Breaking
18 Apr 2025, Fri

රණවිරුවන්ට පහරදි සිරිසේන ශ්‍රීලනිපය පාවාදුන්නා

පසුගිය 30 වන දා සිට මාරාන්තික උපවාසයක නිරත වූ මෙම ආබාධිත රණවිරුවන්ට සිය ඉල්ලීම ඉදිරිපත් කිරීම සදහා කෙටි සාකචිඡුාවක් හෝ ලබා නොදුන්නේ මන්දැයි අපි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් සෘජුවම ප‍්‍රශ්ණ කරන්න බව ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයට ආණ්ඩුව විසින් එල්ල කළ ප‍්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළාදකිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයට ආණ්ඩුව විසින් එල්ල කළ ප‍්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

සිය විශ‍්‍රාම වැටුප් අයිතිය ඉල්ලා ආබාධිත රණවිරුවන් විසින් ක‍්‍රියාත්මක කල උද්ඝෝෂණයට ආණ්ඩුව විසින් එල්ල කළ ප‍්‍රහාරය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකී. රට වෙනුවෙන් සිය ශරීරාංග දන්දුන් මේ රණවිරුවන් ආණ්ඩුවේ අමානුෂික ප‍්‍රහාරය හමුවේ පීඩාවට පත් වූ ආකාරය සමස්ත ජාතියම කම්පාවට පත් කළ අවස්ථාවකි. රට වෙනුවෙන් ආබාධිත වූ රණවිරුවන්ට එරටෙහි ආණ්ඩුව විසින් මෙවන් ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ සිදු වී ඇතැයි අපට විශ්වාස කළ නොහැක. ජාතික ආරක්ෂාවට පවා තර්ජනය කරන ඇතැම් උද්ඝෝෂණ හමුවේ මුනිවත රකින ආණ්ඩුව ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයට එල්ල කළ මේ ප‍්‍රහාරය මෙරට ඉතිහාසයේ මහජන උද්ඝෝෂණයකට එල්ල වූ මිලේච්ඡුතම ප‍්‍රහාරය බව අපගේ හැඟීමයි.

මෙම රණවිරුවන්ගේ ඉල්ලීම ඉටුකිරීමට වැය වන්නේ ඉතාම සුළු මුදල් ප‍්‍රමාණයකි. ආණ්ඩුවේ ඇතැම් නාස්තිකාර වියදම් අනුව සලකා බලද්දී මෙය ඉතාම සුළු වියදමකි. මුදල් හිඟකම් ගැන පවසා ජනතා ඉල්ලීම් අතපසු නොකරන බව මේ ආණ්ඩුව පුන පුනා රට හමුවේ පොරොන්දු වී ඇත. ඒ සියල්ලට අනුව සලකා බලද්දී පෙනී යන්නේ මෙය මුදල් හිගයක් පිළිබඳ ප‍්‍රශ්ණයක් නොව ප‍්‍රමුඛතාවය පිළිබඳ ප‍්‍රශ්ණයක් බවයි. සිරිසේන, වික‍්‍රමසිංහ ආණ්ඩුව කිසිඳු මොහොතක රණවිරුවාට ප‍්‍රමුඛතාව තබා අවම වටිනාකමවත් නොදෙන බව මෙම සිදුවීම මගින් යළිත් තහවුරු වෙයි.

පසුගිය 30 වන දා සිට මාරාන්තික උපවාසයක නිරත වූ මෙම ආබාධිත රණවිරුවන්ට සිය ඉල්ලීම ඉදිරිපත් කිරීම සදහා කෙටි සාකචිඡුාවක් හෝ ලබා නොදුන්නේ මන්දැයි අපි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් සෘජුවම ප‍්‍රශ්ණ කරන්නෙමු. ආබාධිත රණවිරුවන්ගේ දුක් ගැනවිල්ලකටවත් ජනාධිපතිවරයා මෙහිදී සංෙවීදී වී නැත. තමන් සරළ ජනාධිපතිවරයෙකු ලෙස තමන් විසින්ම හඳුන්වා ගන්නා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රණවිරුවන් වෙනුවෙන් මිනිත්තු කිහිපයක සාකචිඡුාවක් ලබාදීමට සිතක් පහළ නොවීම අතිශයින්ම කණගාටුදායකය.

ජාතික සංහිඳියාව ආණ්ඩුවේ ප‍්‍රමුඛතම මාතෘකාවයි. ජාතික නිදහස වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවා නොසලකා ජාතික සංහිඳියාව ගොඩනැගිය හැකිද? සංහිඳියාව පිළිබඳ ආණ්ඩුවේ දර්ශණය මෙයද? රණවිරුවන් අවමානයට ලක් කිරීම වර්තමාන ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛතම කොටසක් බවට පත්ව ඇති බව පැහැදිලි ලෙස පෙනෙමින් තිබේ. අද ආබාධිත රණවිරුවන්ට එල්ලකළ ප‍්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර, මීට පෙර අවස්ථා රැසකදීම වර්තමාන ආණ්ඩුව රණවිරුවා රට සහ ලෝකය හමුවේ බරපතල ලෙස අපකීර්තියට අවමානයට සහ පීඩාවට පත්කර තිබේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන චින්තනයට මෙම තත්වය කිසිසේත්ම වලංගු නැත. වර්තමාන ඒකාබද්ධ ආණ්ඩුව තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිපත්ති මුළුමනින්ම විනාශ වී ඇති බව මෙමගින් යලිත් තහවුරුවේ, සංහිඳියාව වෙතට යන මාවත මෙය නොවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුවට අවධාරණයෙන් මතක් කර සිටී.
මෙයට

මහාචාර්ය ජී.එල් පීරිස්
සභාපති
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

උපදෙස් පරිදී

සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප‍්‍රකාශක
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

2016.11.07

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.