Featured

රනිල්ගේ හුජ්ජ කොල්ලාට විශේෂ වරප්‍රසාදයක්!හෙද ආචාර්යවරයා කපා සමන් සංචාරයකට රිංගලා

කොරියාවේ ඉංජේ විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක් සදහා එහි යාමට නියෝජිත පිරිසක් නම් කොට තිබෙන බව  අපට වාර්තාවේ. එම නියෝජිත පිරිස අතර රජයේ හෙද නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් සමන් රත්නප්‍රිය මහතා ද සහභාගි වන බව අපට දැනගන්නට ලැබී ඇත. සමන් රත්නප්‍රිය මහතා මෙම නිරීක්ෂණ චාරිකාවට සම්බන්ධ කරගත්තේ කුමන පදනමක් මත ද යන්න හෙදියන් තුල මෙන්ම අප සංගමය තුලද බලවත් විමතියකට තුඩු දි තිබේන බව නිවේදනයක් නිකුත් කරමින් රා.සේ.එ.හෙ.සංගමය ප්‍රශ්ණ කර සිටි.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,

ගරු ජනාධිපතිතුමා,

ජනාධිපති කාර්යාලය,

කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකා හෙද සේවාව සදහා උපාධියක් ලබා ගැනීම.

හෙද සේවාවේ ගුණාත්මක තත්වය ප්‍රවර්ධනය කිරීම තුලින් ජනතාවට වැඩි යහපතක් සැලසීමේ උදාර පරමාර්ථ පෙරදැරි කරගෙන හෙද සේවා උපාධි පිරිනැමීමේ ක්‍රියාවලියක් ඇති කරන ලෙස මුලින්ම රජයට යෝජනා කර සිටින ලද්දේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය බව සැලකුව මැනවි. ඒ 1991 දීය. එම ක්‍රියාවලියේ පියවරක් ලෙස

  • මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා – පීඨාධිපති වෛද්‍ය පීඨය කොළඹ විශ්ව විද්‍යාලය.
  • මහාචාර්ය මැල්කම් ප්‍රනාන්දු මහතා – පීඨාධිපති වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය.
  • මහාචාර්ය හෙට්ටිආරච්චි මහතා.
  • මහාචාර්ය ඩබ්.ඒ.එස්.සිල්වා මහතා – රුහුණු විශ්ව විද්‍යාලය.
  • මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි – ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
  • වෛද්‍ය එම්.ඒ.එල්.ආර්.පෙරේරා මහතා – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශය.
  • වෛද්‍ය එච්.එච්.ආර්.සමරසිංහ මහතා – ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
  • පී.රණවීර මහතා – නියෝජ්‍ය ලේඛකාධිකාරි.

යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කොට ඒ සදහා කෙටුම්පත් සකස් කරන ලදී. සියලු විස්තර ලේඛන අප සතුව ඇත. ඉන් අනතුරුව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, ආර්.ප්‍රේමදාස ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, උසස් අධ්‍යාපන අමාත්‍ය විශ්වා වර්ණපාල මැතිතුමා, අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා යන අයගේ සහභාගිත්වයෙන් නිරන්තරවම සාකච්ඡා පැවැත්වූහ.

කුමන හෝ ආකාරයකින් ප්‍රශ්ණ ඇදී ඇදී ගියත් එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එස්.බී.දිසානායක උසස් අධ්‍යාපන ඇමතිතුමා, විශ්වා වර්ණපාල මැතිතුමා හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරින් සමඟ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙ දී පවත්වා එය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ඔබතුමා සෞඛ්‍ය ඇමතිතුමා කාලයේ සිට උපදෙස් දුන් බව අපට මෙන්ම ඔබතුමාට ද මතක ඇතැයි අපි සිතමු.වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ද මේ පිළිබද සාකච්ඡා පැවැත්වූහ. කෙතෙකුත් සාකච්ඡා පැවැත්වූවත් මේ ප්‍රශ්ණය දිනෙන් දිනම කල් මැරූ බව ඉතිහාසය සාක්ෂි දරයි.

කරුණු මෙසේ තිබියදීත්, නැවත වාරයක් සෞඛ්‍ය අමාත්‍යාංශය අප සංගමයේ ඉල්ලීම පරිදි තවත් කමිටුවක් පත් කොට ප්‍රමාද වීමට ඇති හේතුත්, ඇතිවන ගැටලුත් සොයා බැලීමට ක්‍රියා කල බව ද වාර්තා වී ඇත.අපේ එකම ඉල්ලීම වූයේ දැනට සේවාවේ නියුතු වූවන්ට එම වරප්‍රසාදය ලබාදී අභිනවයෙන් ඇතුලත් වන සියලු දෙනාම උපාධිධාරින් බවට පත් කොට ගුණාත්මක හෙද සේවාවක් පවත්වාගෙන යාමයි.

වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා හෙද සේවාවට උපාධියක් ලබාදීමට තමන් කටයුතු කල බව පෙන්වා දීමට මේ ප්‍රශ්ණය කනපිට පෙරලා බංකොලොත් වෘත්තීය සමිති සම්බන්ධ කරගෙන ඒ සදහා ලකුණු ලබා ගැනීමට උත්සාහ කරන බව ද අපි දනිමු. ඒ ගැන අපට ප්‍රශ්ණයක් නැත. විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිළිබද කරුණු සොයා බැලීමට එයට අනුග්‍රහය ලබාගැනීමට කොරියන් සම්බන්ධතාවයක් ද ඇති කරගත් බව අප දනිමු. ඒ අනුව කොරියාවේ ඉංජේ විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක් සදහා එහි යාමට නියෝජිත පිරිසක් නම් කොට තිබෙන බව  අපට වාර්තාවේ. එම නියෝජිත පිරිස අතර රජයේ හෙද නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් සමන් රත්නප්‍රිය මහතා ද සහභාගි වන බව අපට දැනගන්නට ලැබී ඇත. සමන් රත්නප්‍රිය මහතා මෙම නිරීක්ෂණ චාරිකාවට සම්බන්ධ කරගත්තේ කුමන පදනමක් මත ද යන්න හෙදියන් තුල මෙන්ම අප සංගමය තුලද බලවත් විමතියකට තුඩු දී ඇත.

හෙද අධ්‍යාපනය පිළිබද හදාරන හෙද ආචාර්ය වරයෙක් ඒ සදහා සහභාගි කරවීම සදාචාරාත්මක වුවත් ඇමතිගේ බලතල පාවිච්චි කරමින් වෘත්තීය සමිති නායකයෙකු සම්බන්ධ කිරීම පිළිබද සමස්ථ හෙද කාර්ය මණ්ඩලයේ බහුතරයකගේ දැඩි විරෝධතාවය පලකර සිටින අතර මෙම නිරික්ෂණ චාරිකාවට වෘත්තීය සමිති නියෝජනය ඉවත් කොට හෙද අධ්‍යාපන සේවයේ නියුතු ආචාර්ය වරයෙක් හෝ විදුහල්පතිවරයෙක් ඒ සදහා සම්බන්ධ කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

ඔබතුමා රටේ රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් පසු ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ද උපදෙස් මත යහපාලන රජය තුලින් මෙවන් අසාධාරණ අකටයුතුකම් සිදු කරන්නේ නම් එය යහපාලන රජයට තරම් නොවනු ඇත. හෙද කාර්ය මණ්ඩලයට විශ්ව විද්‍යාල වරම් ලබාදීමට ක්‍රියා කල නායකයින් අතර රනිල් වික්‍රමසිංහ වර්තමාන ගරු අග්‍රාමාත්‍යතුමා ද එදා කැපී පෙනුනි. එය නොපමාව ක්‍රියාත්මක කරලීමට ඔබතුමා අදාල නිලධාරින්ට කඩිනමින් උපදෙස් ද දුන්හ.

මේ සියල්ලම සාධාරණ වුවත් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ නිලධාරියෙකු මේ නිරික්ෂණ චාරිකාවට ඇතුලත් කිරීම තුල යහපාලනයක් තිබේද? සාදාචාරයක් තිබේදැයි අපි ප්‍රශ්ණ කරමු. ඇමතිවරයාගේ බලතල පාවිච්චි කරමින් මෙවන් අසාධාරණ ක්‍රියාදාමයන් තවදුරටත් සිදුකරන්නේ නම් ඒ පිළිබද ඉදිරියේදී අප සංගමයට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවනු ඇත. ඇතැම් විටක අප වෘත්තීය ක්‍රියාමාර්ගයන් මර්ධනය කිරීමට සමහරුන් කටයුතු කිරීමට ක්‍රියාකරනු ඇතැයි අප විශ්වාස කරමු. ඇතැම් ඇමතිවරු ද දැනටමත් මාධ්‍ය හරහා පුරසාරම් දෙඩමින් බංකොලොත් බෝඩ්ලෑලි සංවිධාන වලට පන පෙවීමට ද ක්‍රියාකරන බව අපි දුටුවෙමු.

ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාට කිරීමට නොහැකිවූ දේවල් තවත් කෙනෙකුට සිදුකිරීමට හැකිවේ දැයි අපි ප්‍රශ්ණ කරමු. කෙසේ වෙතත් වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා මේ සියල්ලම දැන දැන අතීතය පිළිබද මනා දැනුමක් ඇතිව වර්තමානයේ කරන මේ අසාධාරණ , අකටයුතුකම් තුලින් ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ජේ.ආර්.යුගයක් ඇතිවන බව පමණක් අපි වගකීමෙන් යුතුව ඔබට පෙන්වා දෙමු.

කරුණු මෙසේ හෙයින් කොරියානු විශ්ව විද්‍යාල චාරිකාව නියෝජනය කිරීමට නම් කොට ඇති සමන් රත්නප්‍රිය මහතා ඉවත් කොට ඒ සදහා හෙද ආචාර්යවරයෙකු නම් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

මේ පිළිබද ඇමතිවරයාගේ නිගමනය හැරෙන තැපෑලෙන් අපි අපේක්ෂා කරමු.

මෙයට විශ්වාසී,

පිටපත්-

  • ගරු අග්‍රාමාත්‍යතුමා.අග්‍රාමාත්‍ය කාර්යාලය, කොළඹ.
  • ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ 10.
  • සෞඛ්‍ය ලේකම්තුමා, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ 10.
Top