Featured

රනිල්,අර්ජුන් ගහපු ගැහිල්ල ගැන විගණකාඩිපති කල අනාවරණය

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව නිසා මේ වන විට රට තුළ ඉමහත් ආන්දෝලනාත්මක තත්වයක් සෑම ක්ෂේත්‍රයක් පාසාම උද්ගත වි ඇත.
මෙම භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ සිදු වුනා යයි කියන දූෂිත ගණුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපති විසින් පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර කාරක සභාව වෙත ඊයේ විශේෂ විගණන වාර්තාවක්ද ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී විගණකාදිපති විසින් මහ බංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිදු කල ගණුදෙනුව ආශ්‍රයෙන් නිගමනය කර තිබෙන කරුනු පහත දැක්වේ.

* වලක්වාගත හැකිව තිබූ රු :889,358,050 ක ඇස්තුමේන්තුගත අවාසිය සහ වලක්වාගත හකිව තිබූ රු : 784,898,755 ක ඇස්තුමේන්තු ගත අවාසිය ලෙස 2015 පෙබරවාරි 27 සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙකේදි වලක්වා ගැනීමට හැකිව තිබූ එකතුව රු : 1,674,256,805 ක අස්තමේන්තුගත අවාසිය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව බලධාරීන් වගකිවයුතු බව නිගමනය කරනු ලැබේ.

* තවද සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය ගත් 2015 පෙබරවාරි 27 දින සිට 2016 මැයි මාසය දක්වා සිදුකර ඇති බඳුම්කර නිකුත් කිරීම්වලට අදාලව ද ඇස්ත්මේන්තුගත වාසි හෝ අවාසි ගණන කළ හොත් ඉහතින් දක්වන ලද අස්තමේන්තුගත අවාසිය තවදුරටත් ඉහළයාමේ හැකියාවක් පවතීමද බැහැර කළ නොහැක.

* මෙම වාර්තාව සැකසීමේ දී විගණකාධිපති වෙත අනාවරණය වූ කරුණු සහ ඉහත සඳහන් ඡේද වලින් අවධාරනය කර ඇති කරුනු අනුව මහ බැංකු අධිපති විසින් ස්වකීයකාර්යය මෙහෙයවීමේ දී මහ බංකු අධිපතිවරයෙකුගෙන් අපේක්ෂා කරනු ලබන මට්ටමේ වෘත්තිමය විචක්ෂණභාවයකින් යුතුව කටයුතු කර අති බව තහවුරු නොවීය.

* මෙම වාර්තාව පිළියෙල කිරීමේදී විගණකාධිපති වෙත හිමි බලතල හා විෂය සීමාව තුළ කටයුතු කර අති බව අවධාරණය කරනු ලබේ. ඉන් ඔබ්බට සාපරාදී හෝ විගණකාධිපතිට නිගමනය කල නොහැකි මට්ටමේ නීති විරෝධි කටයුතු සිදු වී අතැදැයි යන්න මෙහිදී පරික්ශාවට ලක් නොවුනු හෙයින් එවන් පරික්ශාවක් අවශ්‍ය හැගි යන්නේ නම් ඒ සඳහා විශේෂිත වූ ආයතනයන් හී සහය ලබා ගැනීම සුදුසු බව නිගමනය කරමි.

COP01 COP02 COP03

Top