Breaking
26 Feb 2025, Wed

රතු අලි පැටව් ආණ්ඩු විරෝධය දියකර හැරීමේ කුමන්ත‍්‍රණයක

ජනතා විමුක්ති පෙරමුණ රට තුල මතුවන ජනතා විරෝධය යටපත් කිරීමේ කුමන්ත‍්‍රණයක නිරතව සිටින බවට ඒකාබද්ධ විපක්‍ෂයේ කැදදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා චොදනා කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ රහසිගත පාර්ශවකරුවන් වන ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි බවයි. අද (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රණතුංග මහතා මේ බව සහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

“මේ වන විට පාර්ලිමේන්තුවේ තිබෙන තුනෙන් දෙකක බහුතර බලය උපයෝගී කර ගනිමින් ආණ්ඩුව පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බුල්ඩෝස් කරලා විපක්‍ෂ මතය යටපත් කරලා ජනතා විරෝධී අන පනත් සම්මත කරගන්න හදනවා. ජනතා විමුක්ති පෙරමුණ පහුගිය කාලය පුරාම ආණ්ඩුවට කඬේ ගියා. ඔවුන් මේ කරන්නේ මේ යහපාලන ආණ්ඩුවට එරෙහිව නැග එමින් පවතින ජනතා විරෝධය යටපත් කිරීමයි. එදා අතුරුදන් වුවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීම සදහා වූ පනත පාර්ලිමේන්තුවේදී සම්මත උනේ රතු අලි පැටවුන්ගේ සහයෝගයෙන්. අද ඔවුන් කියනවා තමන්දේ සංශෝදනවත් ආණ්ඩුව සලකලා නැහැයි කියලා. ඒක තමයි අපි කිව්වේ. මේ අය බලාගෙන හිටියේ විජේවීරට කරපුදේ. ගමනායකලට කරපුදේ හෙලිකර ගන්න. අද ආණ්ඩුව තමන්ට කඬේයන රතු අලි පැටව්ණුත් රවටට්ලා.”

“ඊයේ කැබිනට් ප‍්‍රකාෂක වරයා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මාතරදී කල කථාවක් ගැන කියලා තිබුණා. ජනාධිපතිවරයාගේ තර්ජනය ඔහු හදුන්වලා දීලා තිබුණේ දේශපාලන රහසක් හෙළි කරන්න යනවා කියලයි. මේ රටේ ලොකුම දේශපාලන රහස තමයි යු. එන්. පී. කොටි එකගතාවය. ඒක හෙළි කලේ පහුගිය ජනාධිපතිවරණයේදී තිස්ස අත්තනායක මහත්මයා. ඒ ගිවිසුමේ තිබුණු අත්සන් වල නිවැරදි භාවය මොකක් උනත් එහි සදහන් කරුණු අද ඇත්ත වෙලා තියනවා. එදා තිස්ස අත්තනායක මහත්තයා හෙළි කරපුදේ අද ඇස් පනාපිට ඔප්පු වෙලා. අපිට රටේ නිදහස නැවත අහිමි වෙමින් යනවා. මේකට වගකියන්න ඕනෑ මේ ආණ්ඩුව. සංහිදියාව සංහිදියාව කිව්වට මේ ආණ්ඩුවතුලවත් සංහිදියාව ඇති කර ගන්නට ආණ්ඩුවට නොහැකි වෙලා තියනවා. ජනාධිපතිතුමාගේ තර්ජනය දේශපාලන රහසක් නම් එය දේශපාලන තර්ජනයක් බවයි මගේ අදහස.”

“ජාතික හෙලඋරුමය අද උතුරු නැගෙනහිර සිංහල ජනතාව ගැන කිඹුල් කදුඵ හෙලනවා. මේකත් අර ජනතා විමුක්ති පෙරමුණ වගේම ජනතාව රවට්ටන්න කරන උප්පර වැට්ටියක්. 2015.ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව රවටන්න මුල් වෙච්ච එක කණ්ඩායමක් තමයි ජාතික හෙල උරුමය. උතුරු නැගෙනහිර ඩසිංහල ජනතාවට සිද්ධ වෙලා තියන දේවල් ගැන කිඹුල් ක`දු`ඵ හෙලන ජාතික හෙල උරුමය කොමිසම් ඉල්ලනවා. අපි මේවා ගැන කථාකලොත් මේ අය අපට චෝදනා කරන්නේ ජාතිවාදීන් කියලා. අපේ රටේ ජනතාව මේ ආණ්ඩුව නටන ජෝගිය වටහා ගත යුතුයි. ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික හෙල උරුමයත් ර`ගපාන දවල් මිගෙල් ?දනියල් චරිතය හ`දුනාගත යුතුයි. එහෙම නැතිඋනොත් අපිට සිදු වන්නේ ? වැටුණු වලේ දවල් වැටෙන්නටයි.

ප‍්‍රදීප් අනුරකුමාර

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.