Breaking
23 Feb 2025, Sun

රනිල්ගේ කොලු අකිලයා කූජීත වේ -මහින්දගේ ආරක්ෂාව ඉවත් කරන්න බෑ මැ:කො

කිසිදු අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ කප්පාදු කිරීමක් සිදු නොකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරනවා.ඔහු කියාසිටියේ, හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාටද හිමි වන බවයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් අඩු කළ යුතු බව පවසමින්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස්වරයා ඒ බව කියාසිටියා.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් පස්වරුවේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවුණා.එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේ, තම පක්ෂයේ නායකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලූ රැසක් හටගෙන ඇති බවයි.

හිටපු අමාත්‍යවරුන් ඇතුළු සන්ධානයේ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව මේ වනවිට ඉවත් කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නා.එමෙන්ම, පසුගිය දා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව ඩලස් අලහප්පෙරුම මහතාට මරණ තර්ජන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසද ප්‍රේමජයන්ත් මහතා කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියා.

මේ අතර, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට තම සන්ධානයේ අපේක්ෂකයන් කැඳවීම තුළින් එය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බවද සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.