Breaking
25 Feb 2025, Tue

රට වනසන බලහත්කාරී එට්කා මාරයා පැරදවීමට රට වෙනුවෙන් වෘත්තීය සටනට අපි සූදානම් !

රටේ වෘත්තීයවේදීන් බහුතරයක් දෙනා ඇතුළු මහජනතාවගේ දැඩි විරෝධය නොතකා ආණ්ඩුව බලහත්කාරයෙන් එට්කා ගිවිසුම අත්සන් කරනවා යැයි පාරම් බෑම ඔවුන් නිතර දේශනා කරන යහපාලන මූලධර්ම වලට එකඟ වන්නේ කෙසේ දැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රශ්න කරයි. එලෙස අසාධාරණ ලෙසත් අයුක්ති සහගත ලෙසත් ආණ්ඩුව බලහත්කාරී ලෙස එට්කා ගිවිසුමට අත්සන් කරන්නේ නම් එය වැලැක්වීමට ගත හැකි අවසන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එලඹීමට වුවද පසුබට නොවන බව ඔහු අවධාරණය කරයි.

“ETCA ආක්‍රමණිකයා පරදවමු” මැයෙන් (16 දා) පැවති යුතුකම සංවාද කවය සංවිධානය කළ සම්මන්ත්‍රණයේදී අදහස් පළකළ පාදෙණිය මහතා නව ගිවිසුමකට යාමට පෙර දැනට ඇති වෙළඳ ගිවිසුම් වල පවතින අපට රටක් ලෙස බරපතල ලෙස අවාසිසහගත අඩු පාඩු ටික වත් නිවරදි කර පෙන්වන ලෙස ඉල්ලා සිටියි.ඒ සඳහා මග පෙන්වීමට වෘත්තීයවේදීන් ලෙස තම ව්‍යාපාරයට හැකි බව පෙන්වා දෙන ඒ මහතා මෙවැනි ගිවිසුමක් වෙත එළඹීමට පෙර අනුගමනය කළ යුතු අත්‍යවශ්‍ය කොන්දේසි 5ක් පෙන්වා දෙයි.

දැනට පවතින වෙළඳ ගිවිසුම්වලින් දැඩි ලෙස අවාසි විඳින ලංකාව ඒවා එලෙසම තිබියදී තව තව ගිවිසුම් හරහා තව තවත් අගාධයට යන බව පෙන්වා දෙන වෛද්‍ය පාදෙණිය මහතා එය වලක්වා ගැනීමට නම් මේ අත්‍යවශ්‍ය කොන්දේසි 5 ට එකඟ වීම අනිවාර්‍යයෙන් කළ යුතු යැයිද අවධාරණය කර සිටී.

එම කොන්දේසි නම්

1 දැනට ඇති ගිවිසුම් විශ්ලේෂණය කර රටට වාසි වන මගකට යොමු කිරිම.
2 ජාතික වශයෙන් වැදගත් අංශ සුරක්ෂිත කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් ස්ථාපනය කල යුතුය.
3 වෙළඳාම විවෘත වන ක්ෂේත‍්‍ර වල ආරක්ෂාවට තිබිය යුතු ක්‍රමවේදයන් ස්ථාපනය කිරිීම.
4 වෙළඳ ගිවිසුමෙන් අපේක්ෂිත අරමුණු නිර්වචනයකර එළි දැක්විම.
5 ක‍්‍රමවේදය තුල පිලිපැදිය යුතු මුලධර්ම ස්ථාපනය කිරීම.

තව දුරටත් අදහස් දැක්වූ අනුරුද්ධ පාදෙණිය මහතා ,එට්කා ගිවිසුමට උපදෙස් දෙන උපදේශකයන් වන ආචාර්‍ය කැලේගම , රොහාන් සමරජීව සහ කුමාරස්වාමි යන උපදේශකයන් මෙහෙයවන්නේ කොතනින්ද යන්න සොයා බැලුවහොත් එට්කා ගිවිසුමේ සැබෑ උවමනාව තිබෙන්නේ කාටද යන්න පැහැදිලි කරගත හැකි බවත් දශකයකටත් වැඩි කලක් ගැසූ අසාර්ථක වෙලඳ ගිවිසුම් වල මේ අසාර්ථක උපදේශකයන් මොවුන්ම බවත් පෙන්වා දුන්නේය.

වෛද්‍ය පාදෙණිය මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනයටමෙතනින් සවන් දෙන්න

යුතුකම සංවාද කවය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.