Featured

රනිල්ගේ පුරවැසි සුනඛයෝ අර්ජුන රකින්න පෙරමුණ ගනී

අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස යලිත් පත්කර ගැනිමට නොහැකි වුවහොත් එය එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය ගිලිහි යෑමේ පලමු පියවර විය හැකි බැවින් අර්ජුන් සම්බන්ධයෙන් ඇති චොදනා පිළිබඳව සමාජ මතය වෙනතකට යොමු කිරිමේ මෙහෙයුමක් දියත් කරන ලෙස ‘පුරවැසි බලයේ’අගමැතිවරයා ඉල්ලා සිටි අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් සියල්ලම අග්‍රාමාත්‍යවරයාගේ විසින් ලබාදිමට එකඟත්වය ද පලකර තිබේ.

පුරවැසි බලය හා සාධාරණ සමාජයක් සදහා ව්‍යාපාරව රනිල්ගේ බත් බැලයන් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයට ගෙන්වා ගත් රනිල් පවසා ඇත්තේ…..”මොනවා කරන්නත් අපිට බලය තියෙන්න ඔනෑ….එහෙන් අපේ කට්ටිය පක්ෂය කඩන්න අර්ජුන්ව මැද්දට දාලා අනිත් පැත්තේන් මෛත්‍රීගේ ගොලයෝ එයාලත් බලන් ඉන්නවා මෙකේ වැඩකාරයෝ වෙන්න…” යනුවෙන් පවසා තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මහා බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කල පරීක්ෂණයේ වර්තුව ලැබෙනතෙක් අර්ජුන මහේන්ද්‍රන් මහතා මහා බැංකු අධිපති තනතුරට පත් නොකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර සාකච්ඡාවලින් පසුව එකඟතාව ඇතිකර ගෙන තිබේ.

මිට අමතරව ඉදිරි දින 10 තුල රටේ විවිධ ප්‍රදේශ වල රැස්විම් තබමින් ඒ සම්බන්ධයෙන් ජනතාවගේ මතය වෙනතකට යොමුකිරිම සදහා කටයුතු කරන ලෙසද අගමැතිවරයා දැනුම් දි තිබේන අතර ඒ සදහා මාධ්‍ය වල ඉඩ ලබාදිම සදහා කටයුතු කරන ලෙසද ඒ සදහා සියලුම පහසුකම් සපයන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාගේ සගයා වන සාගල රත්නායක පත් කර තිබේ.ඒ අනුව එහි පලමු රැස්විම හෙට මහජන පුස්තකාලයේ පැවැත්විමටද කටයුතු යොදවා තිබේ.

http://www.lankanewsweb.today/archives/6527

http://www.lankanewsweb.today/archives/7634

Top