Breaking
26 Jan 2025, Sun

රණතුංග පවුල “මිල සූත්‍ර ගෝනි බිල්ලෝ” … ඛණිජ තෙල් සංස්ථාවේ මුදල් කාබාසිනියා කරලා ජනතාව පිට බර පටවලා…

ජනතාව කවදාවත් දැක නැති නැති ඉන්ධන මිල සූත්‍රය නැමැති ‌‌ගෝනි බිල්ලාට මුවා වී ඉන්ධන මිල නොකඩවා වැඩි කිරීමට සිදුව තිබෙන්නේ අර්ජුන රණතුංගගේ පවුල් පාලනය හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාවේ සිදු වන මහා පරිමාණ වංචා දූෂණ සහ අක්‍රමිකතා නිසා යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා නිකුත් කර ඇති නිවේදනය

ජනතාව කිසිම දිනක දැක නැති හා ජනතාවට බලා ගැනීම සදහා ඉදිරිපත් කර නැති ඉන්ධන මිල සූත්‍රය නැමැති ‌‌ගෝනි බිල්ලා ඉදිරියට දමා එක් රැයකින් ඉන්ධන මිල ඉහළ දමන්නේ ඛණිජ තෙල් සංස්ථාවේ මේ වන විට සිදු වන මහා පරිමාණ වංචා දූෂණ සහ අක්‍රමිකතා නිසා බව අප සංවිධානය වෙත දැන ගැනීමට ලැබී ඇත.

ඇමතිවරයාගේ නෑදෑ හිතවතුන් විසින් මේ වන විට ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරනු ලබන අතර ඔවුන් විසින් හිතුමතේ ඛණිජ තෙල් සංස්ථාවේ මුදල් කාබාසිනියා කර දමමින් සිටී. එයට ආසන්නම උදාහරණය වන්නේ 1996 ලෝක කුසලානය දිනා ගත් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඇමතිවරයා විසින් භෝජන සංග්‍රහයක් පැවැත්වීමය.

තවද ඛණිජ තෙල් පිරිපහදුවේ අතුරැ ඵලයක් ලෙස ඉවත් කරනු ලබන දැවි තෙල් සදහා වෙනත් රසායනික යොදා අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ඛණිජ තෙල් සංස්ථාව තුළ ක්‍රියාත්මක අතර මීට මාස කිහිපයකට පෙර ඒසේ කවලම් කරන ලද තෙල් අඩංගු බවුසර් දෙකක් අත්අඩංගුවට ගෙන නියමිත පරීක්ෂණ වලින් පසුව එම බවුසර් දෙකේ අඩංගු දැවි තෙල් නැවත සපුගස්කන්ද පිරිපහදුව වෙත යැවීමට නියෝග කරනු ලැබුවත් විමර්ශන අංශයේ සේවයේ නියුතු ඇමතිවරයාගේ සමීප නෑයකුගේ මැදිහත් වීම මත එම බවුසර් දෙක නැවත හිමිකරැවන් වෙත නිකුත් කර ඇත.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවන මහා පරිමාණ වංචා දූෂණ ඉදිරියේදී හෙළි කිරීමට අප සංවිධානය බලාපොරොත්තුවෙන් සිටී. ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවන වංචා දූෂණ නිසා සමස්ත ඉන්ධන පාරිභෝගිකයින්ට වන්දි ගෙවීමට සිදුවීමත් රජය මේ පිළිබදව කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීමත් කණගාටුදායකය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.