලීසිය නීතිය හා සාමය අනුකමිටුව විසින් පොලිස් බලතල පලාත් සභාවලට ලබාදිය යුතු බවට යෝජනා කර ඇත. ඒ අනුව පොලිස් සේවය ජාතික පොලීසියත්, පලාත් පොලිස් සේවාවන් නවයකටත් බෙදෙනු ඇත. රජයට එරෙහි අපරාධ, රාජ්‍ය දේපල සම්බන්ධ අපරාධ, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අධිකරණ හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහි අපරාධ, මැතිවරණ හා මුදල් නෝට්ටු සම්බන්ධ කාරණා සහ ජාත්‍යන්තර අපරාධ ජාතික පොලීසියේ කාර්යභාර්ය වන අතර අනෙක් සියළුම වැඩ කටයුතු එනම් අපරාධ, වංචා, මත්ද්‍ර‍්‍ය, රථවාහන ඇතුළු සියළුම එදිනෙදා පොලිස් කාර්යභාර්යයන් පලාත් පොලිස් සේවාවන් වලට පැවරෙනු ඇත. යම්කිසි විමර්ශනයක් ජාතික පොලීසිය යටතේ පවතින ඒකකයකට මාරුකල හැක්කේ අදාල පලාතේ පොලිස් කොමසාරිස්වරයාගේ එකගතාවය මත පමණි. පලාත් පොලිස් සේවයන් තම තමන්ගේ පුහුණු කටයුතු කරගනු ඇති අතර ඒ ඒ පලාත්වල පොලිස් නිලධාරීන් භාවිතා කරන ගිනි අවි වර්ග හා ගණන තීන්දු කරනු ලබන්නේ පලාත් පොලිස් බලධාරීන්ගේ අනුමැතිය පරිදිය. පලාත් පොලිස් වල වැඩකටයුතු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට කිසිදු අධීක්‍ෂණ බලයක් හිමිනොවනු ඇත. පලාත් පොලිස් සේවාවන්වලට සාමාජිකයන් බදවා ගැනීම සදහා භාෂාව හා පදිංචිය පිළිබද නිර්නායකයන් යෙදීම හේතුවෙන් උතුරු හා නැගෙනහිර පලාත්වල පොලිස් සේවාවන් ජාතිය හා භාෂාව අනුව ජාතික පොලීසියෙන් මෙන්ම සෙසු පලාත්වල පොලිස් සේවාවන් වලින්ද වෙන්වනු ඇත. පලාත් පොලිස් සේවාවන් අතර ස්ථානමාරු සිදු නොවන නිසා උතුරු නැගෙනහිර පොලිස් සේවාවන් හා රටේ සෙසු ප්‍රදේශවල පොලිස් සේවාවන් අතර සම්බන්ධතා නිරායාසයෙන්ම නැති වී යනු ඇත.
  1. පොලීසිය නීතිය හා සාමය පිළිබද අනු කමිටුවේ තවත් යෝජනාවක් වන්නේ මාස තුනකට කට වඩා වැඩි කාලයක් එක දිගටම හදිසි නීතීය බලපැවැත්වීමට, එසේ නැතිනම් දින 180 ක් තුළ දින 90 කට වඩා වැඩි කාලයක් හදිසි නීතිය ක්‍රියාත්මක වීමට නම් එවැනි දිගු කිරීමක් පාර්ලිමේන්තුවේ ‘විශේෂ බහුතරයකින්’ සම්මත විය යුතු බවය. එපමණක්ද නොව හදිසි නීති ප්‍ර‍කාශනය මෙන්ම හදිසි නීති රෙගුලාසිත් විමර්ශනය කොට ඒවා අහෝසි කිරීමට වුවද අධිකරණයට බලය ලබාදීමට යෝජනා වී ඇත. යම්කිසි තත්වයක් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට සුදුසුද නැද්ද යන කාරණය ගැන තීන්දුවක් ගැනීමට අධිකරණයට හැකියාවක් නැත. මෙය සම්පූර්ණයෙන්ම විධායකයේ බලයක් විය යුතුය. අධිකරණ, ව්‍යවස්ථාදායක, විධායක වශයෙන් බලතල වෙන්කෙරෙන්නේද එක් එක් ක්‍ෂේත්‍ර‍වල කාර්යභාර්යයන් වෙනස් නිසාය. හදිසි නීතිය පිළිබද මෙවන් යෝජනාවන් ඉදිරිපත් කර තිබෙන්නේ හදිසි තත්වයකට රජයට සුදුසු පරිදි ප්‍ර‍තිචාර දැක්වීමට නොහැකිවන ආකාරයට කටයුතු යෙදීමට බව ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකා රජය ඒ ආකාරයට බෙලහීන කිරීම ඇතැම් පාර්ශව වල උවමනාව බව ජනතාව දනී.
  1. ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී එම තනතුරුවලට සුදුස්සන් ව්‍යවස්ථාදායක මණ්ඩලයට යෝජනා කල යුත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සෑදුණු මණ්ඩලයක් විසින් යැයි අධිකරණය පිළිබද අනුකමිටුව යෝජනා කර ඇත. මේ මණ්ඩලය අග්‍ර‍විනිශ්චයකාරවරයා විසින් පත්කල යුතු වන අතර එසේ කිරීමේදී නීතිපතිවරයාගෙන් හා නීතීඥ සංගමයේ සභාපති වරයාගෙන් අදහස් විමසා සිටිය යුතු වෙයි. නීතිඥ සංගමය යනු අතිශයින්ම දේශපාලනීකරණය වූ ආයතනයකි. වරක් මෙහි සභාපතිවරයා හැටියට සිටියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඊට පසු එම තනතුර දැරෑ පුද්ගලයා මගේ ආණ්ඩුව පෙරලීමට නීතිඥ සංගමයත් භාවිතා කොට යහපාලන ආණ්ඩුවේ ඉහල දේශපාලන පත්වීමක් ලබා ගත්තේය. නීතිඥ සංගමය ලංකාවේ දේශපාලනයට ඍජුවම මැදිහත් වී සිටින විදේශීය බලවතුන්ගෙන් මුදල් හා විශේෂ ගමන් යනාදිය ලබා ගන්නා ආකාරය මාධ්‍යයේ පල වී ඇත. මෙවැනි ආයතනයකට මොනම හේතුවක් යටතේවත් ඉහලම අධිකරණවල විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් බලයක් පැවරිය යුතු නැත. එමෙන්ම තමන්ගේ නඩු අහන විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් බලයක් පුද්ගලික නීතිඥයන්ට ලබාදීමෙන් යුක්තිය පසිදලීමේ මුළු යාන්ත්‍ර‍යම දූෂණයට ලක්වී ඒ පිළිබදව මහ ජනතාවගේ විශ්වාසයද බිද වැටීමට ඉඩ ඇත.
  1. අධිකරණය පිළිබද අනුකමිටුව විසින් කර ඇති තව චෝදනාවක් වන්නේ රටේ සාමාන්‍ය උසාවි පද්ධතියට පිටින් විනිශ්චයකාරවරුන් හා ව්‍යවස්ථා පිළිබද විශේෂඥයන් හත් දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාමය උසාවියක් පිහිටවිය යුතු බවයි. ව්‍යවස්ථාව නිර්වචනය කිරීම, පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූලභාවය තීන්දු කිරීම,සම්මත කරන ලද පනත්වල ව්‍යවස්ථානුකූලභාවය තීන්දු කිරීම, මධ්‍යම රජය හා පලාත්සභා අතර ඇතිවන ආරවුල් විභාග කිරීම මේ ව්‍යවස්ථාමය අධිකරණයේ කාර්යභාර්යය වනු ඇත. ව්‍යවස්ථාවට අදාල ප්‍ර‍ශ්නයක් වෙනත් උසාවියක විභාගවන නඩුවකදී පැණ නැගුණහොත් ඒ නඩුව මේ ව්‍යවස්ථාමය උසාවියට යොමු වනු ඇත. වත්මන් ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාව නිර්වචනය කිරීමටත් පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය විභාග කිරීමටත් බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. එහි මොනම වෙනසක්වත් නොවිය යුතු බව මගේ මතයයි. එපමණක්ද නොව මේ ව්‍යවස්ථාමය උසාවියට පත්කෙරෙන විනිශ්චයකාරවරුන් නොවන ‘ව්‍යවස්ථා පිළිබද විශේෂඥයන්’ කවුරුන් විය හැකිද යන්න ගැන බරපතල සැකයන් පැණ නගී. තවද පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක ව්‍යවස්ථානුකූලභාවය විභාග කිරීමට කිසිවෙකුටත් බලය නැතිය යන්න අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වූ මූලධර්මයයි.
  1. අළුත් ව්‍යවස්ථාව බලාත්මක වන අවස්ථාවේදී රටේ බලපැවැත්වෙන නීති තවදුරටත් වලංගු වන්නේ ව්‍යවස්ථාවේ වගන්තිවලට එම නීති අනකූල වන්නේ නම් පමණක්ය යන සාමාන්‍ය සිද්ධාන්තය මේ රටේ ඇතැම් ජනකොටස්වලට අදාල පුද්ගලික නීති වලට බලනොපෑ යුතු යැයි මූලික අයිතීන් පිළිබද අනුකමිටුව යෝජනා කර තිබේ. ඒ අනුව ඇතැම් ජනකොටස්වල පුද්ගලික නීති ව්‍යවස්ථාට පටහැනි වුවත් බලාත්මක වේ. කිසියම්ම හෝ ජනකොටසකගේ පුද්ගලික නීතියකට ව්‍යවස්ථාව හා මූලික අයිතීන් පිළිබද පරිච්ඡේදයටත් ඉහලින් සිටීමට ඉඩදුනහොත් එය අනෙක් ජනකොටස්වලට හිමි නැති වරප්‍ර‍සාදයක් තවත් ජන කොටසකට ලබාදීමක් වනු ඇත. මෙයින් අනවශ්‍ය ජාතික හා ආගමික නොසන්සුන්තාවයක් ඇතිවිය හැකිය.
  2. ලංකාවේ නීති ක්‍ර‍මයට අනුව, ආණ්ඩුව අත්සන් කරන විදේශීය ගිවිසුම්වල විධිවිධාන එක්වරම දේශීය නීති පද්ධතියට ඇතුලත් වන්නේ නැත. පාර්ලිමේන්තුව විසින් එම ගිවිසුමේ වගන්ති අපේ නීතියට ඇතුලත් කරමින් නව නීති සම්මත කරගත යුතු වේ. අලුත් ව්‍යවස්ථාව බලාත්මක වන අවස්ථාවේදී ආණ්ඩව විසින් අත්සන් කොට තිබෙන නමුත් තවම පාර්ලිමේන්තුව විසින් අපේ නීති පද්ධතියට ඇතුලත් කරගෙන නැති සියළුම ගිවිසුම් අලුත් ව්‍යවස්ථාව සම්මත වී අවුරුදු දෙකක් ඉකුත් වූ පසු මෙරටේ නීති පද්ධතිය තුළට ස්වයංක්‍රීයව ඇතුලත් විය යුතු බවට මූලික අයිතීන් පිළිබද කමිටුව නිර්දේශ කර ඇත. මෙය 1998 දී නිසි සොයාබැලීමකින් තොරව අත්සන් කල නමුත්, මෙම ලියවිල්ල නිසා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ජිනාවාහි මානව හිමිකම් කමිටුවට යටත් වන බවට පසුව ඇති වූ අවබෝධය නිසා පාර්ලිමේන්තුව විසින්  අපේ නීතියට ඇතුලත් නොකර සිටි; සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ප්‍ර‍ඥප්තියේ ‘අතුරු ලියවිල්ල’ පස්සදොරෙන් අපේ නීතියට ඇතුලත් කිරීමට ගන්නා නිරුවත් උත්සාහයකි. ඒ ලියවිල්ල ලංකාවේ බලාත්මක වුවහොත් අපේ ශ්‍රේෂ්ඨාධිකරණය විදේශීය අධිකරණයකට යටත් වනවා පමණක් නොව මේ ආකාරයට අවිධිමත් ලෙස විදේශීය ගිවිසුම් ස්වයංක්‍රීයව අපේ නීතියට ඇතුල් වුවහොත් නීති පද්ධතිය තුළ විශාල වියවුලක් ඇති වීමද වැලැක්විය නොහැක.
  1. මූලික අයිතීන් පිළබද අනුකමිටුවේ ප්‍ර‍ධානම නිර්දේශයක් වනනේ සිංහල හා දෙමළ භාෂා දෙකම ලංකාවේ රාජ්‍ය භාෂාවන් විය යුතු බවයි. 1957 දී එස්.ජේ.වී.චෙල්වනායගම් කලාප සභා ක්‍ර‍මය ඇති කිරීමට යෝජනා කල අවස්ථාවේදී උතුරු හා නැගෙනහිර පලාත්වල බහුතරයක් දෙමළ බස කථාකරන ජනතාව වාසය කරන නිසා එම කලාප සභා දෙකේ පරිපාලනයේ භාෂාව දෙමළ විය යුතු බවත්, එම ප්‍රදේශවල ජීවත් වෙන සිංහල සුළුතරය වෙනුවෙන් සිංහල භාෂාව පාවිච්චි කිරීම සදහා සාධාරණ විධිවිධාන යෙදීමට යෝජනා කලේය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් මුළු රටටම ආදේශ කලේද එවැනි ක්‍ර‍මයකි. එනම් සිංහල රාජ්‍ය භාෂාව වන අතර දෙමළ භාෂාව පාවිච්චි කිරීම සදහා සාධාරණ විධිවිධාන යෙදීමයි. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි වන අතර දෙමළ, මළයාලම්, බංගලි වැනි භාෂාවන් භාවිතා කිරීම සදහා සාධාරණ විධිවිධාන යොදවා ඇත. දෙරටේම ක්‍රියාත්මක වන මේ සාධාරණ ප්‍ර‍තිපත්තිය අනවශ්‍ය  අත්හදාබැලීම් තුළින් විනාශ නොකළ යුතු යැයි ආණ්ඩුවට අවවාද කර සිටීමට මම කැමැත්තෙමි.

ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මීට වඩා වගකීමිකින් යුතුව කටයුතු කරන ලෙසත් බෙදුම්වාදීන්ට හා විදේශීය බලවතුන්ට අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනතාවට පසුගිය ජනාධිපති වරණයේදී දුන් ප්‍ර‍ධාන ව්‍යවස්ථාමය පොරොන්දු මුලින්ම ඉටුකල යුතු යැයි මම යෝජනා කර සිටිමි. එමෙන්ම ඉහත සදහන් වූ අතිශයින්ම හානිකර යෝජනා කිසිවක් අවසන් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් නොවනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් මහනාහිමියන් නොමග යැවීමට ශ්‍රීලනිප කණ්ඩායමක් යවා තිබීමෙන් පෙනෙන්නේ ‘බෙදීම’ යන වචනය පාවිච්චි නොකර රට බෙදන මේ ව්‍යවස්ථා සංශෝධන හානිකර නොවන දෙයක් හැටියට මහා සංඝරත්නයටත්, මහජනතාවටත් හුවා දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතිකවාදී ප්‍ර‍තිරෑපය පාවිච්චි කිරීමට දුෂ්ඨ වැඩපිළිවෙලක් දියත්වී ඇති බවයි.

තමන් මේ අවස්ථාවේදී  එජාපයට වහල් වී සිටීම හේතුවෙන් ශ්‍රීලනිපය පසුගිය දශක හය මුලුල්ලේ දැරෑ ප්‍රතිපත්ති පාවා නොදෙන මෙන් ආණ්ඩුවේ සිටින සියළුම ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ

හිටපු ජනාධිපති

The constitutional reform programme launched amidst chaos in the country 

The reports submitted by six subcommittees on constitutional reform appointed by the Constitutional Assembly were tabled in parliament while everybody’s attention was focused on the budget. With that government ministers moved fast to meet the Ven. Mahanayake Theras with a view to obtaining their support for these proposals by saying that no recommendations have been made to alter the unitary character of the constitution, the special status accorded to Buddhism or for the merger of the northern and eastern provinces. Furthermore, leaving aside all the strikes and demonstrations over the budget, the president himself spoke in parliament about the need to devolve power. In the meantime government parliamentarians and ministers are being showered with all kinds of privileges such as new cars and generous special allowances.

 

All these are signs that portend great danger to the nation. During the last presidential election campaign, the two main constitutional reforms promised to the people by this government were; the abolition of the executive presidency and reform of the electoral system. Neither of these two key issues have been dealt with by the subcommittees appointed by the Constitutional Assembly. Instead, six reports have been released on matters that were never even mentioned during the presidential elections.It is only in reading the subcommittee reports that the connection between the above mentioned events become clear. The subcommittee on ‘Centre Periphery Relations’ has openly stated that the ‘unitary character’ of our constitution is an ‘impediment’ to the functioning of the provincial councils and some of the reports have made recommendations that are designed to end the unitary character of Sri Lanka without however deleting that word from the constitution. I would like to highlight some of the most harmful recommendations as follows:

  1. The Subcommittee on Centre-Periphery Relations has made recommendations to strip the provincial Governors of all their powers. The Governor’s discretionary power to sign into law statutes passed by the PC is to be abolished and that authority given to the Chairman of the provincial council. His discretionary power to refer statutes back to the PC suggesting amendments or to refer a statute to the president to be sent to the supreme court for review is to be abolished. The Governor’s authority over the provincial public service is to be transferred to the chief minister and the provincial board of ministers. Furthermore, the  Governor  is to be appointed only with the concurrence of the chief minister and will have to perform his duties on the advice of the chief minister and the provincial board of ministers. Our system of devolution is modelled on that of India and the Governors of the Indian states have exactly the same powers as the provincial Governors in Sri Lanka. It is through the role of the governor that the provinces and the states are bound to the centre. If the powers of the Governors are taken away, both India and Sri Lanka will cease to be unified nations.
  2. The list of concurrent powers which are wielded by both the central government and the provincial councils is to be done sway with and those powers transferred to the provincial councils so that the PCs and the central government become ‘distinct spheres of authority’. To further this objective, it has been recommended that the District Secretaries and the Divisional Secretaries who now function under the central government be placed under the authority of the provincial councils. Furthermore, the provincial public services commissions are to be allowed to decide on their cadre need including that of the local authorities, without Treasury oversight.
  3. The Subcommittee on Centre Periphery Relations has also suggested that powers over state land be transferred to the provincial councils. The central government will be able to utilise state land in the provinces only with the concurrence of the provincial authorities. In India, the central government can use any state land with or without the concurrence of the state concerned.
  4. The Subcommittee on police and law and order has recommended that the police force be divided into a national police force and nine separate provincial police forces. The national police will exercise jurisdiction over offences against the state and state property, the armed forces, parliamentarians, judicial and public officers, offences relating to elections, currency and government stamps, and international crimes. Everything else including crime investigations, fraud, narcotics, traffic, etcetera, will be under the provincial police forces. An investigation can be referred to the national police only if the provincial police commissioner consents to it. The provincial police forces will conduct their own training and have the final say in the type of weapons their policemen would use. The IGP will not have any oversight regarding the work of the provincial police. Provincial police personnel are to be recruited on linguistic and residential criteria which together with the fact that there will be no inter-provincial transfers, will mean that the provincial police forces in the north and east will be completely separate and will have virtually no interaction with the rest of the police force.
  5. If a state of emergency is to be in force continuously for a period in excess of 3 months or for a period of more than 90 days within a period of 180 days, the extension of the state of emergency will require a ‘special majority’ in parliament. The courts will be given the power to review and even invalidate the declaration of emergency and the emergency regulations. The judiciary is not equipped to determine whether a situation warrants a declaration of emergency or not and such matters should be the exclusive preserve of the executive. These provisions are obviously meant to ensure that the state will not be able to respond adequately to an emergency. Everyone knows that there are some elements who want to weaken the Sri Lankan State.
  6. The Subcommittee on the Judiciary has recommended that when judges of the Supreme Court and the court of appeal are to be appointed, the nomination of suitable candidates would be done by a panel of former supreme court judges. This panel is to be appointed by the incumbent chief justice after consulting the Attorney General and the President of the Bar Association. The Bar Association is a highly politicised body and once had a UNP parliamentarian serving as President. His successor openly worked against my government and accepted a top political appointment from this government. The manner in which the Bar Association accepts funding from foreign powers has been commented on in the media. Such a body should never be given a role in nominating judges to the highest courts. There is also a serious conflict of interest issue in giving the private bar a say in appointing the judges who will be hearing their cases. This will lead to collusion and corruption and erode public confidence in the entire legal system.
  7. It has also been recommended by the Subcommittee on the Judiciary that a seven member constitutional court made up of judges and ‘specialists in the field’ be set up outside the regular court structure to exercise  exclusive jurisdiction in relation to interpreting the constitution, reviewing Bills, the post enactment review of legislation and to adjudicate in disputes between the centre and the provinces.  If a constitutional matter comes up in any case in any court in the country, it will have to be referred to this constitutional court. Under the present constitution, the interpretation of the constitution and review of Bills is the exclusive preserve of the Supreme Court and this should not be changed.  We also have concerns about who the ‘constitutional experts’ sitting on the bench of this court will be.  Furthermore, the principle applied hitherto in this country is that the courts will not have the power of post enactment review of legislation.
  8. The Subcommittee on Fundamental Rights has recommended that the standard provision found in most constitutions to the effect that the laws in force at the time the new Constitution comes into force would be valid only to the extent that they don’t clash with the new constitution; be dispensed with in relation to the ‘personal laws’ of certain communities. If any personal law is allowed to stand above the constitution, that would be a case of according to certain communities privileges not available to other communities and will give rise to ethnic and religious tensions.
  9. According to Sri Lanka’s legal system, foreign treaties entered into by the government are not automatically incorporated into domestic law and parliament has to legislate the provisions of that treaty into law. The Subcommittee on Fundamental Rights has recommended that treaties to which Sri Lanka is a party at the time the new constitution comes into effect, should automatically get incorporated into domestic law after a lapse of two years. This is a naked attempt to bring into force through the back door, Optional Protocol I of the International Covenant on Civil and Political Rights which was ill-advisedly signed in 1998 but due to subsequent enlightenment, never incorporated in our law by parliament because it makes our Supreme Court subordinate to the Human Rights Committee in Geneva. The automatic, unplanned incorporation of foreign treaties in our laws in the manner proposed will lead to confusion within the legal system.
  10. One of the principal recommendations of the Sub Committee on Fundamental Rights is that both Sinhala and Tamil be recognised as the official languages of Sri Lanka. In 1957 S.J.V.Chelvanayagam proposed to make Tamil the language of administration in the North and the East with ‘reasonable provision’ for the use of Sinhala for the Sinhala minority living in those areas. This was same the policy that S.W.R.D.Bandaranaike applied to the whole country with Sinhala as the official language and reasonable provision for the use of Tamil especially in the north and east. In India too, Hindi – the language of the largest linguistic group – is the official language while reasonable provision has been made for the use of other languages like Tamil, Malayalam etc. These are arrangements that should not be disturbed with ill-advised experiments.

I call upon the government to act more responsibly in this all important matter of constitutional reform and to take up the two main electoral reform pledges they gave the people first, before dealing with matters that are of interest only to separatists and certain interested foreign parties. None of the recommendations mentioned above should be in the final draft of the constitution. The fact that the government sent an SLFP delegation to mislead the Ven. MahanayakeTheras about the constitutional reform proposals shows that they are trying to use the nationalistic credentials of the SLFP to deceive the MahaSangha and the people to push through a constitution which will divide the country without using the word ‘division’.  I request all members of the SLFP serving in this government not to allow their enslavement to the UNP to go so far as to betraying every principle that the SLFP has stood for in the past six decades.

Mahinda Rajapaksa M.P.

Former President of Sri Lanka

 

 

Top