Breaking
23 Jan 2025, Thu

රනිල්ගේ ගූ කන මාධ්‍ය හා වෂීඩ් තාජුඩීන්

අන්ත පරාජයේ කරවටක් ගීලී සිටින එක්සත් ජාතික පක්ෂය දැන් අවසන් සතියේ අමුතුම නාඩගම ආරම්භකර තිබේ.එක්සත් ජාතික පක්ෂ නායකයාගේ ගූ බෙට්ට වුවද සුවද බව කියන්නට තරම් ඩොලර් එකකට දෙකකට වුවද දෙකට නැමෙන වෙබ් ගොබිලන් සෙට් එකක් සහ ගම්පහ මනාප පොරයේ සිටින රුවන් සහ රන්ජන්ගේ සටනින් එක දා ගැනිම සදහා රනිල්ට මේ දිනවල දෙකට නොව හතරට නැමි කඩේ යන ලංකාදිප මඩ පුවත් පත් සුදානමින් සිටින බව රටේම ජනතාව දනි.

රාජපක්ෂලාට මඩ ගැසිම ආරම්භ කරමින් ලසන්ත ඝාතනය සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් විම ගැන මහා සද්දේට කෑ ගැසූ මේ රනිල්ගේ ගූ කන මාධ්‍යට අද ලසන්ත හෝ ප්‍රගීත් ගැන වගේ වගක් නැත.ඒ වෙනුවට රීය අනතුරකින් මිය ගිය රගර් ක්‍රිඩකයෙකු සමාජගත කිරිම සදහා විවිධ වර්ගයේ පුවත් මැවිම මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අතර අහකයන එවුන් එම පුවත් හරහා එක දමා ගැනිමට ගන්නා උත්සහයන්ද අම්බානකට තිබේ.

Gonja

 

රාජපක්ෂලාට ගැසු කිසිදු මඩක් ඔප්පු කිරිමට නොහැකිව අසරණව සිටින එජාපයේ අලුත්ම සුදානම 2015 පෙබරවාරි 27 අප අනාවරණය කළා- යෝෂිත කොටු කරන්න දැල එලයි!

[box type=”warning” ]2012 වසරේ මැයි මස 17 වන දින නාරාහේන්පිට උද්‍යාන මාවතේ දි අභිරහස් අන්දමින් සිය මොටර් රථය තුලම ගිනි ගෙන දැවි ගිය වෂීඩ් තාජුඩීන්ගේ නමැති 28 හැවිරිදි රගර් ක‍්‍රීඩකයාගේ මරණය සැක සහිත බවත් ඒ සදහා යෝෂිත රාජපක්ෂගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කිරිමට යහපාලකයෝ පොරකමින් සිටින බව අප LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.[/box]

රනිල්ගේ ගෙස්ටාපෝ පොලිසියේ රහසීගත කුමන්ත්‍රණය 2015 මැයි 31 වැනිදා කළ අනාවරණය –Exclusive:යෝෂිතට එරෙහිව සාක්ෂි දිමට නාවික හමුදාවෙන් පැන්නු සෙබලෙකු සුදානම් කරලා

[box type=”warning” ]Exclusive:රිය අනතුරකින් මිය ගිය වසීම් තාජුඞීන්ගේ මරණය ස්වාභාවිකව සිදුවූවක් නොවන බව පවසමින් රනිල්ගේ ගෙස්ටාපෝ පොලිසියට සාක්ෂි දිම සදහා පුද්ගලයෙකු සුදානම් කරමින් ඉටින බව ආරක්ෂක තොරතුරු අනාවරණය කරන අප විශේෂ වාර්තාකරු පවසයි.අදාළ රිය අනතුර සිදුකිරිම පසුපස මහින්ද රාජපක්ෂගෙ පුත් යෝෂිත රාජපක්ෂ සිටින බවට සාක්ෂි ලබාදිම මෙම පුද්ගලයාට පැවරි තිබේ.[/box]

රිය අනතුරකින් මිය ගිය වසීම් තාජුඞීන්ගේ මරණය ස්වාභාවිකව සිදුවූවක් නොවන බවත් එය යෝෂිත රාජපක්ෂගේ වැඩක් බවත් පවසමින් පලමුව මඩ ගැසිම ආරම්භ කළේ එවකට මංගල සමරවිර විසින් පවත්වාගෙන ගිය lankaleaks.com නැමති මඩ වෙබ් අඩවිය හරහාය.

[box type=”warning” ] පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අමූලික බොරු ගොතමින් වැඩිපුරම මඩ ගැසූ lankaleaks.com , lankaxnews.com යන ඩොමේන් වල අයිතිකරු කවුදැයි මේ වන විට හඳුනාගෙන තිබේ. ඔහු කල්ප පල්ලියගුරුගේ නැමැත්තෙකි.[/box]

අප ඉතා වගකිමෙන් ඔබට කියා සිටිනේ මෙපමණකි.මේ ඝාතනය සම්බන්ධ නාටකය 14 වැනිදා වනතෙක් නටනු ඇත.

රටට සතුරු වෙබ් මාෆියාව නැවතත් කරලියට

රගර් ක්‍රීඩකයාගේ මියයාම ගැන ගහන මඩ අතේ මාට්ටු… සම්පූර්ණ සිද්ධිය මෙන්න.-www.mahinda.info

[1]. සිදුවීම.

(i). 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා රාත්‍රියේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල තාප්පයක සිය මෝටර් රථය ගැටීමෙන් මොහොමඩ් වසීම් තජුඩීන් නමැති ජනප්‍රිය රගර් ක්‍රීඩකයා සිය මෝටර් රථය තුළදීම අවාසනාවන්ත ලෙස පිළිස්සී මිය ගියා.

(ii). පරීක්ෂණ වලින් අනතුරුව පොලීසියත් තීරණය කළේ වසීම් තජුඩීන් පදවාගෙන ආ වාහනය පාලනය කරගත නොහැකි වී තාප්පයක ගැටීමෙන් පසුව එක විටම ගිණි ගත් බවත් එමගින් ඔහුගේ ජීවිතක්ෂය සිදුවූ බවයි. පහත දැක්වෙන්නේ සිරස ටීවී එකේ ඒ ගැන වාර්තාවයි.

[2]. වෙබ් අඩවි මඩ.

(i). ඉන් අනතුරුව ටික කලක් යත්ම එය හදිසි අනතුරක් නොව ඝාතනයක් බව කියමින් පුවත් මැව්වේ lankaleaks.com නැමැති වෙබ් අඩවිය විසිනුයි. මඩ ගැසීම සඳහාම ආරම්භ කළ එකක් බව ඔප්පු කරමින් මේ වන විට එම වෙබ් අඩවිය අන්තර්ජාලයේ ඇත්තේත් නෑ.

(ii). එහිදී එම වෙබ් අඩවියෙන් කියා සිටියේ තජුඩීන්ගේ මරණය පසුපස යෝෂිත රාජපක්ෂ මහතා සිටින බවත්, ඊට හේතු වූයේ යෝෂිතගේත් පෙම්වතිය තජුඩීන් සමග සම්බන්ධතාවයක් පවත්වා ගැනීම නිසා යෝෂිත කළ පළි ගැනීමක් කියලයි. පසුව තවත් මඩ වෙබ් අඩවි ගණනාවකින් එකම පුවත වචන පමණක් වෙනස් කරමින් දිගින් දිගටම පළ කරමින් ගොබෙල්ස්කරනය කළේ තාජුඩීන්ව ඝාතනය කිරීමක් ගැන යෝෂිත මහතාගේ පෙම්වතිය වන යසාරා අබේනායක මෙනෙවිය විසිනුත් චෝදනා කළ බවයි.

(iii). එම මඩ මූලාශ්‍ර කරගනිමින් ඉතාමත් සංවිධානාත්මක ලෙස එජාපයට සම්බන්ධ අනෙකුත් ලියාපදිංචි ජනමාධ්‍ය මාධ්‍ය හරහාත් එම මඩ ප්‍රචාරණය සිදුවුණා.

[3]. මඩ අතේ මාට්ටු.

(i). තජුඩීන්ගේ මිය යාමට යෝෂිත රාජපක්ෂ මහතාව සම්බන්ධ කිරීමට මඩකරුවන් යොදාගත් එකම මූලාශ්‍රය වුයේ යසාරා අබේනායක මෙනෙවිය ඒ ගැන යෝෂිතට එරෙහිව චෝදනා කළ බව කීමයි.

(ii). නමුත් යසාරා අබේනායක මෙනෙවිය, මොහොමඩ් වසීම් තජුඩීන් නැමැත්තෙක්ව කිසිදා දැන නොසිටි බවටත්, එවැන්නෙක් සමග කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණ බවටත් ප්‍රකාශ කර තිබුණා. පහත දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයටම සම්බන්ධ asianmirror.lk වෙබ් අඩවියේ පළ වූ එම පුවතයි. (එජාප වෙබ් අඩවියකින්ම පළ කරන්නේ එජාප පාක්ෂිකයින්ට මධ්‍යස්ථ වෙබ් අඩවි වන්නේ එජාප වෙබ අඩවි පමණක් නිසයි)

[box type=”info” ]Yasara Speaks Up: “I Had No Connection With Wasim Thajudeen” Thursday, 15 January 2015 19:22 Yasara Abeynayake, who was dubbed in certain media reports as the ex-girlfriend of Yoshitha Rajapaksa, told Asian Mirror that she did not even know nor did she have any connection with Wasim Thajudeen, the Rugby player who was killed in a road accident in 2012. Abeynayake, who was formerly the Channel head of CSN, is now attached to a Sri Lankan diplomatic mission in Australia. She made these remarks responding to reports that the Rugby player’s sudden death was linked to an alleged “affair” she had with him.

“Why can’t they let the innocent departed rest in peace? Why are they tarnishing his memory and my reputation by coupling me with a person I have never met in my life?” she asked while asserting that she was not even aware as to how her name had been connected to the death of the Rugby player. Abeynayake also urged news websites to refrain from publishing “unsubstantiated and baseless” reports involving her name. Meanwhile, Asfan Thajudeen, the brother of Wasim Thajudeen, said on his Facebook profile a few days ago that his family did not believe there was any “foul play” in connection with the tragic accidentwhich led to the Rugby player’s death.

“So far not a single proof of evidence has come up to proof otherwise,” he also added. Wasim Thajudeen, a Sri Lankan ruggerite and former Havelock SC captain, was killed in a road accident in Colombo, in May 2012. According to Police, Thajudeen had been driving to the airport when he had lost control of the car and crashed into the wall of Shalika grounds on park road. The car had exploded within seconds of the crash burning the whole car.[/box]

(iii). එම ලිපියේ සඳහන් පරිදි වසීම් තජුඩීන්ගේ සහෝදරයා වන අස්ෆාන් තජුඩීන් මහතාත් ප්‍රකාශ කර ඇත්තේ එකී අවාසනාවන්ත මරණය පසුපස අපරාධයක් සිදුවී ඇති බව ඔහුගේ පවුලේ අයවත් විශ්වාස නොකරන බවයි. පහත දැක්වෙන්නේ තාජුඩීන්ගේ සහෝදරයාගේ ෆේස්බුක් පෝස්ට් එක. මූලාශ්‍රය

asfan-thajudeen

එසේම රජයට අයත් (වර්තමානයේදීනම් එජාප ආණ්ඩුවේ පාලනයට යටත්ව ඇති) සන්ඩේ ඔබ්සවර් වෙබ් අඩවියේත් එලෙස තාජුඩීන්ගේ සහෝදරයා විසින් මඩ චෝදනා ප්‍රතික්ෂේප කිරීම ගැන පළ වී තිබුණා.

Meanwhile, Asfan Thajudeen, the brother of Wasim Thajudeen, said on his Facebook profile a few days ago that his family did not believe there was any “foul play” in connection with the tragic accident which led to the Rugby player’s death. “So far not a single proof of evidence has come up to proof otherwise,” he also added. source: sundayobserver.lk/2015/08/02

(iv). asianmirror.lk පුවත සනාථ කරමින් යසාරා අබේනායක මෙනෙවිය තම ෆේස්බුක් ගිණුමේත් පළ කළා.

yasara

(v). ඊට අමතරව යසාරා අබේනායක මෙනෙවියගේ ෆේස්බුක් ගිණුමේ පළ වූ ස්ටේටස් එකක ස්ක්‍රීන් ශොට් එකක් ලෙස සඳහන් එකක් ෆේස්බුක් පිටුවක තිබී අපට හමු වුණා.
10924750_1392678747700381_5293969308468405952_n[1]

(vi). යසාරා අබේනායක මෙනෙවියගේ සහ අස්ෆාන් තජුඩීන් මහතාගේ එම ප්‍රකාශ සමගම, යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව එජාප මඩකරුවන්ට තිබූ එකම චෝදනාවත් පුස්සක් බවට පත් වී තිබෙනවා.

[4]. තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක්ද නැතහොත් ඝාතනයක් ද?

(i). එය හදිසි අනතුරක් නොව ඝාතනයක් බව කියමින් කෑ ගසන්නේ එජාපයේ සමහර දේශපාලඥයින් සහ ඔවුන්ගේ මඩ වෙබ් අඩවි විසිනුයි. නමුත් වසීම් තාජුඩීන්ගේ සහෝදරයා පවසා ඇත්තේ මෙලෙසයි. සන්ඩේ ඔබ්සවර් හි අදාල ලිපි කොටසේ සිංහල පරිවර්තනය.

ඒ අතර, වසීම් තාජුඩීන්ගේ සහෝදරයා වන අස්ෆාන් තාජුඩීන් දින කිහිපයකට පෙරදී සිය ෆේස්බුක් ප්‍රොෆයිලයෙන් පවසා ඇත්තේ , රගර් ක්‍රීඩකයාගේ අවාසනාවන්ත හදිසි අනතුර සම්බන්ධයෙන් අපරාධයක් සිදුව ඇති බවක් ඔහුගේ පවුලේ අය විශ්වාස නොකරන බවයි. ඊට අමතරව ඔහු පවසන්නේ මේ දක්වා එකදු සාක්ෂියක්වත් ඔප්පු කිරීමට හැකි පරදි පැමිණ නැති බවයි.

(ii). තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් නොව ඝාතනයක් බව මෑතකදී පවසනවා. නමුත් මීට අවුරුදු 3 කට පෙර අදාල පරීක්ෂණ කළේ දේහය පරීක්ෂා කිරීමෙන් පසුවයි. එහිදී තීන්දුව ගැන කිසිදු හෝ සැකයක් තිබුණානම් පවුලේ අය ඉහත ආකාරයෙන් එය ඝාතනයක් නොවන බව පවසන්නේ නෑ.

(iii). සෑම විටකම දෙවන වරට පරීක්ෂණයක් කරයිනම් එය කළ යුත්තේ මෘත දේහය ගොඩ ගැනීමෙන් පසුවයි. ඒ සඳහා පවුලේ අයෙක් පැමිණිලි කර තිබිය යුතු නමුත් එවැන්නක් වර්තා වන්නේත් නෑ. අවුරුදු 3 කට පසුව දේහය ගොඩ ගන්නත් කළින් මෙය එක පාරටම ඝාතනයක් බව ඔප්පු වුණා කියනවා. එනම් යහපාලනයට අනුව පරීක්ෂණ කරන්නේ තීන්දුව දීමෙන් පසුවයි.

(iv). මාස 6 ක් කිසිවක් නොකර ඡන්දයට ඔන්න මෙන්න තිබියදීම ලබන සඳුදා තජුඩීන්ගේ දේහය ගොඩ ගන්නවා. ඊට සතියකට පසු 17 වැනිදා මැතිවරණය පැවැත්වෙනවා.

(v). මෘත දේහ මතින් දේශපාලනය කිරීම එජාපයට අලුත් දෙයක් නොවෙයි. 88/89 කාලය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ, මෑතකදී කොටහේන බ්ලූමැන්ඩල් වෙඩිතැබීම ගත්තත් එහිදී රවි කරුණානායක උත්සාහ කළේ එම මරණය පාතාලයේම දෙපිරසක් අතර ගැටුමක් නොවන බව කීමට සහ එහි වගකීම මහින්ද රාජපක්ෂ මහතාට බැර කිරීමටයි. නමුත් එජාපයේම නීතීඥයින් දෙපළක් වන සුජීව සේනසිංහ සහ ශ්‍රීනාත් පෙරේරාම පවසන්නේ එය පාතාල පිරිස් අතර ගැටුමක් බව ත් ඊට මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ නැති බවයි. එජාපයේම තවත් මූලාශ්‍ර ඇසුරින් mahinda.info මගින් ඒ ගැන ඇත්ත හෙළිදරව් කළා. ඉතින් තාජුඩීන්ගේ දේහය විකුණමින් දේශපාලනය කරන එජාපයේ කෙරුවාව ඒ ආනුසාරයෙන් අපට වටහාගන්නට පුලුවන්.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.