Featured

රණවිරුවන් ගැන ඇහුවම සිරිසේන බබා වෙයි

හමුදා බුද්ධි අංශ විරුවන් අත් අඩංගුවට ගෙන බෙදුම්වාදීන් සතුටු කිරීමට අත්තනෝමතික ලෙස අභූත චොදනා නගා හිර කිරීම, ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කිරීමට දුර දිග විහිදුම් බලකාය වැන අතිශය සංවේදී යුධ රහස් හෙළි කිරීම සහ රට බෙදන ව්‍යවස්ථා මර උගුල හරහා බෙදුම්වාදය ශක්තිමත් වෙන ආකාරය පිළිබඳ පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විධායක සභාවේදී රියර් අද්මිරල් (ආචාර්ය)සරත් වීරසේකර මහතා ජනපති මෛත‍‍්‍රිපාල සිරිසේන මහතාගෙන් මුහුණටම ප‍්‍රශ්න කළේය.

එහිදී ඒ සමහර කරුණු වලට සිරිසේන මහතාගේ පිළිතුර වී තිබුනේ තමන් ඒ පිළිබඳ දැනුවත් නැති බවයි.

මහවැලි කේන්ද‍්‍රයේ පැවැති විධායක සභාව අමතමින් ජනපති තුමා වර්තමාන දේශපාලන තත්වයද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කුමාරයා මෙහි එන වගද අන්තවාදීන් විසින් ව්‍යාවස්ථාව ගැන ජනතාව තුල අනිසි බියක් ඇති කරණ බවද කියා සිටි අතර, නිමල් සිරිපාල ඇමතිතුමා ව්‍යාවස්ථාව ගැන කියමින් දරුවා බිහි වෙන්න පෙර අඟපසග කියන අන්තවාදීන් රටේ සිටී යැයි පැවසිය.

මෙහිදි නැගී සිටි සරත් වීරසේකර ජනපති තුමාගෙන් කරුණු 03 ක් ගැන විමසීය. එහිදී අදහස් දැක්වූ සරත් වීරසේකර මහතාAdmiral Sarath Weerasekera 1.png

‘‘අද හමුදා බුද්ධි නිළධාරීන් අත් අඩංගුවට ගෙන නිබෙනවා. හමුදාවේ වසර 39 ක් සිටි මා ඇතුළු හමුදා සමාජිකයින් ඒ ගැන කල කිරිලා දවස් 78 ක් ඔවුන් රඳවා ගැනිමේ නියෝග මත පොලිස් භාරයේ සිටියා කිසිම ඥතියෙකුට බලන්න දුන්නෑ. ඉන්පසු රිමාන්ඕ බාරයට ගත්තා. පසුව ඔවුන්ගේ අසනීප තත්වය මත රිමාන්ඕ රෝහලට ඇතුලත් කලා. නමුත් පොලිසිය ඔවුන් රිමාන්ඕ රෝහලේ ඉන්නේ කේසේද කියා චෝදනා කරමින් දොස්තරටද බලපෑම් කොට එයින් නිළධාරීන් 04 ක් සිරකුටියකට දමලා. ඒක අපි හෙලා දකිනවා. මෙයින් පෙන්නන්නේ රණවිරුවන්ට පන්න පන්නා පහර දෙන හැටි ඔවුන්ට මාස 06 කට අධික කාලයක් පඩි ගෙවා නැත. ණය ගත්ත අය අද ඉතා දුක්කිත තත්වයකට වැටිලා. ඔබතුමා මේ ගැන සොයා බලන්න ඕන.

දෙවෙනි කරුණ ඔබ තුමා කිව්වා මානව කොමසාරිස් කුමාරයා එනවා කියලා මම අද පුවත් පතේ දැක්කා සෙයිද් හුසේන් කියලා තියෙනවා එයාට අපේ දුරවිහිදුම් මෙහෙයුම් වල වාර්ථා බලන්න අවශ්‍යයි කියලා ඒක සත්‍ය නම් එය කිසි සේත් නොකල යුතුයි. ඒවා යුද රහස්, අපි ලෝකේ භයානකම ත‍‍්‍රසත සංවිධානය විනාශ කල හමුදාව, ඒ රහස් පිට සිවිල් කෙනෙක්ට දෙනවා කියන්නේ අපේ නිවට කම ප‍‍්‍රදර්ශනය කිරීමක්.

තුන්වන කරුණ වන්නේ නිමල් ඇමති තුමා කිව්වා ව්‍යාවස්ථාවේ දරුවා බිහිවන්න පලමු දරුවාගේ අඟ පසග කියන අන්තවාධියෝ සිටිනවාය කියා. නමුත් ඒ දරුවාගේ සම්පූර්ණ අව යව දැනටමත් රනිල් වික්‍‍්‍රමසිංහ කියා තිබෙනවා සුජාතා විජේවර්ධන සමරු දේශනයේදී එයා කියනවා පලත් සභාවට දෙන බලතල නැවත පාර්ලිමේන්තුවට දෙන්නැ. ජනපති විධායක බලය අහෝසි කල යුතුයි. ඔස්ටි‍‍්‍රයානු ක්‍‍්‍රමයට ව්‍යාවස්ථාව හදනවාය කියා. ඔස්ටි‍‍්‍රයාව කියන්නේ පලාත් 09 කින් යුත් පෙඩරල් රාජ්‍යයක්. එහෙනම් එයාට ඕන මෙක පෙඩරල් කරන්න. ඔබතුමාලා ඒක එහෙම නෙමෙයිනම් එක ප‍‍්‍රතික්‍ෂප කරන්න ඕන.

ජනපති විධායක බලය අහෝසි කරනවානම් මැතිවරණ ක්‍‍්‍රමය සංශෝධනය කරනවානම් ඒක අද අනුමත වුනත් ක්‍‍්‍රියාත්මක වන්නේ තව අවුරුදු 4 කින් එහෙනම් ඇයි මේ නව ව්‍යාවස්ථාවක් ගෙන ඒමේ හදිසිය ? ජනතාවගේ බය ඒ නිසා අනිසි බයක් නොවේ, නිසි බයක්, ඒ ගැන කතා කිරීම අන්තවාදී.‘‘

-යටියන ප‍්‍රදීප් කුමාර-

Top