Featured

රණවිරු ස්මාරකය ඉවත් කළේ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට!

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලිම මත  යුධ හමුදාව යොදවා ගනිමින් වෙලගෙදර ක්‍රීඩාංගනය පසෙක ස්තාපනය කර තිබු රණවීරු ස්මාරකය ඊයේ ඒතනින් ඉවත් කිරිමට කටයුතු කළ බව හමුදා ප්‍රධානියෙකු අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් හමුදාවේ අවශ්‍යතාව මත අදාළ රණවීරු ස්මාරකය ඉවත් කල බවට මතයක් ප්‍රචාරය වෙමින් පවතින බවත් ඒ හරහා යුධ හමුදාව සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් ඇති වන බවද අදාළ හමුදා ප්‍රධානියා සදහන් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලිම පසුගිය සිකුරාදා යුධ හමුදා මුලස්ථානයට යොමුකර ඇති අතර එම ඉල්ලිමට අනුව සැප්තැම්බර් 1 වැනිදාට පෙර එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසත් එය යලී ස්ථානපණය කිරිම සදහා නැවතත් උපදෙස් ලැබෙන තුරු සිටින ලෙසටද අදාළ ලිපිය මගින් දන්වා තිබේන බව ව හමුදා ප්‍රධානියා අනාවරණය කළා.

සැප්තැම්බර් 04 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 සංවත්සරය කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදවා ඇති අතර උතුරේ දමිළ ඩයස්පොරාවේ පාහරයෝ එම අවස්ථාවට සහභාගි විමට නම් රණවීරු ස්මාරක ඉවත් කලයුතු බවට අනාවරණය වි ඇති බව අද එම ස්ථානයේ පැවති උද්ඝෝෂණයකට එක්වෙමින් සාලින්ද දිසානායක මන්ත්‍රීවරයාද ප්‍රකාශයක් කර තිබේ.

මේ අතර කයිවාරු ගසන මෛත්‍රී පාල සිරිසේන උන්නැහේද අද තමන් මෙම රණවිරු ස්මාරක ගැලවිම පසුපස සිටින බවට මාධ්‍ය ඉදිරියේ යම් තහවුරුවක් කරනු ලැබුවා.

නමුත් මෙහි ගැටලුව වන්නේ මාර්ගයේ මැදට වන්නට ඇති ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ  පිළිරුව ඉවත් නොකර තිබිමයි.(ඡායාරූපය පහතින් බලන්න )

received_1200979623298768

නමුත් මෙහි ගැටලුව වන්නේ මාර්ගයේ මැදට වන්නට ඇති ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පිළිරුව ඉවත් නොකර තිබිමයි.

received_1200939873302743 received_1200977219965675

Top