Breaking
24 Feb 2025, Mon

රට දෙකඩ කරන ව්‍යවස්ථා මගඩිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ මුල් කොටස පහත සඳහන් වෙනවා.

“ආණ්ඩුකම ව්‍ය ම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා යෝජනා සම්මතය වස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා යෝජනා සම්මතය ශ්‍රී ලංකාවට ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු යැයි ශ්‍රී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවයක් ඇති ෙහයින් ද ශ්‍රී ලංකාව සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සලකා බලා ජනතාවෙග් අදහස් හා උපෙදස් ලබාෙගන ආණ්ඩුකම ව්‍යවස්ථාෙව් 75 වන ව්‍යවස්ථාව යටෙත් ඒ ෙවත පැවරී ඇති බලතල කියාත්මක කරමින් පාර්ලිෙම්න්තුව විසින් සලකා බලනු පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා පනත් ෙකටුම්පතක් සැකසීෙම් කාර්ය සඳහා සමස්ත පාර්ලිෙම්න්තුවම සමන්විත වන පරිදි සැදි පූර්ණ කාරක සභාවක බලතල ඇති හා පාර්ලිෙම්න්තු මන්තීවරයන්ෙගන් සමන්විතවන මෙහි මින් මතු “ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය” යනුවෙන් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් තිබිය යුතු යැයි, මෙම පාර්ලිෙම්න්තුව යෝජනා සම්මත කරයි. ”

මේ ලිපිය ලියන්නේ ඉහත සඳහන් ඡෙද ද ඇතුළත් ව අදාළ යෝජනාව සම්මත වී ඇතැයි සිතමින් ඒ එසේ නොවන්නේ නම්. එය යම් ආකාරයක සංශෝධනයකට යටත් ව සම්මත වී නම් අපට කියන්න සිදුවන්නේ වෙනත් දෙයක්. මට මේ සම්බන්ධයෙන් දැනට වෙනත් තොරතුරක් ලැබී නැහැ. මෙය කියවන යම් අයකු සම්මත වූ වෙනත් යෝජනාවක් ගැන දන්නවා නම් ඒ යෝජනාව සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

මෙහි ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කරන බවත් එහි කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම බවත්. එමෙන් ම එහි දී මුළු පාර්ලිමේන්තුවෙන් ම සමන්විත පූර්ණ කාරක සභාවක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කෙරෙන බවත් එහි කියැවෙනවා. එය ඉතා පැහැදිලියි. මෙම යෝජනාවේ 20 වැනි හා 21 වැනි වගන්තිවලින් කියැවෙන්නේ ව්‍යවස්ථා මණ්ඩලය සකස් කරන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

එසේ වුවත් එම යෝජනාවේ හත්වැනි වගන්තිය මෙසේයි. “7. අමාත්‍ය මණ්ඩලයට හා පාර්ලිෙම්න්තුවට ඉදිරිපත් කිරීමට පථම ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බලනු ණිසආණ්ඩුකම ව‍යවස්ථා කටුම්පත් යෝජනාවක් යෝජනා කරමින් යෝජනාවක් ඉදිරිපත් කරන ෙලස මෙහයුම් කමිටුෙවන් ඉල්ලා සිටිමින්, ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සම්මත කරනු පිණිස මෙහයුම් කමිටුෙව් සභාපති වරයා විසින් ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් ඊළඟ රැස්වීෙම්දී යෝජනාවක් ඉදිරිපත් කළ යුතු ය.”

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වන්නට ඇති. එහි අර්ථකථනය කෙසේ ද? එය අර්ථකථනය කරන්නේ කවුද? සභාපති කරු ජයසූරිය ද? කතානායක කරු ජයසූරිය ද? ඒ කවුරුන් වුවත් අර්ථකථනය පිටුපස සිටින්නේ කවු ද? ඒකාබද්ධ විපක්‍ෂය නොසිතන තර්ජනයක් මෙහි තිබෙනවා. යම් ආකාරයකින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ව්‍යවස්ථාවට නොලැබෙන බව රනිල්ට හා බටහිරයන්ට තේරුම් ගියහොත් ඔවුන් කුමක් කරාවි ද?

මේ අතර තවත් ප්‍රශ්නයක් ඉතිරි වී තිබෙනවා. ශ්‍රී ලංකාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට පුළුල් එකඟතාවක් ඇති බැවින් මේ ව්‍යවස්ථා මණ්ඩලය පත්කරන බව ඉහත සඳහන් යෝජනාවේ සඳහන් වෙනවා. මෙය ප්‍රශ්න කළ යුතුයි. යෝජනාව පාර්ලිමේන්තුවේ දී සම්මත වන්නට ඇති. ඇතැම් විට ඒකාබද්ධ විපක්‍ෂය ද මෛත්‍රීපාල කණාඩායම ද යෝජනාවට ඡන්දය දෙන්නත් ඇති. එසේ ඡන්දය නොදුන්නත් රනිල්ට පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරගන්න පුළුවන්.

එහෙත් ප්‍රශ්නය ශ්‍රී ලංකාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවට පුළුල් එකඟතාවක් තිබේ ද යන්නයි. ඒ පුළුල් එකඟතාව තිබෙන බව දැනගත්තේ කෙසේ ද? සංධානයේ මැතිවරණ ප්‍රකාශයේ නව ව්‍යවස්ථාවක් ගැන සඳහන් වුනේ නැහැ. ඔවුන් කීවේ ව්‍යවස්ථාව සංශෝධනය කරන බව පමණයි. ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ යෝජනාවට ඒකාබද්ධ විපක්‍ෂය හා මෛත්‍රිපාල මරපු කණ්ඩායම ඡන්දය දුන්නේ කෙසේ ද? මෛත්‍රිපාල පසුගිය දිනෙක කියා තිබුණේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නෙ නැති බවයි. ඒත් ඔහු අද කියන දේ හෙට නැතැයි කියනවා. අනෙක් අතට ඔහු මාධ්‍යවේදියෙක්, ග්‍රාම නිලධාරියෙක් ආදී වශයෙන් වැඩ කර තිබෙන බව කියනවා. ඒත් ජනාධිපති ලෙස වැඩ කරනවා ද යන්න ප්‍රශ්නයක්.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අවුලක්. ජනතාව පොදුවේ ගත්තොත් ඡන්දය දී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයකට මිසක් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නොවෙයි. ඒකාබද්ධ විපක්‍ෂය අයවැය, වැට් බද්ද, බැඳුම්කර මගඩිය ගැන කතාකරන අතර වැඩි අවධානයක් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට දිය යුතුයි. ඔවුන් සම්බන්ධ වී සිටින්නේ පැහැදිලි කමක් නැති අවුල් සහගත ක්‍රියාවලියක.
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 01

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.